ශ්‍රී සිද්ධා.
නිදහස් රටක් යනු ලෙහෙසියෙන් බිහි වන්නක් නොවේ…
සමහර විට අතීතයේ අපේ මුතුන් මිත්තන් සිය ජීවත පරිත්‍යාගයෙන් කළ මහ සටන් නොවන්නට,
ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්ව තිබෙන බව නිසැකය..
මෙරට ඉතිහාසයේ,
මේ භූමියේ නිදහස වෙනුවෙන් විවිධ කාලසීමාවන්වලදී,
වසර දෙදහස් හාරසියයකට ආසන්න අතීතයේ සිට සටන් කළ ,
ජීවිත පූජා කළ ,
රජවරුන් සෙන්පතියන් සෙබළුන් බොහෝය…
ඒ අතරින් ඔහු කළ මෙහයේ තරමට ඉතිහාසයේ නම සඳහන් නොවන විරෝධාර රණවිරුවෙක් වන්නේ කීර්ති කුමාරයා හෙවත් මහා විජයබා රජුය..
ලංකා ඉතිහාසයේ මහා විජයබාහු රජතුමාගේ ඓතිහාසික කාර්යභාරය නොවන්නට මෙරට ඉන්දියාවේ කොටසක් වෙන්නට තිබූ අවස්ථාව බොහෝ දුරට වැඩිය…
ඉතිහාසයේ මුලදීම රට ගිල ගත් දකුණු ඉන්දීය ආක්‍රමණයෙන් පසු,
දීර්ඝ කාලයක් එළාර රජු යටතේ පාලනයවූ මෙරට රජරට සහ උතුර ගැමුණු මහ රජු විසින් නිදහස් කර න්න ඒකීය රටක් වශයෙන් දිගු කලක් පවත්වාගෙන ගියේය..
අනතුරුව වරින්වර පැමිණි දකුණු ඉන්දීය ආක්‍රමණවලින් ,
ගැමුණු මහරජ නිදහස් කරගත් උතුරත් නැගෙනහිරත් රජරටත්,
දකුණු ඉන්දීය පාලනයට නතු වූ අවස්ථාවන් බොහොමයක් විය…
ඒ ඉතිහාසයෙන් සියවස් දහයකට පසුව ක්‍රිස්තු වර්ෂ 993 සිට
ක්‍රිස්තු වර්ෂ 1070 දක්වා වසර හැත්තෑ හතක් මෙරට පාලනය කර දකුණු ඉන්දීය චෝල අධිරාජ්‍යයෙන් මේ මව්බිම මුදාගැනීමට සමත්වූයේ කීර්ති කුමරු හෙවත් මහා විජයබා රජතුමාය..
එතුමා රුහුණේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1039 දීය…
ඒ වන විට මෙරට විශාල ප්‍රදේශයක් චෝල අධිරාජ්‍යය විසින් පාලනය කරමින් පැවතිණි..
දකුණේ රජකමට උරුම කියැතයි සැකසිතෙන කුමාරවරු න් කුඩා කුමාරවරු පවා චෝලයන් විසින් සොය සොයා ඝාතනය කරනු ලැබීය..
ප්‍රාදේශීය රජෙකුවූ කීර්ති කුමරුගේ පියාත් මවත් සිය ජීවිත සහ දරුවන්ගේ ජීවිත රැක ගැනීමට රුහුණේ වනගත වූහ.
ඒ නිසා කීර්ති කුමාරයාගේ ළමා කාලය ගත වූයේ වනගතවය..
රුහුණේ තැන් තැන්වල තිබුණු ප්‍රාදේශීය පාලනයන් එක්තැන්කර රුහුණේ බලය තහවුරු කර ගැනීම ඔහුගේ මූලික වෑයම විය..
එය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ..
කීර්ති කුමාරයාට අනිත් දරුවන්ට මෙන් කෙළිදෙලෙන් ගති කිරීමට කුඩා ළමා කාලයක් තිබුණේ නැත..
රජ කුමරු කොට ලැබෙන සැප සම්පත් ලැබුණේ නැත..
හිටිගමන් කඩාවැදි ගම්මාන විනාශ කරන චෝල හමුදාවෙන් බේරී ජීවත්වෙමින් ඔහු මේ
රට බිහිසුණු චෝල අධිරාජ්‍යයෙන් නිදහස් කර ගැනීමේ අරගලයට සෙමෙන් සෙමෙන් පියවර තැබුවේය..
බුදල්නා නමැති ගම් නායකයකුගේ සෙවණේ සැදී වැඩෙමින් ,
සටන් ශිල්ප ඉගෙනීමෙන් ,
කුඩා සේනා සංවිධානය කරමින්,
ගරිල්ලා සටන් ක්‍රම පුහුණු වෙමින් මුලින් ඔහු රුහුණේ බලය තහවුරු කරගත්තේය..
