• Home »
  • Sinhala Articles »
  • විරුවන් මරුවන් කිරීමේ ද්‍රවිඩ සංධාන මෙහෙයුම

විරුවන් මරුවන් කිරීමේ ද්‍රවිඩ සංධාන මෙහෙයුම

(Courtesy of The Island)

සමූලඝාතනය අපරාධ ගැන පරීක්‍ෂා කිරීමට ක‍්‍රියා නොකිරීම නිසා ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන ලෙස අපි ඉල්ලා සිටිමු.

ද්‍රවිඩ සංධානය ප‍්‍රමුඛ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ලබන පෙබරවාරි 22 දා ආරම්භවේ. ශ‍්‍රී ලංකාවේ හමුදා විරුවන් මරුවන් කිරීම සඳහා කොටි රූකඩය ලෙස ක‍්‍රියා කළ ද්‍රවිඩ සංධානය ප‍්‍රමුඛ කොටි ඩයස්පෝරාව 2021 වසරේදී ඒකරාශීවන බව 2020 වසරේ මුලසිටම අපි අනතුරු ඇ`ගවූයෙමු.

එහෙත් සතුරන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට රජය අසමත් විය. දැන් සතුරන් ඒකරාශී වී තිබේ.

මේ සතුරු පාර්ශව කවුරුන්ද?

ආර්. සම්බන්ධන් – ද්‍රවිඩ සංධානය,
ජී. පී. පොන්නම්බලම් – ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂය,
සී. විග්නේශ්වරන් නායක – තමිල් මක්කල් තේසීය කොටානි,
ලියෝ ආම්ස්ට්‍රෝන් පියනම – ටැමිල් හෙරිටේජ් පෝරම් මුලතිව්,
සබාරත්නම් සිවගොයිනාදන් – නැගෙනහිර සිවිල් සංවිධාන සංසදය,
රාසලිංගම් විග්නේෂ්වරන් -අම්පාර සිවිල් සංවිධාන සංසදය,
අමරසිංහම් ගජෙන්තිරන්- ද්‍රවිඩ සිවිල් සංවිධාන සංසදය,
යෝගරාජා කනකරාජන්- උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංවිධානය,
සුබ‍්‍රමනියම් සිවභාරන් – තමිල්කේසයි වාල්වුරිමාසි ඉසන්කාරි වේලන් ස්වාමිනල්,
සිවගුරු අනිනම් – ත‍්‍රිකුණාමල රදගුරු නොයෙල් එමානුවෙල්.

පසුගිය සිකුරාදා මොවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අයත් සාමාජික රටවල් 47 කට සංදේශයක් යවමින් සන්නද්ධ අරගලයේදී සිදුකළ ම්ලේච්ඡු අපරාධ ගැන පරීක්‍ෂණ කිරීමට රජය අපොහොසත්වීම නිසා නව ජිනීවා යෝජනාවක් ගෙන එන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

මෙම සංදේශයේ ශ‍්‍රී ලංකාව සමූලඝාතන කළ බවට ද දක්වා තිබුණි.

මෙම සතුරු පිරිස ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන අවස්ථාවේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තාවක් කෙටුම්පත් කිරීමේ යෙදී සිටී.

මෙම පසුබිම මැද ද්‍රවිඩ සංධානය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටින ඉල්ලීම් මෙසේය.

1. සමූලඝාතන යුද අපරාධ ගැන සහ මානව සංහතියට එරෙහි අපරාධ ගැන විමර්ශනය කිරීම සඳහා නව යෝජනාවක් මගින් ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට යොමු කර ඉන්පසු ජාත්‍යන්තර අධිකරණයට හෝ වෙනත් වගකිවයුතු යාන්ත‍්‍රණයකට යොමු කිරීම.

2. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාපති විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව පියවර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත යොමු කිරීම

3. ශ‍්‍රී ලංකාවේ සිදුවන උල්ලංඝනය කිරීම් ගැන සාමාජික රටවල් විසින් නිරීක්‍ෂණය කිරීම

4. සිරියාවේ සිදු කළා මෙන් සාක්‍ෂි එක්රැුස් කිරීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතුයි.

මෙම ඉල්ලීම් සෘජුව ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ රජයට සහ ආරක්‍ෂක හමුදාවට එරෙහිවය.

මේ අයුරින් ඉන්දීය රජයට සහ ඉන්දීය ආරක්‍ෂක හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉන්දියාව ඉඩදේද?

