• Home »
  • Sinhala News »
  • වීසා කැන්සල් වූ බ්‍රිතාන්‍ය තරුණිය අරගලය ජාත්‍යන්තරයට ගෙනයයි !

වීසා කැන්සල් වූ බ්‍රිතාන්‍ය තරුණිය අරගලය ජාත්‍යන්තරයට ගෙනයයි !

ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය

(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන පියුමි බණ්ඩාර BBC යට ප්‍රකාශකර තිබුනේ, අගෝස්තු 15 වැනිදා (සඳුදා) සිට ක්‍රියාත්මක වන පරිදී ඇයගේ වීසා අවලංගු කොට ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු විසින් අත්සන් කරන ලද නිවේදනයකට අනුව ඇයට මෙලෙස රටින් පිටවන ලෙස නියෝග කර ඇත්තේ ඊයේ (10) දිනයි.

insta a

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිලී ෆීසර්ට රටින් පිටවන ලෙස දන්වා එවූ ලිපිය තම ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුමේ පළකළ තුබූ අයුරු

මෙම තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය පසුගිය සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැණුනි.

වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්‍රය තම විමර්ශන ඒකකය භාරයට ගෙන විමර්ශනය කිරීමෙන් පසු ඇයගේ වීසා අවලංගු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඉන්පසුව දින හතක් ඇතුළත අගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුණු අතර ඒ අනුව පසුගිය සඳුදා ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

“වීසා එකක් දෙන්නේ ඒ කොන්දේසි මත වැඩ කරන්න පමණයි. ඒ කොන්දේසි උල්ලංඝණය කරන්න බැහැනේ” පියුමි බණ්ඩාර BBC යට පවසා තිබිණ.

මෙලෙස විසා කොන්දේසි කඩ කරන විදේශිකයින් වහාම පැය 24ක් තුල රටින් පිටුවහල් කිරීම හෝ විසා සම්බන්ධවූවන් රඳවා ගෙන ප්‍රශ්න කරන මිරිහාන රැඳවුම් මධස්ථානයේ යොමුකිරිම හෝ ස්වෙච්ජාවෙන් රටින් පිටවන ලෙස දැනුම් දීම තම ආයතනයේ සාමාන්‍ය සම්ප්‍රදාය බව පැවසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වැඩිදුරටත් කියා සිටියේ ස්වෙච්ජාවෙන් රටින් පිටවයන ලෙස ඇයට දැනුම් දුන් බවයි.

ඒ අනුව කිලී ෆීසර් අගෝස්තු 15 වැනිදා වන විට මෙරටින් පිටව යා යුතු වෙයි.

ඇසුරුකළ පුද්ගලයින් ගැන විශේෂ විමර්ශනයක් !

මේ අතර එම විදෙස් තරුණිය හා ඇය ඇසුරුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් මේවනවිට විශේෂ විමර්ශනයක්  ආරම්භකර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි පවසමින් 2019 වරින් වර මෙරටට පැමිණ ඇති මෙම තරුණිය මෙතෙක් වෛද්‍ය ප්‍රතිකාර ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් බව එම විමර්ශන අනුව අනාවරණය වී තිබේ.

# 2019 -08- 17 පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම තරුණිය විසා දීර්ඝ කර ගනිමින් 2019 -10- 08 දින තෙක් මෙරට රැඳී සිට යලි විදෙස්ගතව තිබේ.

# අනතුරුව යළි 2019 -12-04 ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම තරුණිය 2020 – 03-03 යළි පිටව ගොස් ඇත.

# 2021-03-09 දින ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණ අතර ඉන් අනතුරුව මෙතෙක් දිවයිනේ රැඳී සිටියි.

මෙරට රැඳී සිටි කාලය තුල ඇයගේ හැසිරීම සම්බන්ධයෙන් මේවනවිට බොහෝ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඇය ඇසුරුකළ ප්‍රභූ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ආරම්භ වී ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ඇයට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාදෙන ඇති ආරක්ෂක අංශ බලධාරීන් ඇය සමග සමීපව ඇසුරුකළ බව කියන වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පිළිබඳවත්, මාධ්‍යවලට සම්බන්ධ ‘යහියා’ නමැත්තකු සම්බන්ධවත් වැඩිදුරටත් කරුණු විමර්ශනය කරමින් සිටින බව වාර්තාවේ.

එසේම, ඇයට මෙරට ජීවත්වීමට අවශ්‍ය මුදල් හා වෙනත් පහසුකම් ලබාදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවති.



58 Viewers