සිංහල බෞද්ධයිනි නිවට නොවව්!
ලංකාවේ නූතන සමාජයේ සිංහල බෞද්ධයා නිවටයෙක් බවට පත්ව තිබේ. “ගෝඨාභය රාජපක්ෂ නම් සිංහල බෞද්ධ නායකයා පන්නා දමා සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතැනින් ඉවර කළා”ය කියා අපගේ සතුරන් ප්‍රසිද්ධියේම උදම් අනමින් සිටී. එය සැබෑවකි. ගෝඨාභය රාජපක්ෂ යනු සැබෑ සිංහල බෞද්ධ නායකයෙකි. සියලු ජනතාව කෙරෙහි කාරුණිකව සිතා ඉවසීමෙන් සහ හික්මීමෙන් මහත්මා දේශපාලනය කළ නායකයෙකි. සිය රටට ආගමට ජාතියට කිසිදු වරදක් නොකළ එතුමා හට සතුරන් විසින් එල්ල කළ සියලු අසත්‍ය චෝදනා නින්දා අපහාස උපේක්ෂාවෙන් දරාගනිමින් ජනතාවගේ දුක නිවන්නට හැකි උපරිම ශක්තියෙන් ඇපකැප වී සේවය කළ වටිනා නායකයෙකි.
දුෂ්කර කාලයේ එතුමා හට සහාය දුන් මම ඒ බව පෞද්ගලිවම දන්නෙමි. නමුත් එතුමාට අවැසිම මොහොතේ මෙරට අතිමහත් සිංහල බෞද්ධ ජනයා එතුමා අත්හැර දැමුවෝය.
අපගේ සතුරන් විසින් අපගේ නායකයා පන්නා දමන තුරු සිංහල බෞද්ධයා නිවටයෙකු මෙන් නිහඬව බලා සිටියා. එහි දරුණු විපාක වැඩි කල් නොගොසින්ම අපට අත්විඳිය හැකිය. නමුත් ඒ බොහෝ දෙනා හදවතින් කම්පා වූ බවද සත්‍යයකි.
එසේ නම් ඔවුන් නිහඬව සිටියේ ඇයිද කියා කල්පනා කළ යුතුය. එයට හේතුව වූයේ අපගේ සතුරන් විසින් සැලසුම් සහගතව දියත් කළ මර්ධනයයි. සමාජ මාධ්‍ය ඔස්සේ නින්දා අපහාස කරමින් අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන් විසින් සිංහල බෞද්ධයා නිහඬ කරන ලදී. එමෙන්ම ජනමාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සතුරාවම උලුප්පමින් සිංහල බෞද්ධයාගේ හඬ යටපත් කරමින් ගෙනගිය කූට ව්‍යාපාරයද එයට හේතු විය.
ජාතික ව්‍යාපාරය නියෝජනය කළ විමල් වීරවංශ වැනි අවස්ථාවාදීන් සිංහල බෞද්ධයන් නොමග යවා භේද බින්න කර දැමුවා. සිංහල බෞද්ධයා බියවී විසිරී නිහඬව බලා සිටින තැනට පත් කළේ අපගේ සතුරන් විසිනි.
එසේ නම් දැන් අප කළ යුත්තේ කුමක්ද?
දැන් අප එකමුතු විය යුතුය. විසිරී සිටින සිංහල බෞද්ධයා නැවත එකතු කළ යුතුය. එක එකා එකතු කළ යුතුය. වට්සැප් කණ්ඩායම් දහස් ගණනින් හැදිය යුතුය. අපගේ සතුරන්ගේ වාග් තර්ජන ගර්ජන හමුවේ නිහඬව නොසිටිය යුතුය. උන්ගේ වචනයෙන්ම පෙරළා පහර දිය යුතුය. පහර පිට පහර දිය යුතුය. මහත්මා වචනයෙන් සතුරා පරාජය කළ නොහැකිය.
පළමුව කළ යුත්තේ සිංහල බෞද්ධයාගේ මේ හුඹස් බිය තුරන් කිරීමයි. අනගාරික ධර්මපාලතුමා කතා කළ බස තමයි ගැලපෙන්නේ. එහෙම නැතුව ඊනියා ශිෂ්ට සම්පන්න බසින් සතුරා පරාජය කළ නොහැකිය. හොඳවයින් එකක් දෙකක් කියන විට සතුරා නිහඬ වේ. නිහඬ වනතුරු පහර ගැසිය යුතුය. එකතු වී පහර ගැසිය යුතුය.
අප තිලෝගුරු බුදුරජාණන්වහන්සේ පවා ආලවකයාගේ තර්ජන දිගටම ඉවසුවේ නැත. සතුරා මෙල්ල කරගත යුතුය. ඉන් පසුව ධර්මය දේශනා කළ හැකිය. එම නිසා සමාජ මාධ්‍යයේ නිවටයන් මෙන් නිහඬව නොසිටිනු. සතුරාට එරෙහිව නොබියව කතා කරනු. වකුටු කොන්ද කෙලින් කරගනු!
අපගේ බලය ගොඩනැගිය හැක්කේ එලෙසිනි. මේ මොහොතේ අප කළ යුත්තේ සිංහල බෞද්ධයා නැවත නගා සිටුවීමයි. නොඑසේ නම් අපගේ රටත් සම්බුද්ධ ශාසනයත් ආර්ය ජාතියත් ඉක්මනින් මෙලොවින් තුරන් වී යනු ඇත.
ලෝකයේ ජීවත්වන ජාතීන් අනුව ගත් කළ සිංහල බෞද්ධයන් ඉන්නේ ඉතා සුළු පිරිසකි. “සිංහල බෞද්ධයාගේ බලය අවසන් කළා”ය කියා අසික්කිත ප්‍රකාශයක් කළ ඕමල්පේ සෝභිත නම් චීවරධාරීයා එම ප්‍රකාශය ඔහු විසින්ම ඉල්ලා අස්කරගෙන සිංහල බෞද්ධ ජනතාවගෙන් සමාව ගන්නා තැනට වහා වහා කටයුතු කරමු!
සිංහල බෞද්ධ ජනතාවගේ බලය ඉවර නැති බවත්, ඉවර කරන්නට හිතන උන් ඉවර වෙන බවත් පෙන්වමු!
එරන්ද ගිනිගේ
2022 ජූලි මස 17 වැනිදා
89 Viewers