ද්‍රවිඩ සංධානය සහ ඔවුන්ට සම්බන්ධ පාර්ශ්ව මෙම සංදේශය මගින් සිදු කර ඇත්තේ රාජද්‍රෝහි ක‍්‍රියාවකි.

ශ‍්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන් ඊ. පී. ආර්. එල්. එෆ්. ටෙලෝ සහ ප්ලොට් යුද අපරාධකරුවන් වේ. එසේම ද්‍රවිඩ සංධානය කොටි රූකඩයකි. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යයේ කොටි හිතවාදී සංවිධාන 2001 ද ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවට සම්බන්ධ වී සිටිති. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් රජය නිදහස් කළ කොටි අපරාධකරුවන් 12,000 ක් සහ රැුඳවුම්භාරයේ සිටින කොටි 82 කට එරෙහිව ජිනීවා චෝදනා ද ජිනීවා යෝජනාවට ඇතුළත් කළ යුතුය.

එසේම ඇඩෙලා බාලසිංහම් ප‍්‍රමුඛ හිටපු කොටි හමුදා නායකයන් 27 ක් බි‍්‍රතාන්‍යයේ සිටිති.

මේ අපරාධකරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල නොවන්නේ මන්ද?

මේ තත්ත්වය මැද 2021 මාර්තු මස දෙවැනි සතියේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව නව ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. රටවල් කුමක්ද?

කැනඩාව – ගෝත‍්‍රික කාන්තාවන් සමූලඝාතනය කිරීමේ චෝදනා එල්ල වී ඇත.

ජර්මනිය – නැම්බියානුවන් සමූලඝාතනය ඇමරිකානු අධිකරණයේ නඩුවක් තිබේ.

උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ – යුද අපරාධ චෝදනා රැුසක් එල්ල වී ඇත.

බි‍්‍රතාන්‍යය – ඉරාකයේදී සිදු කළ යුද අපරාධ චෝදනා

එසේ නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ යුද අපරාධ සිදු කළ රටවල් නොවේද?

මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප‍්‍රකාශ කිරීමට රජයට නොහැකිද?

මේ හැර යුද අපරාධ චෝදනා ලක් වූ බි‍්‍රතාන්‍ය සෙබළුන් බේරා ගැනීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පසුගියදා පනතක්ද සම්මත කළේය.

මෙය බි‍්‍රතාන්‍යයේ දෙබිඩි පිළිවෙතයි.

බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් තම සෙබළු ගලවා ගැනීමට පනතක් සම්මත කරද්දී ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ යෝජනාවක් ගෙන එන්නේ කෙසේද?

මෙහිදී කොන්දක් ඇත්නම් රජය මෙවැනි අභියෝගයක් කළ යුතුයි.

බි‍්‍රතාන්‍ය මැසිඩෝනියාව මොන්ටිනිග්රෝ ජර්මනිය සහ කැනඩාව යන රටවල් ඔවුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැනද විමර්ශනය කිරීමට ජිනීවා යෝජනාවක් ගෙන එන්නේ නම්
ලංකාව ද එලෙස සිදු කරන බව ශ‍්‍රී ලංකා රජය කිවයුතුයි.

මෙම පසුබිම මැද ඉහත කී රටවල් කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ 600 කට වඩා සෙවීමට ක‍්‍රියා කර නැත.

එහෙත් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ද ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඉදිරිපත් වී ඇත.

ඊට අමතරව ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන පර්ල් නමැති රාජ්‍ය නොවන සංවිධානය ද ශ‍්‍රී ලංකාවට දඬුවම් කළ යුතු බව පවසා තිබේ.

මෙවන් පසුබිමක් මැඳ ද්‍රවිඩ සංවිධානය ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම්, විග්නේශ්වරන් සම`ග එක් වී ඇති පිරිස කවුදැයි රජයේ බුද්ධි අංශ නිරීක්‍ෂණය කළ යුතුය.

මන්දයත් මුලතිව් හෙරිටේජ් පෝරම් සංවිධානය වෙනුවෙන් සංදේශයකට අත්සන් කර ඇති ලියෝ ආම්ස්ට්‍රෝන් නැගෙනහිර සිවිල් සංසදයේ සබාරත්නම් සිවයෝගනාදන් අම්පාර සිවිල් සංසදයේ රාසලිංගම් විග්නේශ්වරම් සිවගුරු අකිනම් සංවිධානයේ වේලන් ස්වාමිකල් තමිල් තේසීය වඞ්රිමාල් ඉයන්නම් සභාපති සුබ‍්‍රමනියම් සිවහාරන් ත‍්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල් සහ අතුරුදන් වූවන්ගේ සංවිධානයේ සභාපති යෝගරාසා කනගරාජන් නමැත්තන් හිටිහැටියේ මතු වී ඇත. මොවුන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ යුක්තිය ඉටු කරන ලෙසයි.

