වේල්ලස්සේ ගිනිපුලිඟුව කියුලේ ගෙදර මොහොට්ටාල දැයට අහිමිවී අදට වසර 207 යි…

ඌව වෙල්ලස්ස මහා කැරැල්ලේ දැයට අහිමි වූ රණ ශූරයකු වූ කිව්ලේ ගෙදර මොහොට්ටාල දෑයට අහිමි වීම අදට එනම් දෙසැම්බර් 18 වන දිනට වසර 207 ගත වේ. විජයගේ ආගමනයත් සමග යටිබිම් ගත වූ මෙරට මුල් පදිංචිකරුවන් වූ යක්ෂ ගෝත්‍රික නායකයන්ගේ පරපුරෙන් පැවත එන අතර ඒ නිසාම ඔහුගේ පරපුරුගේ සෑම කෙනෙක්ම උරුමයෙන්ම රාජපාක්ෂික එමෙන්ම රාජ්‍යයට සේවය කරන ලද දේශීය ආරක්‍ෂාව, අවි භාවිතය, පාරම්පරිකව කරගෙන ගිය රාජ වංශයේ ආරම්භයේ සිට එම වගකීම් නිරන්තරව කිවුල ගෙදර පවුලට නිරායාසයෙන්ම හිමිවුණි.
නමුත් 1916 වැනි කාල පරිච්ඡේදයේ ඉංග්‍රීසින් විසින් අසාධාරණ ලෙස අයබදු අය කිරීම දේශීය ජනතාව තලා පෙළා පාලනය කිරීම යනාදි මේ කරුණු වලට එරෙහිව ඔහු නැගී සිටිය අතර ඉංග්‍රීසින්ට හිතවත් ඔත්තුකරුවෙකු මරා දැමීම පිළිබඳ ඔහුට චෝදනා එල්ල විය. 1916 දී මෙම චෝදනා ඔප්පු කරගත නොහැකිව ඔහු තවදුරටත් සිරභාරයේ තබාගන්නා අතරතුර ඔහු මහනුවර සිරමැදිරියෙන් පැන ගොස් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්ස කේන්ද්‍ර කොටගෙන සටන් සංවිධානය කිරීමත් ජනතාව ඒකරාශී කිරීමත් සිදු කරනවා. පස්සෙ කැප්පෙටිපොළ මහ දිසාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් මේ කැරැල්ල මැඩපැවත්වීම සඳහා ඌව වෙල්ලස්සට පිටත් කොට යවන අතර ඔහුද කැරලිකරුවන් හා එක්ව අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටනේ නායකත්වය අතට ගන්නවා. මේ වකවානුව වන විට උඩරට ප්‍රභූ පවුල් රාජකාරීමය, ආරක්ෂාව, විවාහ, සටන් මත එකිනෙකා සම්බන්ධ වෙමින් තිබිණි. ඒ අනුව කිවුලේ ගෙදර මොහොට්ටාලද ඌව වෙල්ලස්සේ ආරක්ෂාව භාරව කටයුතු කළ කැප් පෙටිපොළ මහනිලමේ තුමාගේ නායකත්වය යටතේ ඔහුත් සමඟ මුළු ඌව වෙල්ලස්සම ධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සංවිධානය කරන්නට විය.
කිවුල ගෙදර මෝට්ටාලයන් විසින් එවකට පැවිදි වී සිටි ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ නාය ඥාතිපුත්‍රයෙකු වූ රාජකීය ලේ ඥාති පරම්පරාවකින් පැවත එන විල්භාවේ මහනාහිමි හිමියන් සිවුරු හරවා ගෙන විල්භාවේ මහරජතුමා නමින් රාජ අභිෂේකයක් කොට රජ කිරීමටද කටයුතු කරන ලදී.
රාජාභිෂේකයක්ද පවත්වා කැරැල්ල ජයග්‍රහණය කොට මුළු රටේම දේශීය අණසක පතුරුවන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඉංග්‍රීසීන්ට ලැබෙන විශාල යුධ ආධාර මා සහ අමතර සේනාවන් මත කැරැල්ල පරාජයට පත් විය.
ඉංග්‍රීසින් විසින් කිවුලෙ ගෙදර මොහොට්ටාලයන්ගේ සියලු දේපළ රාජ සන්තක කළ අතර, ඔහුගේ පවුලේ සියලු දෙනා ඌව වෙල්ලස්ස සමූල ඝාතනයත් සමඟ මරණයට පත් කරන ලදී, ඔහුගේ ඇතැම් ඥාතීන් මරණින් ගැලවී දකුණු පළාතට විසිරී ගිය අතර, සිංහල රාජ වංශය ආරම්භයේ සිට සිංහල ජාතියටත් රටටත් නොනිමි මෙහෙවරක් කළ කිවුල ගෙදර පරම්පරාව එතනින් නිමාවට පත්විය. කැරැල්ලේ පරාජයත් සමඟ තම පිරිස සමඟ වනගතව සිටි කිවුල ගෙදර මොහොට්ටාලයන් අත්අඩංගුවට පත්වන අතර 1818 දෙසැම්බර් 18 වන දින මින් වසර 207 කට පෙර එනම් අදවන් දිනක මහනුවර භෝගම්බරදී කැප්පෙටිපොළ සහ මඩුගල් නිලමේ මෙන්ම කිවුල ගෙදර මොහොට්ටාලයන්ගේද හිස ගසා මරා දමන ලදී. මරණින් පසු ජනතාව අතර කිවුල ගෙදර මොහොට්ටාල දේවත්වයට පත් වූ අතර අදටත් ඌව වෙල්ලස්සේ අලුත් බණ්ඩාර දෙවියන් ලෙස ජනතාවගෙන් පුද සත්කාර ලබන්නේ කිවුල ගෙදර මොහොට්ටාල යන් ය.
මෙම සටහන අදින් වසර 207 පෙර ජාතියට අවාසනාවන්ත ලෙස අහිමි වූ කිවුලේ ගෙදර මොහුට්ටල නම් වූ ජාතික වීරයාට උපහාරයක්
වශයෙනි.
8 Viewers





