වෙසක් උත්සවයේ ඓතිහාසික පසුබිම
වෙසක් උත්සවයක් ලෙසට කවදා ආරම්භ වූයේ යැයි ද නිශ්චිතව කිව නොහැකි වුවද අනිවාර්යයෙන්ම මහින්දාගමනයෙන් පසුව වෙසක් උත්සවයේ ආරම්භය ද සිදු වූ බවට නම් සැකයක් නැත. ක‍්‍රි. පූ. 250 දී පමණ දේවානම්පියතිස්ස රජතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුර අගනුවර මුල්කරගෙන වෙසක් උත්සවයක් පැවැත්වූ බව ද සරසන ලද වාහනයක බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කරවා නගරයේ පෙරහැරකින් චාරිකා කළ බව ද දැක්වේ. අනුරාධපුර යුගයේ වෙසක් උත්සවය පැවැත්වූ බවත් එසේම දුටුගැමුණු රජතුමා සිය මහා ථූපය හෙවත් ස්වර්ණමාලි චෛත්‍යයට මුල් ගල් තැබීම ද සිදු කරන ලද්දේ වෙසක් දිනයක බවත් ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සිය මහාවංශය තුළින් පෙන්වා දෙයි. දුටුගැමුණු මහ රජතුමා ක‍්‍රි. පූ. 161-137 දක්වා රාජ්‍ය කිරීමෙන් පුරා වසර 24 ක් තිස්සේ වෙසක් උත්සවය සැමරුවාට සැකයක් නැත.
—When the wherewithal to build was thus brought together he bega the work of the Great Thupa on the full-moon day of the month Vesakha” when the Visakha-constellation had appeared˜
(Wilhelm” Geiger( Mahavansaya” Capitel 29″ Vers 1)
භාතිකාභය රජතුමා ක‍්‍රි. පූ. 66-38 දක්වා රාජ්‍ය කළ අතර එතුමා වසර 28 ක් (පාලි: අට්ඨවීසති මහා වෙසාක පූජා* වෙසක් උත්සවය පැවැත්වූ බව මහා වංශය කියයි. සෑම වෙසක් උත්සවයකටම එතුමා කිරිබත්, මීපැණි, බටර් සහ හකුරු ගෙනවිත් බුදුරජාණන් වහන්සේට පූජා කළ බව ද මහාවංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. වසභ රජතුමා ක‍්‍රි. ව. 67-11 පුරා වසර 44 ක් ලක්දිව රජ කළ අතර එතුමා වසර 44 ක් ම වෙසක් උත්සවය සැමරූ බව ගගර් සිය මහාවංශයේදී පෙන්වා දෙයි.
(Pali( „Catuta?iisa vassani pure rajjamakarai – Catuta?iisa vesakha
pujayo ca akarai’& When the king had constructed many bathing-tanks
here and there in the capital he brought water to them by subterranean
canals’ And in this way carrying out various works of merit king Vasabha
did away with the hindrances ^to long life&” and delighting perpetually
in well doing he reigned forty-four years in the capital’ He appointed also
forty-four Vesakha-festivals’˜
(Geiger” Wilhelm( Mahavansaya” Capitel 35″ Vers 98-100)
වෝහාරිකතිස්ස රජතුමා (ක‍්‍රි. ව. 269-291), ගෝඨාභය රජතුමා (ක‍්‍රි. ව. 253-266) ජෙට්ඨතිස්ස හෙවත් දෙටුතිස් රජතුමා (ක‍්‍රි. ව. 266 – 278) දලමුගලන් රජතුමා (ක‍්‍රි. ව. 618-623) මහරජවරු ද වෙසක් උත්සව පැවැත් වූ බවත් එහිදී එතුමන්ලා භික්ෂූන් වහන්සේලාට චීවර පූජාවන් සිදු කළ බවද මහාවංශය හා චූලවංශය පෙන්වා දෙයි.
