විධායක ජනාධිපති ඕන ඇයි?
විධායකය අහෝසි කරන්න ඕන කියන මෝඩ අදහසක් මමත් මීට අවුරුදු කීපයකට පෙර දරලා තියෙනවා. නමුත් ඒ පිලිබඳ ගිය දේශපාලන සංවාද වැඩසටහන්, මෙන්ම ආචාර්ය නලින්ද සිල්වා ගේ තාර්කික අදහස් ලිපි ලේඛන කියවීමෙන් පසු මම ඒ මෝඩ අදහස වෙනස් කරගත්තා. මට විධායක ජනාධිපති ධුරයේ වැදගත්කම අවබෝධ වුයේ ඉන් පසුවයි. ඩි.බී විජේතුංග වගේ කෙනෙක් ඇරුණම ජේ ආර්ගේ සිට අද දක්වා බලයට ආව හැම කෙනෙක්ම වාගේ මේ විධායක බලය අවභාවිත කර තිබෙන බව ඇත්තයි. ඒ හේතුව මත හෝ වෙනත් හේතු මත මෙය අහෝසි කරනවා කියන්නේ මහගෙදර බිත්ති ගරා වැටී ඇති වරදට මහලු මව මරා දානවා වගේ වැඩක්.
අපේ වගේ අශීලාචාර දේශපාලන සංස්කෘතිකයක් තියෙන රටක් පාලනය කරන්න විධායක බලය නැතුව බෑ. මන්ත්‍රීවරු සුළු සුළු ප්‍රතිලාභ වලටත් එහා මෙහා වෙනවා.කොයි වෙලාවෙත් විපක්ෂය බලන්නේ ආණ්ඩුවේ කොපමණ හොද වැඩක් උණත් කඩාකප්පල් කරන්න. මතක ඇති යුද්ධය ඉවර කරන්න ආසන්න වෙද්දී පවා කුහකකමින් විපක්ෂය කොච්චර කකුලෙන් ඇද්දද ? අලිමංකඩ පාමංකඩ කතා තොප්පිගල කැලයයක් ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් වගේ කතා අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ. ඒ තුළ තිබුනේ තනිකර කුහක කඩාකප්පල්කාරී බවක්. වචනයකින් උනත් කලේ චිත්ත ධෛර්ය නැසීමක්. අය වැය පරද්දලා ආණ්ඩු වෙනස් කරන්න හැදුවා. විධායක බලය නොතිබුනා නම් තනිකර අච්චාරුවක් වෙනවා. විධායකය නැති කරලා බලය පාර්ලිමේන්තුවට දෙන්න හදන්නේ එවැනි තුච්චයන් ඉන්න තැනකට ද? බලය ස්ථාවර කරගන්න විධායකය අවශ්‍යයි. මෛත්‍රීට විධායක බලය තිබුනට වැඩක් නැති වී තිබෙන්නේ ඔහුට ජනබලයක් නැති නිසා. එජාප ජනබලය මතයි යැපෙන්න සිදුවී තිබුණේ. සමහරු තර්ක කරනවා විධායකය ප්‍රයෝජනවත් නම් මෛත්‍රී උදාහරණයට අරන් එයාගෙන් වුණ වැඩේ මොකක්ද කියලා. මේවා තක්කඩි ප්‍රශ්න.
රාජපක්ෂලාගෙන් පස්සේ රටත්, ජනතාවත්, දේශපාලනයත් ඉවරයි. මහපොළවත් ගිලා බහිනවා වගේ සිතුවිලිවල ඉන්න අයට නම් විධායක බලය ඔවුන්ගෙන් පස්සේ අවශ්‍ය නොවේවි. ඒත් තව අවුරුදු 100 කින් එන කෙනෙක්ට වුනත් රට අරාජික නොවී පාලනයක් ගෙන යන්න නම් බලයක් තියෙන්න ඕන. ත්‍රස්තවාදය වුණත් කවදා කොහොම ඇතිවෙයි ද දන්නෙත් නැහැ. බැසිල්ට මහින්දට බැරි වුනාට ගෝටා වගේ පුළුවන් අය ඉන්නවා විධායක බලයට පත්වෙන්න. බැසිල්, රනිල් වගේ ජන ප්‍රසාදයක් නැති චරිත වලට කවදාවත් විධායක බලයට එන්න බෑ කියලා අනාගතේ එහෙම පුළුවන් අයට ඉඩ අහුරන එක වැරදියි.මහින්දට එන්න බැරි බාධකය 19 නිසා කඩන්න බැරි මිදි තිත්තයි කියා හිතන එකත් වැරදියි. කරගන්න තියෙන්නේ විධායකය අහෝසි කිරීම නොව 19 අහෝසි කිරීමයි. ජවිපෙ ඇතුළු එන්ජිඕ නඩය ඕක අහෝසි කරන්න කියන්නේ හොදකට නෙමෙයි. ඒ අයට රට පාලනය කරන්න පුළුවන් වෙන්න. පේනවා නේද ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශයක් ගණන් ගන්නේ නැහැ. අනික නව මැතිවරණ ක්‍රමය අනුව දිනලත් බලය පිහිටුවන්න බැරි අමාරුව. සමහර විට ජවිපෙ කෙනෙක් දෙන්නෙක් කැමති කෙනා තමයි සභාපති වෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්නා හසුරුවනවා පළාත් සභාවම. ජවිපෙ වැනි කුහක පක්ෂයකට ඒ අවස්ථාව ලැබෙනවා කියන්නෙම ආණ්ඩුව, රට දෙකම අරාජික වෙන්න හේතුවක්. ඊළගට පළාත් සභා තියෙනකම් මේක අහෝසි කරන්න හොද නැහැ. භයානකම දේ මේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් ගෙන්න බැරි වුණාම විධායකය අහෝසි කරලා 13 සංශෝධය සම්පුර්ණ ක්‍රියාත්මක කළාම නව ව්‍යවස්ථාවක් ගෙනත් කරගන්න ඕන දේ තියෙන ව්‍යවස්ථාවෙන්ම කරගන්න පුළුවන්.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
694 Viewers