මේ විශිෂ්ට රණවිරුවා වයස අවුරුදු දහසයේදී ක්‍රිස්තු වර්ෂ 1055 දී රුහුණ එක්කර එහි රාජ්‍යත්වයට පත් විය..
බල සම්පන්න අධිරාජ්‍යයකට එරෙහිව සටනක් මෙහෙයවීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ..
ඒ සඳහා පුහුණු සේනාවන් අවි ආයුධ මෙන්ම යුද්ධයට අවශ්‍ය අනෙකුත් සියලුම පහසුකම් සැපයීම් එක් රැස් කර ගත යුතු විය..
මේ සියල්ල කීර්ති කුමරු හෙවත් විජයබාහු රජතුමාගේ සූක්ෂම තීක්ෂණ රාජ්‍ය පාලනය තුළන් රුහුණෙන් සොයා ගැනීමට ට අසීරු එහෙත් සාර්ථක උත්සාහයක නිරත විය..
එහිදී රුහුණේ බල ලෝභී නායකයන්ගේ කුමන්ත්‍රණ පරාජය කිරීමද තවත් ප්‍රශ්නයක් විය..
ඒ සියල්ලට මේ යොවුන් කුමාරයා රජතුමා නිර්භීතව මුහුණ දුන්නේය..
ප්‍රථම වතාවට ඔහු පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ උත්සාහ ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1066 දීය..
එම උත්සාහය සාර්ථක වී පොළොන්නරුව අල්ලා ගැනීමට හැකි වුවත් දකුණු ඉන්දියාවෙන් ලැබුණු ආධාර මත සොළී නැවතත් සටනට එද්දී,
දකුණේ ඇතිවුණු කැරලි මර්දනය කිරීමටද සිය සේනාව මෙහෙයවීමට සිදුවීම නිසා ලබා ගත් ජයග්‍රහණය අත්හැර ආපසු පසුබසින්නට විජයබාහු රජතුමාට සිදුවිය..
විදේශයන්ට මව්බිම පාවාදෙන්නෝ අද මෙන්ම එකලත් මේ භූමිය තුළ සිටියා
1069.1070 කාලයේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෝල අධිරාජයේ සිවිල් යුද්ධියක් ඇති වූ අතර එය එරට පාලනයට අභියෝගයක් විය..
ඉන්දියාවෙන් ආධාර ලබාගැනීමට ඔවුන්ට අසීරු මොහොතක නැවත සේනා සංවිධානය කර පොළොන්නරුව ආක්‍රමණය කිරීමට විජයබාහු රජතුමා කටයුතු කළේය..
එහිදී බුරුමය පාණ්ඩ්‍ය දේශය වැනි රාජ්‍යයන්ගේ සහාය ලබා ගැනීමට එතුමාගේ උපදේශකයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවූ නිසා එතුමාට සිය පෞද්ගලික ජීවිතයේ ඉතාමත් සංවේදී තීරණයක් ගැනීමට පවා සිදුවිය..
කුඩා කාලයක් ළමා කාලයක් නොතිබී කීර්ති කුමාරයාට කුණේ සාමාන්‍ය පවුලක ින් තරුණියක් සමග තිබුණු ආදරණීය සම්බන්ධතාවය මහත් සහනයක් විය..
නමුත් පාන්ඩ්‍යන්ගේ ආධාර චෝල හමුදාවට එරෙහිව ලබා ගැනීමට පාණ්ඩ්‍ය දේශය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට නම්,
පාණ්ඩ්‍ය දේශයේ රජතුමාගේ දූ කුමරිය සමඟ විවාහ වීමේ යෝජනාවක් රජතුමාගේ උපදේශකයන් විසින් ඉදිරිපත් කරනු ලැබීය..
ඉතිහාසයේ ලියවෙන පරිදි. රජතුමා එහිදී ප්‍රධාන පුරෝහිතියාගෙන් විමසා ඇත්තේ..
” ඇමැතිතුමනි, මට මගේ කුඩා කාලය නැති වුණා. ළමා කාලය නැති වුණා. තරුණ කාලේ අනිත් තරුණයන් විඳින සැහැල්ලුව මට හිමිවුණේ නැහැ. මගේ ජීවිතයේ මේ දක්වා මා කැප කළේ මගේ මාතෘ භූමිය විදෙස් ආක්‍රමණ කියාගෙන් මුදවාගැනීමටයි..
මේ සියල්ල මැද මට තිබුණු එකම සහනය අවංකව මගේ හදවතේ තිබුණු ආදරයයි..
මා එය නැති කරන්නේ කෙසේද ..! නැතිකර ගන්නේ කෙසේද..? ඇය අමතක කරන්නේ කෙසේද ..?” යනුවෙන්..