බුදුදහමේ ඉගැන්වෙන හැටියට මරණයට නියම වූ කෙනකු ඉන් මුදවාලීම හා දාස බවෙන් මුදවාලීම අභය දානයට අයත්වේ. ධනවත් අයකු විසින් එකළ මුදල් ඒකකය වූ කහාපණ හෙවත් කහවනු දහසක් ගෙවා දාසියන් 8 දෙනකු දාස බවෙන් නිදහස් කළ බවත් ක‍්‍රි. ව. හත්වන සියවසේ සිට වෙසක් උත්සව විදී සංචාරය කරමින් පැවැත් වූ බවත් එම යුගයේම වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වූ බවත් ඒ වන විට අවුරුදු උත්සවය ජාතික උත්සවයක් ලෙසට නොතිබුණ බවද චාල්ස් ගොඩකුඹුරේ පෙන්වා දෙයි.
එසේම දෙවන සේන (ක‍්‍රි. ව. 853-887) මහරජතුමන් විසින් පළමු වතාවට වෙසක් පෙරහැරක් විදී සංචාරය කර වූ බවත් එහිදී දිළිඳු මිනිසුන්ට තම තමන්ට කැමති පරිදි ආහාර පාන සහ ඇඳුම් ලබා ගැනීමට සැලැස්වීමෙන් එතුමන් වෙසක් දිනට එබඳු දෑ පරිත්‍යාග කළ බවත් ඉන් දැක්වේ.
ක‍්‍රි. ව. 1153-1186 පොළොන්නරුව රාජධානිය කරගත් පළමුවන පරාක‍්‍රමබාහු මහ රජතුමා පුරා වසර 33 ක් බෞද්ධාගමික දිනයක් වූ වෙසක් දිනය ජාතික දිනය ලෙස සලකා කටයුතු කළ බව පූජාවලියෙහි සඳහන් වේ. පොළොව සමතලා භූමියක් කොට විශාල තොරණක් ඉදි කළ බවත් වීදිවල වැලි අතුරා සැරසිළි කළ බවත් පුන්කලස් තබා වර්ණ පහකින් යුතු කොඩි එල්ලූ බවත් වේදිකාවන් ඉදි කළ බවත් අලි ඇතුන් හා අශ්වයන් වීදිවල ගමන් කිරීමට සැලසූ බවත් සඳහන්ය. භික්ෂුන් වහන්සේ හා ජනයා බුදුපිළිම වහන්සේ වෙත ගොස් පූජාවන් පැවත්වූ බවත් සඳහන්ය. රන් රිදී පැහැති කොඩි හා පුන්කලස් ද සේසත් ද ගෙනවිත් පඤ්චතූර්ය (ආතත, විතත, විතතාතත, ඝණ, සුසිර) නාදයන් ඔස්සේ මහාවිහාරය ඉදිරි පිට තැබූ බවත් බද්දේගම විමලවංශ හිමි සිය ‘‘අපේ සංස්කෘතිය” නම් කෘතියේදී පෙන්වා දෙයි.
මහාවංශයේ දැක්වෙන පරිදි වෙසක් යනු පූජාවකි (පාලි : වේසාක පූජා) නමුත් පසුකාලීනව එය උත්සවයක් බවට පත්වූ බව (වේසාක උත්සව) බවට පත්කොට එය අනිවාර්යෙන්ම සිදු කළ වූවක් බවට පත් කරමින් නීති ගත කළ බව (පාලි: සබ්බං වේසාකං පූජාදිං චාරිත්තානුගතං අඛා* යන්නෙන් පෙනේ. මෙහි ‘‘චාරිත‍්‍ර” යනු නීතිය සඳහා භාවිතා කරන ලද වචනයකි. දළදා සිරිතෙහි හා සිරිත්ලෙන යන කෘතිවලද චාරිත‍්‍ර යන්න එසේ භාවිතකොට ඇති බව පෙනේ. එසේම රජ කෙනකු ඔටුනු පැළඳවීමෙන් අනතුරුව වාර්ෂිකව වෙසක් උත්සවය පැවැත්විය යුතු බවට ද නීතිගතකොට ඇත.
