සර්වාගමික රෙද්දෙන් වැසූ මහා පවාදීම
අපි දැන් ඉන්නේ 2026 අවුරද්දේ අන්තිම මාස දෙක ඇතුලේ.අපිට 2027ට යන්න වෙන්නේ අනාගතය සම්බන්ධව ලොකු බලාපොරොත්තුවක් නැතිව.අපි යන්නේ හැම අතින්ම පරාජයට පත්වුන රටකට.ඒ රටේ සංවර්ධනයක් නෑ.මානව නිදහස නෑ, මිනිසුන්ට භාෂණයේ නිදහස නෑ,අඩුම ගානේ හිතන්නවත් නිදහසක් නැති රටකට.
පිටට පේන්න ලස්සන වැකි ලියලා තියන,ඒත් අස්සේ මොකවත් නැති හිස් රටකට.උඩින් සමාජවාදය කියලා ගහලා ඇතුලේ ෆැහිස්ට්වාදය තියන රටකට.ඒකයි රටේ රාළ 2027 වර්ෂය එන්නත් ඉස්සෙල්ලා ඒක අවුරුද්ද කළු වර්ෂයක් විදිහට නම් කරන්නේ.ඉතිහාසයේ සුද්දන්ගේ යකඩ සපත්තුවලට යට වෙලාවත් නොවිදපු විදිහේ මර්ධනයකට අපිට මුහුණ දෙන්න වෙනවා.ඇත්තටම මේකට වගකියන්න ඕනි කවුද?
ගොඩක් අය ජවිපෙ,මාලිමාව සහ එයාලට ඡන්දය දුන්න 68 ලක්ෂයට වගකීම පවරලා අත පිහදාගන්න හදයි.ඔව්….එයාලට වගේම මාලිමාවට ඡන්දය නොදුන්න සමස්ථ ජනතාවටත් මේ සම්බන්ධව වගකීමක් තියනවා.මාලිමාවට ඡන්දය දුන්නේ පිටසක්වලින් ආපු ජීවින් නෙවෙයි.මීට ඉස්සෙල්ලා අලි,පුටු, පොහොට්ටු,දුරකතනවලට ඡන්දය දුන්න අය.මාලිමාව බලයට එන්නේ එයාලා එපාවීමේ ප්‍රතිඵලයක් විදිහට.
දැන් ඡන්දය දුන්න මිනිස්සු ඉඟුරු දීලා මිරිස් ගත්ත තත්වයට පත්වෙලා.දැන් ගොඩක් අයට හිතිලා තියෙන්නේ හිටපු අය ජෙප්පන්ට වැඩිය හොදයි කියලා.ඒකට හේතුව එයාලා හොඳ හින්දා නෙවෙයි.මෙයාලට මෙලෝ දෙයක් බැරි හින්දා.ඒත් ඉතින් මොන මෝඩයාද දිලා තියන බලය ආපිට දෙන්නේ.වඳුරට කඩුව දුන්නා වගේ තත්වයක් තමයි ජෙප්පන්ට බලය දීලා කරගෙන තියෙන්නේ.දැන් ජෙප්පෝ අනිත් සියලු වැඩ නවත්තලා බලය රැකගැනීමේ සටනට බැහැලා.
ජෙප්පන්ට රට සංවර්ධනය කරන්න ඕනි නෑ.ජනතාවගේ ආර්ථික තත්වය උසස් කරන්න ඕනි නෑ.මධ්‍යකාලීන,දිගුකාලීන නෙවෙයි කෙටි කාලීනවත් සංවර්ධන වැඩක්වත් නෑ.මානව හිමිකම් නෑ, ප්රජාතන්ත්රවාදය නෑ,මනුස්සකම නෑ.ඒ සියල්ල පැත්තකට විසි කරලා බලය රැකගන්න ඕනිම පහත් වැඩක් කරන්න ජෙප්පෝ ලෑස්තියි.දැන් අවුරුදු දෙකක් එයාලා ඒ පාරේ ඇවිත් තියනවා. අවුරුදු දෙකක් තිස්සේ එකම වැඩේ කරනකොට වැඩේට හුරුවෙනවා.
අනිත් මොන දෙයින් අසාර්ථක උනත් එයලා තවමත් බලය රැකගැනීමේ ක්‍රියාවලියේදී සාර්ථකයි.මේ ආණ්ඩුව පැන්නීම කෙසේ වෙතත් ආණ්ඩුව දණ ගැස්සවන්න පුළුවන් අවස්ථා දෙකක් අපි පසුකරගෙන ආවා.ඒ සටන් දෙකෙන්ම අපි පරාදයි.සටන් දෙකම පාවාදීම්වලින් අවසන් වුනා.එකක් 22කට එරෙහි සටන.ඇත්තටම 22ක පරාජය කරන්න ඕනි තරම් අවස්ථා තිබුණා.රටේ සාතිශය බහුතරය 22කට විරුද්ධව හිටියේ.
