සිරිල් ගාමිණි පියතුමා සේවය කරන්නේ බෙදුම්වාදයටද?
පාස්කු ප්‍රහාරය එල්ලවෙලා ගිය 21 වෙනිදාට අවුරුදු හතයක් සම්පුර්ණ වුනා.පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත බවට චෝදනා එල්ලවෙන අය අද පාස්කු ප්‍රහාරයේ විමර්ශකයන් බවට පත්වෙලා.විමර්ශකයන් බවට පත්වුනේ එයාලා මාලිමාවේ දේශපාලන ක්‍රියාකාරීන් වෙච්චි හින්දයි.ඒක නිසා අද පාස්කු ප්‍රහාරය සම්බන්ධව කෙරෙන විමර්ශන දේශපාලන දඩයමක්ද කියන සැකය මතුවෙලා තියනවා.
” වේළුපිල්ලෙගෙන් පසු ආ කුමාරපිල්ලේ ” ලිපියෙන් රටේ රාළ මේ ආණ්ඩුව බෙදුම්වාදයට පක්ෂපාති ආණ්ඩුවක් බව පෙන්නලා දුන්නා.ඒ වගේම ඒ බෙදුම්වාදී වැඩපිලිවෙලත් එක්ක දැනට සිද්ධවෙන පාස්කු පරීක්ෂණත් ගැටගැහිලා තියනවද කියන සැකයත් මතුවෙනවා.ඒ සැකයට මූලිකයා වෙන්නේ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා දිගටම කරන ප්‍රකාශ.සිරිල් ගාමිණිගේ මාධ්‍ය ප්‍රකාශකවලින් දිගටම ඒත්තු ගන්වන්න හදන්නේ පාස්කු ප්‍රහාරයට රාජ්‍ය ඔත්තු සේවය,බුද්ධි අංශ සම්බන්ධ බවයි.
අධිකරණය මගින් කිසිදු බුද්ධි නිලධාරියෙක් වරදකරුවෙක් කරලා නෑ.ඒ වගේම ඇමරිකාවේ FBI ආයතනය මගින් කරපු විමර්ශනවලදීත් අපේ බුද්ධී අංශ නිළධාරින්ට චෝදනාවක්වත් එල්ලවෙලා නෑ.එහෙම තත්වයක් යටතේ සිරිල් ගාමිණී කට අරින අරින පාරක් ගානේ අපේ බුද්ධි අංශ පාවාදෙමින් ඉන්නවා. ඇත්තටම සිරිල් ගාමිණිගේ මේ ප්‍රකාශ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්.
ඒ වගේම බුද්ධි අංශ සම්බන්ධයෙන් පොදු ජන මනස ඇතුලේ විශාල සැකයක් සහ රාජ්‍ය ඔත්තු සේවය ගැන බියක් සහ පිළිකුලක් හදනවා.රටේ රාළ යෝජනා කරන්නේ වහාම සිරිල් ගාමිණිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනි කියලයි.
සිරිල් ගාමිණිගේ ප්‍රකාශවලින් මහජනතාව තුළ රාජ්‍ය ඔත්තු සේවය (State Intelligence Service – SIS) බුද්ධි අංශ සහ ආරක්ෂක ව්‍යුහය කෙරෙහි සැකයක්,කුකුසක් හෝ පිළිකුලක් ඇති වීමට විශාල ඉඩක් තියනවා.මේ තත්ත්වය සමාජීය සහ ජාතික ආරක්ෂාව කියන අංශ දෙකටම තර්ජනක්.
එක පැත්තකින් ඒ ආයතන සම්බන්ධ තියෙන ජනතා විශ්වාසය බිඳවැටෙනවා.රාජ්‍ය ඔත්තු සේවය කියන්නේ රටක අභ්‍යන්තර සහ බාහිර ආරක්ෂාව සම්බන්ධව තීරණාත්මක තොරතුරු හසුරුවන තැන.පියතුමෙක් කියන්නේ සමාජයේ ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්.එහෙම කෙනෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශවලට දිගින් දිගටම චෝදනා කරනකොට සාමාන්‍ය ජනතාව ඒ ආයතන දකින්නේ “මහජනයා ආරක්ෂා කරන ආයතන ” විදිහට නෙවෙයි, “දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන භීෂණකාරී ආයතනයක්” විදිහටයි.