හතරවැනි මිහිඳු රජ දවස වෙසක් උත්සවය සංවිධානය කිරීම සඳහා ජ්‍යෙෂ්ට තනතුරක් ද පිරිනමා ඇති බව (පාලි: මන්ඟුලි ජෙටක්) හෙවත් උත්සවයේ ප‍්‍රධාන සංවිධායකයා ‘‘මඟු?ල් ජෙට්” ලෙස කටයුතු කළ බවත් එසමයෙහි එන සෙල් ලිපියක දැක්වේ. ඒ නිසා වෙසක් උත්සවය සඳහා කිසියම් කණ්ඩායමක් ඒ සඳහා පත්කොට එයට කිසියම් නායකත්වයක් පත්කොට ඇති අයුරුත් වෙසක් සඳහා මෙබඳු තනතුරු පිරිනැමීමෙන් පෙනේ. දෙවන සේන රජ දවස 9 වන සියවස වන විට වෙසාඛ පූජා, වේසාඛ උත්සව යන්න වෙනුවට (පාලි: වේසාඛ කීලා) ලෙස ද යෙදී ඇති බව පෙනේ. මෙහි කීලා යන්නෙහි අදහස සෙල්ලම් හෙවත් ක‍්‍රීඩා යන්නය.
මෙසේ වෙසක් උත්සවය පැවැත්වීමට රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමෙන් රටවැසියා තුළ වෙසක් මුල්කොටගෙන සොම්නස, ප‍්‍රීතිය උද්දාමය ඇති කිරීමටද රජුගේ අවධානය යොමු වී ඇති සැටියක් පෙනේ. එසේම වෙසක් උත්සවය හැරුණු විට වෙනත් රාජ්‍ය උත්සවයක් ගැන මහාවංශය වැනි කෘතිවල දක්නට නොලැබීමෙන් ජනතාවට සතුටුවිය හැකි උත්සව ශ‍්‍රීයෙන් බැබලූණ එකම උත්සවය වෙසක් උත්සවය වූවාට ද සැකයක් නැත. එසේ වුවද ක‍්‍රි. ව. 6 වන සියවසේ සිට ඓතිහාසික වෙනත් පූජා හෝ උත්සවයන් පැවති බවට මහාවංශයට සාක්ෂි නොදරයි. වෙසක් උත්සවයට අමතරව මහාවංශයට වෙනත් උත්සවයක් පැවති බවට ඇතුළත් වන්නේ ලක්දිවට දළදා වහන්සේ වැඩමවීමත් ඒ නිමිති කරගෙන දළදා උත්සවය පැවැත්වීමත්ය. කෙසේ වුවද ක‍්‍රි. ව. 942 සිට වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනය නිවාඩු දිනයක් වූ අතර එදින සිට බෞද්ධයාගේ ප‍්‍රමුඛතම උත්සවය බවට වෙසක් උත්සවය පත්විය.
ක‍්‍රි. ව. 1500 දක්වා ශ‍්‍රී ලංකාව ස්වෛරී නිදහස් ස්වතන්ත‍්‍ර රාජ්‍යක් ලෙස පැවති බවත් එය ආගමික උත්සවයන් පැවැත්වීමට අත්‍යවශ්‍ය කාරණයක් බවත් එසේම රටේ ආර්ථිකමය සමෘද්ධියක් පැවති යුතු බවත් නොකියමනාය. ඒ වන විට 15 වන සියවසේ මහනුවර රාජධානි සමයේ රට තුළ සමෘධිමත් ආර්ථිකයක් තිබුණ බවට හොඳම උදාහරණය වනුයේ ආසියා මහාද්වීපයේ චීනය දක්වා ද යුරෝපා මහාද්වීපයේ ඓතිහාසික රෝම නගරය දක්වා ද ආර්ථික භාණ්ඩ අපනයණය කිරීමය. ඒ බවට චූලවංශය සාක්ෂි දරයි. (විල්හෙල්ම් ගයිගර්, චූලවංශය, 112 පරිච්ෙඡ්දය).
