සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම ගරු සභාපති ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමාගෙ 154 වන ජන්ම දිනය

අපේ ජනතාවගේ හා ආගමේ අනාගතය කෙරෙහි බෙහේවින් බලපෑ හැකි සම්මේලනයක් ලෙස හුවා දක්වමින් බොදු මහා සමුළුව එවකට හදුන්වා දෙමින් ආරම්භ කල එතුමාට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෞරණීය සෑම සාමාජිකයෙකුගේම සුභාසිංෂනය අද දින හිමි විය යුතුයි.
දේශපාලනයේ ඔටුනු නොපලන් කුමරු ලෙස විරුදාවලි ලත් මෙතුමා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ලැබූ අති මහත් කීර්තිය සදාකාලිකය.
මෙරට නිදහස් සටනේ පුරෝගාමී කාර්යබාරයක් ඉටුකල අයෙකු වූ ඩී.බී.ජයතිලක මැතිතුමා කලක් සිංහළ ශබ්දකෝෂයේ ප්‍රධාන කතුවරයා වශයෙන්ද කීර්තිමත් සේවයක් ඉටුකල අසහාය පුරවැසියෙකු විය.
වයස අවු 22 ක තරම් තුරුණු අවධියක මහනුවර ධර්මරාජ විදුහලේ අභිනව විදුහල් පති ලෙසින් රාජ්‍ය සේවයට අවතීර්ණ වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මිණි පහනක් බවට පත්විය.
1943 වසරේදී බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් ලද නයිට් නම්බු සම්මානයෙන් ශ්‍රීමත් වූ එතුමා කා අතරත ශ්‍රීමත් ඩී.බී. ලෙස මතකය රදවා 1944 වසරේදී ඉංදියාවෙ බැංගලෝරයේදී මැයි 29 දින දිවියෙන් සමුගත්තේය.
ඔබ සදා සමරමු !
76 Viewers