ඇත්තටම ඔත්තු සේවාවන් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ මහජනතාවගෙන් ලැබෙන තොරතුරු සහ සහයෝගය මතයි. ජනතාව ඒ ආයතනය දිහා පිළිකුලෙන්,සැකයෙන් සහ බියක් බලනවා නම් ජනතාව තොරතුරු දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ.ඒ වගේම ඔත්තු සේවා නිලධාරීන්ගේ සදාචාරාත්මක බලය (Morale) දුර්වල වෙනවා.විදේශීය ඔත්තු සේවා ඉස්සරහා අපේ බුද්ධී සේවය හෑල්ලුවට ලක්වෙනවා.
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වගේ සංවේදී ආගමික පසුබිමක් සහිත සිදුවීමකදී,මේ වගේ ප්‍රකාශවලින් විවිධ ආගමික සහ වාර්ගික කණ්ඩායම් අතර එකිනෙකා කෙරෙහි සැකය වර්ධනය කරන්න පුළුවන්.සිරිල් ගාමිණීලට ඕනි ඒකද?රජය හෝ රජයේ ආයතන තමන්ව පාවා දෙන බවට හැඟීමක් ජනතාව තුළ ඇති කිරීම සමාජ අසහනයට මග පාදනවා.මහජනතාව ගොඩක් වෙලාවට ආගමික නායකයන් පවසනදේ ඇත්ත කියලා පිළිගන්නවා.
ඒ ඉඩද මේ සිරිල් ගාමිණී අවභාවිතා කරන්නේ.සාමාන්‍ය දේශපාලඥයෙක් කරන ප්‍රකාශයකට වඩා පූජකවරයෙක් කරන ප්‍රකාශ ජනතාවගේ මනසට දැඩිව කා වැදිනවා.සිරිල් ගාමිණී කියන කතාව ඇත්ත උනත් බොරු උනත්,දිගින් දිගටම ඔහොම කියන එකෙන් “ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ” කියලා ජනතාව හිතනවා.ඇත්තටම සිරිල් ගාමිණී මේ කරන්නේ දේශද්‍රෝහී වැඩක් වගේම නීති විරෝධී වැඩක්.මහජනතාව තුළ රජය හෝ රජයේ ආයතන කෙරෙහි පිළිකුලක් ඇති කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ “අප්‍රසාදය ඇති කිරීමේ” (Sedition) වරදට සමානයි.
ඒ වගේම මේ ප්‍රකාශවලින්න් මහජන කැළඹීමක් ඇති වීමේ ප්‍රවණතාවයක් තියනවා.ඒ ගැන ජාතික ආරක්ෂාව පැත්තෙන් දැඩි අවධානයක් යොමු කරන්න ඕනි.මේ වගේ ප්‍රකාශ හරහා රාජ්‍ය ඔත්තු සේවය කෙරෙහි ජනතාව තුළ “පිළිකුලක්” ඇති කිරීම කියන්නේ හුදෙක් ආයතනයකට වෙන අපහාසයක් විතරක් නෙවෙයි,ඒක රටේ ආරක්ෂක ජාලය දුර්වලවීමට සහ මහජන සාමය බිඳ වැටීමට හේතුවක් වෙන්න පුළුවන්.ඒක නිසා මේවගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒවායේ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා නීතිමය මැදිහත්වීමක් කරන්න ඕනිමයි.
■ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරලා තියනවා.ඒත් ඒක නිරපේක්ෂ අයිතියක් නෙවෙයි.15(2) වගන්තිය ප්‍රකාරව කරුණු කීපයක් මත ඒ නිදහස සීමා කරන්න පුළුවන්.ඒ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම.මහජන සාමය ආරක්ෂා කිරීම සහ අපහාසය හෝ අපරාධයකට අනුබල දීම වැළැක්වීමේ අර්ථයෙන්.
■ ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයට සහ ආයතනවලට එරෙහිව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය (රාජද්‍රෝහී ප්‍රකාශ) අනුව යම් පුද්ගලයෙක් තමන්ගේ වචනයෙන් හෝ ලේඛනවලින් රජය කෙරෙහි වෛරය,අප්‍රසාදය හෝ අවඥාව ඇති කිරීමට තැත් කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් විදිහට දැක්වෙනවා.රාජ්‍ය ඔත්තු සේවය වගේ සංවේදී ආයතනයක් ගැන මහජන පිළිකුලක් ඇති කිරීමෙන් සිරිල් ගාමිණි ඒ වරඳට ලක්කරන්න පුළුවන්.ඒවගේම 484 වගන්තිය යටතේ මහජන සාමය කඩවන අයුරින් හිතාමතාම සිදුකරන ප්‍රකෝප කිරීම.490 වගන්තිය යටතේ වරදක් කිරීමට තැත් කිරීම හෝ අනුබල දීමේ වැරදිවලට ලක්කරන්න පුළුවන්.
■ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (ICCPR Act – No. 56 of 2007)3(1) වගන්තිය අනුව “යම් තැනැත්තෙකු විසින් යුද්ධය ප්‍රචාරය කිරීම හෝ ජාතික,ආගමික හෝ වාර්ගික වෛරීභාවය පතුරුවාලීම නොකළ යුතුය.”යම් ප්‍රකාශයක් මගින් රාජ්‍ය ආයතන සහ ජනතාව අතර පළුදු වීමක් ඇති කර,ඒ හරහා ප්‍රචණ්ඩත්වයක් හෝ මහජන කැළඹීමක් ඇතිවීමේ අවදානමක් පවතිනවා නම් මෙම පනත යටතේ නඩු පවරන්න පුළුවන්.මෙතන තියන විශේෂත්වය වෙන්නේ මේ වැරදි සඳහා ඇප ලබා දෙන්න පුළුවන් මහාධිකරණයකට විතරයි.
■ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ රෙගුලාසි – පාස්කු ප්‍රහාරය වගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට සෘජුවම තර්ජනයක්.ඒ වගේ අවස්ථාවලදී පනතේ 2(1)(ඌ) වගන්තිය යටතේ “මහජනතාව හෝ මහජනතාවගෙන් කොටසක් අතර වෛරය හෝ අසමගිය ඇති කිරීමට සලස්වන වචන පැවසීම හෝ ලකුණු ප්‍රදර්ශනය කිරීම” වරදක් ලෙස දක්වලා තියනවා.
■.පොලිස් ආඥාපනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය – අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය යටතේ යම් තොරතුරක් මත පදනම්ව විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසියට බලය තියනවා.ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වගන්තිය අනුව මහජන පීඩාවක් හෝ සාමයට බාධාවක් වන ක්‍රියා වැළැක්වීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තියනවා.
■.අපහාසය පිළිබඳ නීතිය (Law of Defamation)රාජ්‍ය ඔත්තු සේවය වැනි ආයතනයකට එල්ල කරන චෝදනා සනාථ කිරීමට අපොහොසත් වෙනවා නම්,ඒ ආයතනයේ ප්‍රධානීන් හෝ රජය වෙනුවෙන් නීතිපතිවරයාට සිවිල් අපහාස නඩුවක් මගින් අදාළ පුද්ගලයාට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්.
■ නිගමනය සහ ගත හැකි පියවර – යම් පුද්ගලයෙකු පදනම් විරහිතව රාජ්‍ය ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කරන්නේ නම්,රජයට ගත හැකි නීතිමය පියවර මාලාවක් තියනවා.අදාළ පූජකවරයා කියන කරුණු සනාථ කිරීමට ඔහු සතු සාක්ෂි විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) එයාව කැඳවන්න පුළුවන්.හැබැයි ඉතින් ඒකේ ඉන්නේ ශානිලා.
සිරිල් ගාමිණී පියතුමා ලබාදෙන තොරතුරු අසත්‍ය බව විමර්ශනවලදී තහවුරු වුවහොත්,ICCPR පනත හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ නීතිපති උපදෙස් මත නඩු පවරන්න පුළුවන්.අදාළ ප්‍රකාශ මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන බව හැඟෙනවා නම්,තවදුරටත් එවැනි ප්‍රකාශ සිදු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් (Injunction) ලබා ගැනීමේ හැකියාව තියනවා.මේ වගේ කරුණු අධිකරණය ඉදිරියේ විභාග වෙනකොට,ඒ ප්‍රකාශ සිදුකළ පුද්ගලයාට තමන් පවසන කරුණු සත්‍ය බව ඔප්පු කිරීමේ භාරය (Burden of Proof) පැවරෙනවා.
ඒක කිරීමට අපොහොසත් උනොත් නීතිය ඉදිරියේ වරදකාරයෙක් වෙනවා.අපේ රටේ මේ මොහොතේ තියන තත්වය දේශපාලනිකව හිතුවොත් සිරිල් ගාමිණි පියතුමා සේවය කරන්නේ බෙදුම්වාදයට බව පැහැදිලියි.ඒ කියන්නේ කොටි ඩයස්‌පෝරාවට.එයාලට ඕනි රට ඇතුලේ මේ වගේ රාජ්‍ය බුද්ධි සේවා දුර්වල කරලා තියන්න
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
7 Viewers