ක‍්‍රි. ව. 1505 දී පෘතුගීසීන්ගේ ආක‍්‍රමණයත් සමග සිංහල සංස්කෘතිය බුදුදහම විනාශ මුඛයට යමින් පැවති අතර විශේෂයෙන්ම බෞද්ධ උත්සව අතර ප‍්‍රධාන උත්සවය වූ වෙසක් උත්සවය ද විනාශ වන්නට විය. ක‍්‍රි. ව. 1505-1640 කාලය තුළ පෘතුගීසීන්ගේ පාලන සමය වූ අතර ඔවුන් කොළඹ, ගාල්ල හා ත‍්‍රිකුණාමලය වැනි මුහුදු බඩ පළාත්වල වෙසෙමින් ඒ ප‍්‍රදේශ මුල්කරගෙන වරායවල් ඉදිකර ගනිමින් බුදුදහම මර්දනයට ලක් කරමින් කතෝලික දහම ව්‍යාප්ත කිරීම මැනවින් සිදු කළේය. මෙකළ මහනුවර රාජධානිය සේනාරත්න නම් නිරිඳුන් (ක‍්‍රි. ව. 1604-1640) කරවන ලද අතර එවක වෙසක් උත්සවය හැර අනෙක් උත්සවයන් සාමාන්‍ය වශයෙන් ලක්දිව පැවති බව ද චූලවංශය පෙන්වා දෙයි.
සිංහලයන් විසින් පරංගි ලෙස හැඳින් වූ පෘතුගීසීහු ධර්ම විරෝධී මිථ්‍යා මත පවුරමින් මහත් අනර්ථකාරී ලෙස සාහසිකව කටයුතු කළ බවත් ආගමික උත්සව ඉවත්කොට ගොවිතැන් කටයුතු පාලූවට හරිමින් උසස් පවුල්වල අය ඝාතනයට ලක් කරමින් වෙහෙර විහාර, සංඝාවාස කාබාසිනියා කරමින් නටඹුන් බවට පත් කළ අයුරු ගයිගර් සිය චූලවංශයේ දී පෙන්වා ඇති අයුරු පහත දැක්වේ.
”They were” all of them” the so-called Para?gi
[„Franken—” d’h’ die Portugiesen]” heretical evil-doers”
cruel and brutal’ They spread themselves over several
fair provinces” laid waste fields and gardens” burned
down houses and villages” destroyed the noble families
an in this wise brought ruin on Sihala’ They broke into
town” into relic shrines and monasteries” destroyed the
image houses” Bodhi trees” Buddha statues and so on”
did great harm to the laity and the Order” built at various
places forts and carried on war unceasingly˜
(Geiger” Wilhelm( Culavanshaya” capitel 95″ vers 4-9)
ක‍්‍රි. ව. 1640 දී ඕලන්ද ජාතිකයන් ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණයකොට ක‍්‍රි. ව. 1796 දක්වා සිය බලය තවුරුකොට ගෙන සිටි ඔවුන්ද බෞද්ධ විහාරස්ථාන, බුදුපිළිම විනාශ කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද ඝාතනය කරමින් මහත් විනාශයක් සිදු කළ අවධියක වෙසක් උත්සවයන් නොපැවැත්වුණි. ක‍්‍රි. ව. 1753 දී බෝධිසත්ව ගුණෝපේත වැලිවිට ශ‍්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් රාජ්‍ය අනුග‍්‍රහය ලබාගෙන බුදුදහම නැවතත් රට තුළ ස්ථාපනය කළද ඕලන්ද ජාතික William Imam Pelik යටතේ ක‍්‍රි. ව. 1770 නොවැම්බර් මස 01 වැනි දින වෙසක් උත්සවය තහනම් කළේය. එපමණක් නොව ක‍්‍රි. ව. 1787 සිට සෑම මසකම පුරපසළොස්වක පොහෝ නිවාඩු දිනයද අවලංගු කොට සාමාන්‍ය වැඩ කරන දිනයක් බවට පත් කළේය.