වෙන එකක් තියා විනිශ්චයකාරවරුන් පවා 22කට විරුද්ධ වුනා.ඒ විතරක් නෙවෙයි ඒ සටනට විශාල ජාත්‍යන්තර සහයෝගයක් හම්බවුනා.අන්තිමට සාතිශය බහුතරය පරාජයවෙලා සුළුතරය දිනුවා.අපේ රටේ විපක්ෂය රටේ සාතිශය බහුතරය පාවලා දුන්නා. ඊළඟ සටන ආවේ බෞද්ධ බලවේගය සහ ආණ්ඩුව අතර.ඒ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවලා ගිහි ඇඳුම් ඇන්දවීමට එරෙහිවයි.
ඊට එරෙහිව බෞද්ධයාගේ නැගී සිටීමෙන් ආණ්ඩු පෙරලීමක් කෙසේ වෙතත් ආණ්ඩුව දණ ගැස්වීම දක්වා ගෙනියන්න තිබුණා. ඒ සටනත් පාවාදීමකින් අවසන් වුනා.හැබැයි ඒ ඇත්ත කියන්න කවුරුත් බයයි.අද බෞද්ධයා වෙනුවෙන් පාරේ ඉතිරිවෙලා ඉන්නේ අර නයි බස්තම ගත්ත සාදු විතරයි.එයත් කරන්නේ අමු පිස්සුවක්. ඇත්තටම ඥානසාර හාමුදුරුවරුවන්ට නිදහස ඉල්ලලා නැගුන සටනට මොකද උනේ කියලා ගොඩක් අය දන්නේ නෑ.
සමහරු කියන්නේ ආණ්ඩුවේ මර්ධනය ඉස්සරහා තාවකාලිකව පසු බැස්සා කියලා.තව සමහරු කියන්නේ මහ නායක ස්වාමීන්වහසේලාගේ ඉල්ලීමට අනුව තාවකාලිකව නතර කලා කියලා.ඇත්ත කතාව ඒ සටනත් පවාලා දුන්නා.22 කට එරෙහි සටන සජිත් පාවලා දෙද්දී ” සිවුරට යුක්තිය ” සටන මහනායක ස්වාමීන්වහසේලා පාවලා දුන්නා.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ විහාර මහ දේවී ඒකේ තිබුණ සටන හරි කියලා.
ඒක සම්පුර්ණයෙන්ම වැරදි සටන් උපක්‍රමයක්.රටේ රාළ දිගටම ලියලා ඇති ඒ උපක්‍රම වැරදියි කියලා.ඒ විතරක් නෙවෙයි එතන ඉන්න සංවිධායකයින්ට පෞද්ගලික කතා කරලත් කිව්වා ඔය වැඩේ ඇණ ගන්නවා කියලා.එතන තිබුණේ නිර්මාණාත්මක සටනක් නෙවෙයි.අනුන්ගේ සටන් මැද්දට කඩාගෙන පැනලා බුදුවෙන්ඩ හදන අය ගොඩක් එතන හිටියා.හැබැයි ඒක නිසා නෙවෙයි සිවුරට යුක්තිය සටන පරාජය වුනේ.මහනායක ස්වාමීන්වහසේලා එක මතයක නෑ.තවමත් නෑ
මල්වත්තට දැන් මල්වත්ත කියනවට වැඩිය පැලවත්ත කියන එක හොඳයි.ඉතින්……කෝ අර ලිපියේ තිබුණ මහනායක ස්වාමීන්වහසේලා ඥානසාර හාමුදුරුවන් නිදහස් කරගන්න දැනටමත් ආණ්ඩුවත් සමඟ අවශ්‍ය මැදිහත්වීම් කරනවා කියපු එකේ ප්‍රථිපල.රටේ රාළ එකක් කියන්නම් ඥානසාර හාමුදුරුවන්ට ඔය සිරදඬුවම ගෙවලා ඉවරකරන්න වෙනවා.
යම් විදිහකින් ඥානසාර හාමුදුරුවෝ එලියට දෙනවා නම් දෙන්නේ අටමස්ථාන සංවර්ධන සැලැස්ම හරහා ඉන්දියන් project එක කරදරයක් නැතිව එලාගන්න මහනායක ස්වාමීන්වහසේලා එකඟ කරගෙන.ඒක නිසා මේ රටේ විපක්ෂ නායක සහ මහනායකලා විශ්වාස තියලා නං වැඩ කරන්න එපා.එහෙම උනොත් සිද්ධ වෙන්නේ අනුරට ඕනි දේ.ඒ කියන්නේ ඉන්දියාවට ඕනිදේ,නැත්තං බෝන් එගේන්ලට ඕනිදේ,එහෙමත් නැත්තං බෙදුම්දයට ඕනි දේ.
