සහරාන් ගැහුවෙ කොච්චිකඩේ පල්ලියට, නමුත් කාදිනල්තුමා ගැහුවෙ සමස්ත සිංහල බෞද්ධ සමාජයට?

කාදිනල්‍තුමා හා කතෝලික සභාව දිගින් දිගටම පාස්කු ප්‍රහාරය වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන්, එනම් වත්මනේ අර්බුදයට පත්ව සිටින ජනාධිපති ගෝඨාභය බලයට ඒම පිණිස, සිදුකරන ලද්දක් යැයි සැක මතුකිරීම පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” හි විමර්ශණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමා පවසා සිටියේ සමස්තයක් ලෙස ගතහොත් මෙම ප්‍රකාශය නවසීලන්තයේ කිතුනු බැතිමතෙක් මුස්ලිම් පල්ලියකට පහරදී යාඥ කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් මරා දැමීමට පලි ගැනීමක් ලෙස මුස්ලිම් අන්තවාදීන් කිහිපදෙනෙක් එකතුව කිතුනු පල්ලි කිහිපයකට සහ හෝටලයකට පහරදී සිංහල-කතෝලික, මුස්ලිම් හා විජාතිකයින් 250ක් මරා දැමීමට එල්ල කල ප්‍රහාරයට වැඩිය වර්ගවාදී අන්තවාදී ආගම්වාදී ප්‍රවේශයක් බවයි. කාදිනල්තුමා සහ කතෝලික සභාව මෙම ප්‍රකාශය කරන්නේ 69 ලක්ෂයක් තුල ගොනුවූ සිංහල බෞද්ධ ජනතාවකට එරෙහිවයි. සහරාන් ගැහුවෙ සිංහල-කතෝලික, දෙමල-කතෝලික පල්ලි කිහිපයකට හා සිංහල, දෙමල, මුස්ලිම් හා විදේශිකයින් සිටි හෝටලයකට. නමුත් කාදිනල්තුමා මූලිකව ගහන්නෙ සිංහල-බෞද්ධ සමාජෙට. කාදිනල්තුමාගේ සහ කිතුනු සභාවේ මෙම ප්‍රකාශය නිසා අපේ සමහරක් සිංහල-කිතුනු මිතුරන් අප සමගත් උරණවෙලා අපත් ගෝඨාභය ගෙන ඒම පිණිස දායක වීම සහ කාදිනල්තුමාගේ මෙම ප්‍රකාශය පිළිනොගැනීම යන කරුණු මුල් කරගෙන.
අපත් පාස්කු ප්‍රහාරයේ මහමොළ කරුවන්ගේ සිට උණ්ඩුකපුච්ඡය දක්වා හැම දෙනෙක්ම නීතියේ රැහැනට හසුකරගැනීමේ ප්‍රමාදය සහ දුෂ්කරතාවයන් පිළිබඳව තරහින්, කලකිරීමෙන් සහ ඉච්ඡාභංගත්වයෙන් ඉන්නෙ. ඊට සිරිසේන ජනාධිපති වග කිවයුතු වුවත් රනිල් අගමැති වග කිවයුතු නොවේ යැයි නිර්දේශ වුනු කාදිනල්තුමා හා කතෝලික සභාව නියෝජනය කළ නියෝජිතයින්ද නියෝජනය කළ ජනාධිපති පාස්කු කොමිසමත්, සහරාන් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන්ට එරෙහිව බුද්ධි වර්තා ලබාදී වසර දෙකක් යන තෙක්ම එම වාර්තා අධ්‍යයනය නොකර අවශ්‍ය නීතිමය උපදෙස් දීම මග හැරිය නීතිපති දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවත්, නඩුවක් නිසිලෙස ගොණුකර ගැනීමට නොහැකි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, තාක්ෂණික කරුණු මූල්කරගෙන සමස්ත සිද්ධිය පසෙකලා චූදිතයින් නිදහස් කරණ අධිකරණයත් මෙම සමස්ත බිඳවැටීමට වගකිව යුතුයි.
ඔය කියන සියළුම ආයතන අකර්මණ්‍යය වූයේ ජනාධිපති ගෝඨාභයගේ ඇඟිලි ගැසීම් නිසාද? එසේනම් රනිල්-සිරිසේන යුගයේදී දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරේ ගෝඨාභයද? පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමට කාදිනල්‍තුමා නියෝජනය කළ නීතිඥවරයා පත්කරේ ගෝඨාභයද? කාදිනල්‍තුමා හා කතෝලික සභාවේ නීතිවේදියා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්ණ ඇසීම අතිශයින් සීමාකර තිබුනේ ගෝඨාභයගේ මෙහෙයවීම නිසාද?