ඕලන්ද ජාතික යටත් විජිත සමයේ ලක්දිවට නැවකින් පැමිණි (ක‍්‍රි. ව. 1641-1720) Robert Knox විසින් ලියන ලද සිය කෘතියෙහි ජර්මන් පරිවර්තනයේ සිංහල බෞද්ධයාගේ බුදුදහම පිළිබඳවද ඇදහිලි පිළිබඳවද, බෞද්ධ සිරිත් විරිත් පිළිබඳව ද සඳහන්කොට ඇති අතර එහිද පෘතුගීසින් විසින් කරන ලද බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කළ අයුරුද දක්වා තිබේ. (Knox” Robert( Ceylanishe Reise-beschreibung oder Historische Erzaelung von der in Ost
Indien gelegenen Insel Ceylon” Johann friedrich Gleditsch” Leipzig” 1689)
1796 බි‍්‍රතාන්‍යයන්ගේ ආක‍්‍රමණයත් සමග මුහුදු බඩ ප‍්‍රදේශයේ පැවති සියලූ විහාරස්ථාන විනාශ කරමින් කිතුදහම තවදුරටත් ව්‍යාප්ත කළ අතර මේ වන විට කන්ද උඩරට පමණක් 1815 වනතුරු යම් තරමින් හෝ බුදුදහම රැුකෙමින් තිබුණි. බි‍්‍රතාන්‍යයන් 1815 දී කන්ද උඩරට ද ආක‍්‍රමණය කිරීමෙන් එතෙක් පැවති වෙසක් උත්සවයන් ද තහනම් කෙරිණි.
මේ වන විට කන්ද උඩරට ගිවිසුමෙහිද ආගමික නිදහස ඇතුළත්කොට තිබුණද බි‍්‍රතාන්‍යයන් එය නොසළකා හැර කටයුතු කළ බව තෙන්නකෝන් විමලානන්ද සූරීහු සිය කෘතියේදී පෙන්වා දෙති. එසේ වුවද විශේෂයෙන් වෙසක් උත්සවය සැමරීමට ඔවුන් සිංහලයාට නිදහස ලබා දුන්නේය. එම නිසා සිංහල බෞද්ධ ගිහි පිරිස් හා භික්ෂූන් බි‍්‍රතාන්‍යයන් සමග කතිකාවතක් ඇති වන්නට ද විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසට මිෂනාරීන් සමග ‘‘පඤ්ච මහාවාද” යන් ඇති වන්නට විය.
මේ අතර ඇමෙරිකන් ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් 1880 මැයි 17 වැනි දින කොළඹට පැමිණ බෞද්ධයෙක් බවට පත්ව හික්කඩුවේ ශ‍්‍රී සුමංගල වැනි පඬිවරුන්ගේ ඇසුර ලබා බි‍්‍රතාන්‍යයන් සමගද සම්බන්ධව කටයුතු කරමින් 1880 මැයි 29 වැනි දින ගාල්ලේ පරමවිඥානාර්ථ සමාගමේ ශාඛාවක් ද ආරම්භ කළේය. පසුව එතුමා බෞද්ධ අයිතීන් නැවත ලබා දෙමින් බුදුදහම රට තුළ නැවත ස්ථාපිත කිරීමට කිතුනුවන්ගේ ක‍්‍රමය අනුගමනය කරමින් 1881 දී මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, නාලන්ද, විශාඛා, ගාල්ලේ මහින්ද, කුරුණෑගල මලියදේව යන බෞද්ධ පාසල් ආරම්භ කළේය.
හෙන්රි ඕල්කට්තුමන් විසින් 1880.12.12 වැනි දින ‘‘සරසවි සඳරැුස” නමින් පුවත්පතක් ආරම්භ කළ අතර එහි වෙසක් දිනය නැවතත් නිවාඩු දිනයක් බවට පත් කළ බවට තමන්ම වාර්තා කිරීමෙන් අනතුරුව එතුමා බෞද්ධයන්ට වෙසක් දිනය වැදගත් වන්නේ මන්දැයි යන්න පිළිබඳව නිතර සිය පුවත්පතට ලිපි ලියන්නට ද විය. මෙය මුල්කොට ගෙන හික්කඩුවේ ශ‍්‍රී සුමංගල, මොහොට්ටිවත්තේ ගුණානන්ද වැනි හිමිවරු ද හෙන්රි ඕල්කට්, ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල වැනි හිතෛෂීන් එක්ව කොමිටියක් පත්කොටගෙන එහිදී වරින්වර හමුවී සාකච්ඡුාකොට වෙසක් දිනය නිවාඩු දිනයක් බවට පත්කොට ගැනීමට ලියැකියවිලි සකස්කොට එහි විශේෂ කාරණා 6 ක් ඇතුළත්කොට එහි තුන්වැනි කරුණ ලෙස සිංහල බෞද්ධයන්ගේ වෙසක් දිනය නිවාඩු දිනයක් කරන ලෙසට බි‍්‍රතාන්‍ය රජයට ඉදිරිපත්කොට 1885 මාර්තු 27 වැනි දින බි‍්‍රතාන්‍ය රජය ලවා වෙසක් දිනය නිවාඩු දිනයක් ලෙසට අනුමතකොටවාගෙන පිළිගැනීමට ලක් කළේය.