පුරෝහිතයාගේ පිළිතුරු වී තිබුණේ
“රජතුමනි ඔබ මේ රටේ රජුයි. රජ කමට පත් වූ පසු පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් ඔබට නැහැ. ඔබේ සම්පූර්ණ කැපවීම මේ රටේ ආරක්ෂාව නිදහස වෙනුවෙන් විය යුතුයි.”
යනුවෙන්..
ඒ අනුව අග බිසව වීමට තමා විසින් තෝරා ගනු ලැබූ රුහුණේ ආදරණීය පෙම්වතිය වෙනුවට විදේශීය කුමාරිකාවක් අගමෙහෙසිය සඳහා තෝරා ගැනීමටත් තම පෙම්වතියට තිබූ අවස්ථාව අහිමි කිරීමටත් රජතුමාට සිදුවී ඇති බව පැවසේ..
එම පෙම්වතියද උපදේශකයන්ගේ උපදෙස් පරිදි ම රජතුමාට පවසා ඇත්තේ තමා වෙනුවට විදෙස් කුමාරිය රටේ යහපත වෙනුවෙන් සරණපාවා ගන්නා ලෙසත් තමා සාමාන්‍ය බිසවත් ලෙසත් රජ මාධිගේ ජීවත් වෙන්නට කැමති බවත්.
එවන් පරිත්‍යාගයන් කර විශිෂ්ට ඉතිහාසයක් ඇති රාජ්‍ය නායකයන් මේ බිමේ ඉඳ ඇත..
එවර විදෙස් රටවලද සහාය ලබා ගනිමින් එල්ල කරන දරුණු ප්‍රහාරයකින් පසු වසර අසූවකට ආසන්න කාලයක් තිබූ චෝල අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම බිඳදැමීමට මහා විජයබාහු රජතුමා සමත් විය..
වලවේ ගඟට දකුණින් පිහිටි මහානාග කුලකයෙන් ආරම්භ වූ විජයබාහු රජතුමාගේ එවර සටන පෙරමුණු තුනකින් පොරොන්නරුවට පහරදීමට මුදාවන් පිටත් කරනු ලැබීය …
දකුණු ඉන්දියාවෙන් පැමිණෙන ඕනෑම ශක්තිමත් හමුදාවක් සමග සටන් කිරීම සඳහා එක හමුදාවක් රටේ බටහිර වෙරල දිගේ මහාතිත්ත වරාය දෙසට යවන ලදී..
ඉන් බිදුනු තවත් අතුරු හමුදාවක් පොළොන්නරුව දෙසට ගමන් කර වයඹ දෙසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ,
අනිත් කොටස ශක්තිමත් කිරීමට ඉඩ තිබූ විදෙස් හමුදාවන් වැළැක්වීමට එහි ඇති වරායන්ද අල්ලා ගත්හ..
නැගෙනහිරෙන් පොළොන්නරුවට පහරදීමට මාගම හරහා තවත් හමුදාවක් යවනු ලැබුණි..
තුන්වන සහ ප්‍රධාන හමුදාක්ව සමග රජු කෙලින්ම ඉහළට ගිය අතර මේ ත්‍රිවිධ ප්‍රධාන බල සේනාවන් විසින් වට කරනු ලැබූ පොළොන්නරුව විජයබාහු රජතුමා විසින් අල්ලා ගැනීමත් සමග දීර්ඝකාලීන චෝල අධිරාජ්‍යය බිඳ වැටී ලංකා භූමිය නැවතත් නිදහස් රාජ්‍යයක් බවට පත් විය..
මේ සටන මෙලෙස ජයග්‍රහණය කිරීමට මූලික අඩිතාලම ලැබුණේ විජයබාහු රජු හෙවත් කීර්ති කුමරු කුඩා කාලයේ රැකබලා ගත් බුදල්නා නමැති ගම් නායකයා නිසාය..
රජතුමා විසින් ම එම ගම් නායකයාට විශාල ප්‍රදේශයක පාලන බලය පවරමින් සහ ඒ පිළිබඳ තවත් විස්තර සහිතව රජතුමා විසින් තඹ පතක ලියූ සන්නසක් පිරිනමන ලදී..
එහි ලියා ඇත්තේ මේ ලංකා භූමියේ නිදහස් කිරීමේ මහා ව්‍යායාමයට මට මහා ශක්තියක් වූ බුදල්නා නමැති ගම් නායකයාගේ පරම්පරා හතක් යනතුරු කිසිදු වරදකට දඬුවම් නොකළ යුතු බවත් ,
රාජ්‍යද්‍රෝහී වරදක් කළොත් පමණක් රටින් පිටුහල් කිරීමක් කරන ලෙසත්,
ඒ හැර කිසිදු වරදකට ඔහුගේ පරම්පරා හතකට කිසිදු දඬුවමක් නොකළ යුතු බවත්ය..