සමහරවිට එල්ටීටීඊය පිටුපස කතෝලික පල්ලි නියෝජනය තිබුනා ලෙස සහරාන් පිටුපස බෞද්ධ නියෝජනයක් තිබුනා යැයි අභූත චෝදනාවක් කාදිනල්තුමාට සහ කතෝලික සභාවට නැගීමට හිතුනාදැයි සැකයි. එයින් එතුමා බලාපොරොත්තු වන්නේ යම්කිසි වගකීමකින් නිදහස් වීමක් විය හැකියි. කොමිසමේදී ඥාණසාර හාමුදුරුවන්ගේ සාක්කියෙන් කියවෙනව ඥාණසාර හාමුදුරුවන් කතෝලික සභාව දැනුවත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය බවත් ඒ සඳහා කාදිනල්තුමා අනුමැතිය නොදුන් බවත්.
පාස්කු ප්‍රහරය සිදුවූ විගස ජවිපෙ පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවේ ඉහලින්ම සිටි ඊබ්‍රාහිම්ගේ නිවස වැටලීමෙන් පෙනී යන්නේ බුද්ධි අංශ කොතෙක් අඩපණ කරත් අවශ්‍ය තොරතුරු ඔවුන් සන්තකයේ තිබුන බවයි. එසේනම් මෙම ජවිපෙ ලයිස්තුගත ඊබ්‍රාහිම් ඇතුළු ආගමික අන්තවාදීන් රැකුනේ කෙසේද? පාර්ලිමේන්තු කමිටුවක් මගින් සහරාන් ඇතුළු කල්ලියට දේශපාලන සම්බන්ධයක් නොතිබුන බව කඩිමුඩියේ සොයාගත්තේ කෙසේද? ජවිපෙ විසින් ඊබ්‍රාහිම් නිර්දෝශී යැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කුමණ කාරණා මුල්කරගෙනද? කාදිනල්තුමාගේ ගෝඨා බලයට එන්න පාස්කු ප්‍රහාරය කරා යන ප්‍රකාශයෙන් ලාබ ලබන්නේ කවුද? ගෝඨාගෝ සමග පාස්කු ප්‍රහාරය ගැට ගැසීමෙන් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත එපා යැයි අත්සන්කළ කාදිනල්‍තුමා පාස්කු වින්දිතයින්ට ලබාදීමට උත්සාහ කරණ සාධරණය කුමක්ද? බොරුව සහ ක්‍රෝධය මුල්කරගෙන ස්වර්ගයට යා හැකියයි සිතීම නොඅදහන්නවුන් හෙවත් මිත්‍යාදෘෂ්ටිකයන් හෙවත් කාෆිර්වරු ඝාතනය කිරීමෙන් දෙවියන් ළඟ කන්‍යාවන් 72ක් ලැබිය හැකියැයි සිතීමෙන් වෙනස් වන්නේ කෙසේද?
ඇත්ත වශයෙන්ම ගෝඨාභයගේ යම්කිසි සම්බන්ධයක් පාස්කු ප්‍රහරය හා තිබුනේනම් මේවනවිට තත්ත්වය අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. එහෙනම් ඇමරිකාව ප්‍රමුඛ රටවල් සියල්ලම පමණක් නොවෙයි බීබීසී, සීඑන්එන් පැය විසිහතරෙම බ්‍රේකිං නිවුස් ගසනු නොඅනුමානය. පහුගිය දිනක ඉන්ටර්පෝල් ප්‍රධානියා හිටපු කැබිනට් ඇමතිවරයෙක් සමග ප්‍රකාශ කර තිබුනා ඔවුන් ගෝඨාභය කිසිසේත්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව දන්නා බව.
එබැවින්, අප කාදිනල්තුමා සහ කතෝලික සභාවෙන් ඉල්ලා සිටින්නේ සිංහල-කතෝලික ප්‍රජාව සහ සිංහල-බෞද්ධ ප්‍රජාව කෙටවීමේ පාපය සිදුනොකරණ ලෙසයි.
103 Viewers