(4′ That Vesak – the full moon day on which the Sinhalese commemorate the Buddhazs birth” enlightenment and death – be declared a publick holiday’ ^www’ http($$aryasangha’org$olcottprothero’htm)
මෙම කොමිටියේ ප‍්‍රතිඵලයක් හැටියට බෞද්ධ කොඩිය ද නිර්මාණය වූ අතර එය ජාත්‍යන්තර බෞද්ධ කොඩිය ලෙසට පිළිගැනීමට ලක් කිරීමට 1950 වසරේදී ගුණපාල මලලසේකර ශුරීන් විසින් කටයුතු කරන ලදුව අද එය ජාත්‍යන්තර බෞද්ධ කොඩිය ලෙසට ද පිළිගැනීමට ලක්ව තිබේ.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ:
සිංහල:
බද්දේගම, විමලවංශ: අපේ සංස්කෘතිය, එම්. ඞී. ගුණසේන, කොළඹ, 1964
ධර්මබන්දු. ටී. එස්. පඤ්ච මහා වාදය, අනුල, කොළඹ, 1956
දිසානායක, සමන්තිකා සජිවනී, වෙසක් උත්සව පුරාණය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2008
English
Geiger” Wilhelm( The Mahava?sa or The great chronicle of Ceylon’ Ceylon
Government Information Department” Colombo” 1950 ^Reprint edition
of 1912&
Geiger” Wilhelm( German to Englisch by Mabel Rickmerns( Culava?sa’
Being the more recent Part of the Mahava?sa’ 2 Volumes’ Ceylon
Government Information Department” Colombo 1953
Kirthisinghe” B’ P'” Amarasuriya” M’ P'( Colonel Olcott’ His Service to
Buddhism’ The Wheel Publication No’ 281′ Buddhist Publication Society”
Kandy 1981
Tennakoon Vimalananda( The state and Religion in Ceylon since 1815′
Gunasena” Colombo” 1970
Peebles” J’ M'( Buddhism and Christianity being an oral debate held at
Panadura between The Rev’ Migetuwatte Gunananda a Buddhist Priest &
The Rev’ David de Silva a Wesleyan Clergyman’ P’ K’
W’ Siriwardhana” Colombo” 1955
Kitsiri” Malalgoda( Buddhism in Sinhalese Society” 1750-1900( A Study of
Religious Revival and Change’ Univ’ Calif’ Press” Berkeley” 1976
Silva” K’ M’ de( A History of Sri Lanka” Univ’ Calif’ Press” Berkely” Los
Angeles” 1981
German(
Knox” Robert( Ceylanische Reise-Beschreibung’ Johann Friedrich
Gleditsch” Leipzig” 1689 ^ An historical relation of the island Ceylon” in
the East Indies’ R’ Chiswell” London” 1681- hk fmdf;ys c¾uka mßj¾;kh&
Olcott” Henry D'( Der Buddhistische Katechismus” Th’ Grieben Verlag'”
Leipzig” 1902
Web Page (http($$aryasangha’org$olcott-prothero’htm ^The White
Buddhist( Henry Steel Olcott and the Sinhalese Buddhist Revival by
Stephen Prothero)
ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි
(B.A. General 1 st class” M. A., Ph.D. (Dr. Phil in German)
දොරණෑගොඩ සදානන්ද පිරිවෙන් රජමහා විහාරාධිපති,
බර්ලින් සම්බෝධි විහාරාධිපති
ජර්මනියේ සමථ බලසම්පන්න ප‍්‍රධාන සංඝ නායක
263 Viewers