මෙතනින් ඉදිරියට එන සටන් ගැන කවර කතාද?ඇත්තටම හරි නං මේ වෙලාව කියන්නේ රටම පාරේ ඉන්න ඕනි වෙලාවක්.එක පැත්තකින් සංවිධානාත්මක අපරාධ පනත සහ රාජ්‍යය ත්රස්තවාදයතෙන් බේරාගැනීමේ පනත කියලා මිනීමරු පනත් දෙකක් එනවා.ඒවා සම්මත උනොත් ආය මේ රටේ කිසිම කෙනෙකුට කට අරින්න බෑ.වචනයක් ලියන්න බෑ.හැබැයි මේ රටේ විපක්ෂ නායකයා මේ සටන ගන්නේ නෑ.මිනිහට ඒ ගැන වගේ වගක් නෑ.
පහුගිය දවසක වෘත්තීය සමිති නායකයෝ විපක්ෂ කාර්යාලය එකතු උන වෙලාවේ සජිත් හිටපු ස්ථාවරය කියන්න.එයා සටන අතට ගත්තද,නැත්තං මඟැරියාද කියලා රටට කියන්න.ඒ ගිය අය කවුද කියලා රටේ රාළ දන්නවා.එයාලගේ යුතුකමක් තියනවා එතන උනදේ රටට කියන්න.එහෙම නොකියා සජිත්ව ආරක්ෂා කරනවා කියන්නේ පාවාදීම ආරක්ෂා කරනවා කියන එකයි.හෙට දවසේ එන මේ සටනට දේශපාලන නායකත්වයක් නෑ.
එජාපයට හරි ඒකාබද්ධ විපක්ෂයට ඒක ගන්න හැකියාවක් නෑ. පොහොට්ටුවේ නායකයා හිරේ දාලා නිසා එයාලටත් බෑ.ඕනි නං සමාජ බලවේග ටිකක් කෑගහයි.එතකොට ඔයාලට හිතෙයි පෙරටුගාමින් මේ සටන ගනීයි කියලා.පෙරටුගාමීන් මේ සටන ගන්නේ එක්තරා සීමාවක් දක්වා විතරයි.එයාලා ජවිපෙ ගෙදර යවන්න ලෑස්ති නෑ.එයාලා ඉල්ලන්නේ ජවිපෙ යටතේ ප්‍රතිසංස්කරණක්.
දේශපාලන සටන් පාඨ පැත්තකින් තියලා බැලුවොත් පෙරටුගාමීන් කියන්නේ මේ දෙක අයින් කරලා අපි එකට වැඩකරමු කියලයි.හැබැයි සජබ සහ පෙරටුගාමීන් සංසන්දනය කලොත් පෙරටුගාමීන්ගේ සටන සජබෙට වැඩිය ප්රගතිශීලී. ආණ්ඩුව මේ පනත් දෙක සම්මත කරනවා කියන දරදඬු තැනක ඉන්නේ.
එයාලට දැනට තියන එකම බාධාව ජාත්‍යන්තර වශයෙන් එන පීඩනය විතරයි,දැනටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය,මානව හිමිකම් සංවිධානවලින් ලොකු පීඩනයක් ආණ්ඩුවට දෙනවා.ඒත් මෙයාලට ඉන්දියාවේ රැකවරණයට තියනවා.මොකද මෙයාලා මේ කරන්නේ ඉන්දියන් කොන්ත්‍රාත්තුවක කොටසක්.ඊළඟට අනුරධපුර අටමස්ථාන සංවර්ධන සැලැස්මට බෞද්ධයාගේ විරෝධයක් තිබුණට මහ නායක ස්වාමීන්වහසේලා කට අරින්නේ නෑ.
වර්තමාන අටමස්ථානාධිපති හාමුදුරුවොත් කට අරින්නේ නෑ. නැත්තං ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ වැලි මළුවේ පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවේ අවසර නැතිව ටෙරා කොටා ගල් අල්ලලා යනකං හාමුදුරුවෝ උඩ බලාගෙන හිටීද?ඒක නිසා තවත් දැවැන්ත සටන් තුනක් රට ඉස්සරහා තියනවා.ආර්ථික සටනත් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී එනවා.අවස්ථා කොච්චර ආවත් වැඩක් නෑ ඒකට නායකත්වය දෙන්න හරි දේශපාලන නායකත්වයක් නැතිව.
බෞද්ධ උරුමය රැකගන්න හරි භික්ෂු නායකත්වයක් සහ සිංහල බෞද්ධ නායකත්වයක් නෑ.ඒ වගේම රටට නායකත්වය දෙන්න ශක්තිමත් දේශපාලන නායකත්වයක් නෑ.ඊළඟට අනුර ගේන්නේ සර්ව ආගමික සමුළු වෙන්න පුළුවන්.දේශපාලන වශයෙන් අනුරගේ සර්ව ආගමික රෙද්ද උස්සලා බැලුවොත් එතන ඇත්ත සර්ව ආගමික කතාවක් නෑ.තියෙන්නේ ඉන්දියන් ව්‍යාප්තවාදය, බෙදුම්වාදය,අන්තවාදය සහ බෝන් එගේන්වාදය.ඒක අපට පටවන්න හදන්නේ සර්ව ආගමික රෙද්දෙන් වහලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
3 Viewers