එහෙත් හමුදා භටයන් 5000 ක් අතුරුදන් වී ඇත. මෙම හමුදා භටයන්ට සිදු වූ දේ මෙතෙක් හෙළි වී නැත. එසේ වූවත් ආරංචි මාර්ග පැවසූවේ මෙම හමුදා භටයන් මරා පුළුස්සා ඇති බවයි. එසේ නම් එම භටයන් වෙනුවෙන් යුක්තිය ඉටු වී නැත.

මේ තත්ත්වය මත ශ‍්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නම් සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, සී. සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙයිකලනාදන්ට ද යුද අපරාධ චෝදනා එල්ල විය යුතුයි.

එහෙත් මොවුන් නීතියෙන් ගැලවී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ලෙස පත් වී සිටිති.

මේ නිසා යුක්තිය ඉටුවීමට නම් උතුරේ සිටින කොටි 12000 ක්ද ඊ. පී. ආර්. එල්. එෆ්., ටෙලෝ ප්ලොට් සහ තමිල් අරසු කච්චි නායකයන් ද ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතුයි.

මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මෙරටට පැමිණි අවස්ථාවේ ද්‍රවිඩ සංධානය සිදු කළ අපරාධ ගැන විමසූ විට ඇය පැවසූවේ ඒ ගැන රජය පියවර ගත යුතු බවයි.

මේ අතර යාපනය විශ්වවිiාලයේ තිබූ කොටි ස්මාරකය ඉවත් කිරීම බි‍්‍රතාන්‍යයේ සිට ප‍්‍රංශය හරහා කැනඩාවට ද වාර්තා විය. කැනඩාවේ කොටි හිතවාදීන් මෙම සමරුඵලකය ඉවත් කිරීම ගැන විරෝධතා පවත්වනු ලැබුවේ බෙන්ස්, බී. එම්. ඩබ්ලිව්, අවුඩි සහ අලූත්ම ඩබල් කැබ් වාහන පෙළපාලියකිනි. මේ හැර තමිල්නාඩුවේ වයිකෝ, ගෝපාලස්වාමි, තොල් තිරුමාවලන් සහ කොටි හිතවාදින්ද යාපනයේ කොටි ස්මාරකය ඉවත් කිරීම ගැන විරෝධය දක්වා ඇත.

මෙහිදී රජය අවධානය කළ යුතු ප‍්‍රධාන කරුණ නම් අපේ හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ යුද අපරාධකරුවන් කිරීමට උතුරු නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයන්ට හැකි නම් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට රජයට නොහැකි මන්ද යන්නයි.

එසේම රජයේ බදු මුදල්වලින් යැපෙන ද්‍රවිඩ දේශපාලකයන් විදේශ රටවල් සම`ග එක් වී හමුදාවට එරෙහිව කි‍්‍රයා කිරීම බරපතල රාජද්‍රෝහී ක‍්‍රියාවකි. (්‍යසටය ඔරුිදබ* එසේ නම් රාජද්‍රෝහීන්ට එරෙහිව පියවර ගැනීමට රජය පසුබට වන්නේ මන්ද?

මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රහස් තොරතුරු විදේශ තානාපති කාර්යාලවලට ලැබීමේ සිද්ධියක් ගැන හෙළි වී ඇත.

යහපාලන රජය සමයේ ද කල්තියා එවන් රහස් තොරතුරු ජිනීවා වෙත ලැබී තිබුණි. එසේම වත්මන් රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ගැන තීරණය ද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට වාර්තා විය. එසේ නම් සතුරන් තවදුරටත් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අපේ තානාපති කාර්යාලවල සිටින බව රජයේ බලධාරීන් අවබෝධ කරගත යුතුය.

මේ අතර මේ දිනවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන්නේ කුමක්දැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නේ නැත. බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ සහ ස්විස් කොටි ක‍්‍රියාකාරීහු මානව හිමිකම් කවුන්සිලයට පැමිණ එහි නිලධාරීන් සහ ජිනීවාහි විදේශ තානාපති නිලධාරීන් සම`ග රහස් සාකච්ඡුා පවත්වති.

ජිනීවා නුවර ආරංචි මාර්ග පැවසූවේ කොටි හිතවාදීහු 10 ක් ඊට සම්බන්ධ වී ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය



39 Viewers