කාලය ගෙවී ගියේය.. ලංකා භූමිය විවිධ හැලහැප්පීම් මැදේ ඉදිරියට ඇදී ආවේය..
ඉන් වසර පන්සියයකට පමණ පසුව ඇතිවූ යුරෝපීය ආක්‍රමණ නිසා පෘතුගීසි ඉංග්‍රීසි යන ආක්‍රමණ රැසක් යටතේ වසර හාරසිය පනහක් පමණ මෙරට බටහිර යටත් විජිතයක් බවට පත්විය..
ලංකාව දීර්ඝකාලීන යුරෝපීය පාලනයෙන් නිදහස් ලැබූ 1948 අවුරුද්දේ මොරවක ප්‍රදේශයේ හුඟුරක් කොටමින් සිටි ගොවි මහතෙකු වූ සුරවීර ගමගේ කරෝලිස් අප්පුහාම්‍යි කුඹුරේ තිබී ගොවිතැන් කරන මොහොතකදී තඹ සන්නසක් හමුව තිබේ..
කලකට පසුව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අතට එය පත්වීමෙන් පසුව මේ ලෝක ඉතිහාසයේ මෙතෙක් රාජ්‍ය නායකයෙකු විසින් ලියා ඇති දැනට හමුවී ඇති පරණම ලේඛනය වූ පනාකඩුව තඹ සන්නසේ ඉතිහාසය හෙළි විය..
ඒ ඓතිහාසික ලේඛනය දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත..
එදා මහ විජයබාහු රජු
හැත්තෑ වසරකට වඩා වැඩි චෝල අධිරාජ්‍යයෙන් මේ භූමිය නිදහස් කර ගැනීමට සටන් වැදුණාක් මෙන්ම,
අපේ ජීවිත කාලය තුළදී අප අත්දුටු තිස් වසරකට වැඩි කාලයක් දකුණු ඉන්දියාවෙන් ද සහාය ලැබූ මිනීමරු එල්ටීටී ත්‍රස්තවාදයට එරෙහිව සටන්වෙනි හමුදාවේ ,
විරෝධාර සෙන්පතියකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා විසින් ඓතිහාසික තඹ සන්නස ඇසුරින් මහ විජයබාහු මහ රජතුමාගේ චරිතය අලලා නිර්මාණය කළ ඓතිහාසික සිනමා පටය වූ ,
“ශ්‍රී සිද්ධා ” ය හෙට සිට (18) මෙරට සිනමාහල්වල න් ප්‍රදර්ශනය ඇරඹේ…
මහවිජයබාහු රජතුමා එදා චෝලාධිරාජ්‍යයෙන් මේ රට බේරා ගැනීමට ඔහුට සහාය වූ ගය මුදල් නාට ුයි පමණක් නොව ඔහුගේ පරම්පරා හතකටම මුක්තියක් ලබාදී ඇති නමුත්,
මේ දිනවල අසන්නට ලැබෙන පුවත් අනුව බිහිසුණු ත්‍රස්තවාදයෙන් මේ රට මුදවා ගත් සෙන්පතියන්ට සෙබලුන්ට නැවතත් නරක කල දසාවක් රට තුළින්ම උදාවීමට යන බවත් දැනගන්නට ඇත…
විජයබා පරම්පරාවෙන් පැවතෙන්නන් මේ භූමියේ තවමත් ජීවත් වෙනවා මෙන්ම එදා චෝලාධිරාජ්‍යයට ගැතිකම් කළ අයගෙන් පැවතගෙන එන අයද මේ භූමිය තුළ ින් තවමත් ජීවත්වනවාට සැක නැත..
ඒ දෙපිරිසෙහිම සදාතනික අරගලය මේ භූමිය පවත්වන තාක් කල් පැවැතිනු ඇත..
මේ රටට මේ බිමට ආදරය කරන ,
මේ රට මේ බිම ඉතිහාසයේ නිදහස් කර ගැනීමට සටන් කළ විරුවන්ට ආදරය කරන ,
මිනිසුන්ට ආඩම්බරයෙන් නැරඹිය හැකි සිනමා පටයකි “ශ්‍රී සිද්ධා” …
උදාරි වර්ණකුලසූරිය, දිනෙත් ද සිල්වා ,
ජගත් චමිල, පබෝදා සන්දීපනී,
හඳුන්වා දෙන සචිත්‍ර වීරසේකර
ඇතුළු නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙති..
ලාල් ද අල්විස් ගේ මෙටාවෙන්
54 Viewers





