සෙන්පති සරත් වීරසේකර

එල්ටීටීඊ මරාගෙන මැරෙන මුහුදු කොටි බලකාය සමග සටන් කළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුරයාත්‍රා බල ගණයේ සංවත්සර උළෙලට එම බල ගණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරට ආරාධනා කර තිබිණි…
මේ එතුමා එයට සහභාගී වූ අවස්ථාවයි..

මෙරට යුද ජයග්‍රහණයේ තීරණාත්මක කාර්යභාරයක් නාවික හමුදාව විසින් ඉටු කරනු ලැබීය..

යුද්ධයේ අවසාන සමය ළඟාවද්දි එක පිට එක දැවැන්ත ආයුධ ගබඩා වැනි එල්.ටී.ටී.ඊ.ආයුධ ප්‍රවාහන නෞකාවන් රැසක් ජාත්‍යන්තර මුහුද කරා යාත්‍රාකරමින් විනාශ කර දැමීම යුද ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් විය..

යම් හෙයකින් එම ආයුධ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් අතට පත් වූවානම් අපට වන හානිය ඉතා දරුණු වන්නට ඉඩ තිබිණි..

එල්ටීටීඊ මරාගෙන මැරෙන මුහුදු කොටින්ගේ මුල්ම මරාගෙන මැරෙන ප්‍රහාරයට ලක්වුන නාවික යාත්‍රාවේ අණදෙන නිලධාරියා වූවේද,
එවකට කපිතාන්වරයෙකු වූ සරත් වීරසේකරයි..

යුද හමුදා භටයින් දහස් ගණනක් උතුරට ප්‍රවාහනය කෙරුණු,
දැවැන්ත Jet Liner නෞකාවට මරාගෙන මැරෙන කොටින් ප්‍රහාර   එල්ල කිරීමට   පැමිණි අවස්ථාවේ,

එම බෝට්ටු රැසක් විනාශ කර,
අවසානයේ එසේ විනාශ කිරීමට නොහැකි වූ බෝට්ටුවකින් එම යුද හමුදා භටයන් ප්‍රවාහනය කර දැවැන්ත නෞකාව බේරා ගැනීම සඳහා,

එම නාවික ප්‍රහාරක ඒකකයට අණ දුන්
කමාන්ඩර් එදිරිසිංහ
තම නාවික ප්‍රහාරක යාත්‍රාව,

එම මරාගෙන මැරෙන කොටි බෝට්ටුවේ  ගැටීමට සැලැස්වීමෙන්,
සිය ජීවිත පූජා කරමින් එම හමුදා භටයන් දහස් ගණනකගේ ජීවිත බේරා ගත් අයුරුත්,
ඔහු සමග එම යාත්‍රාවේ සිට දිවිදුන්
විරෝධාර නාවික සෙබල කණ්ඩායමත් සිහිපත්වේ…

එමෙන්ම පසුකාලීනව ඇතිකල විශේෂ ප්‍රහාරක  කුඩා බෝට්ටු බලකාය  එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝට්ටු වලට එතෙක් ඔවුන් මුහුදේ දැමූ සෙල්ලම් දැමීමට ඉඩ නොදෙමින් ඉතාමත් සාර්ථකව ලෙස ඔවුන් මර්දනය කළ ආකාරය සිහිවේ…

Admiral of fleet වසන්ත කරන්නාගොඩ,
රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මූලිකත්වයෙන් ගොඩනැගුණු එම විශේෂ ප්‍රහාරක බලගනයට
පසුව නාවික හමුදාපති ධුරයට පත් වූ ,
අද්මිරාල් රවින්ද්‍ර විජයගුණරත්න,
සහ,
දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද කලක් අණ දුන්නේය..

එමෙන්ම ඈත මුහුදේ එල්ටීටීඊ ආයුධ ප්‍රවාහන නෞකා විනාශ කිරීම සඳහා බුද්ධි තොරතුරු රැස් කිරීමේදී  නාවික හමුදා බුද්ධි අංශයේ ද මහඟු මෙහෙයක් කළේය..

එමෙන්ම යුද්ධයේ තීරණාත්මක යුගයේදී  කොළඹ නගරය පුපුරවා හැරීම සඳහා කි. ග්‍රෑම් දහසකට වැඩි ( මහ බැංකුවට එළකින ප්‍රහාරයට යොදා ගත් පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක)පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක්  Freezer Truck එකක බදේ සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී ,

නාවික බුද්ධි අංශයේ
කපිතාන් සුමිත් රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම නිසා,
දස දහස් ගණනකගේ ජීවිත මෙන්ම,
එල්ටීටියට යුද්ධයේ වාසිය හැරීමට තිබූ තීරණාත්මක අවස්ථාවක් වලකාලීමට හැකි විය..

පසුව කපිතාන් සුමිත් රණසිංහ ඇතුළු නාවික  නිලධාරීන් කණ්ඩායම  එල්ටීටීඊ මරාගෙන මරණ ප්‍රහාරයකට ලක් වූ අතර එහි සිටි නාවික සෙබළු දහසය දෙනාගෙන් 14 දෙනෙක්ම මිය ගිය අතර
ඉතා බරපතල තුවාල ලබා දිවි බේරා ගත්තේ සුමිත් ඇතුළු තව එක් සෙබළෙක් පමණි..

එමෙන්ම යුද්ධයේ මුල් කාලයේ 1993  දී  හමුදා කඳවුර වටකර එල්.ටී.ටී. ළඊ.ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ,
ගොඩබිමින් ගුවනින් එම කඳවුරට ආධාර කිරීමට නොහැකි වූ තැන,
මුහුදින් ගොස් ,
ලෝක නාවික හමුදා සටන් ඉතිහාසයේ විශිෂ්ටම මෙහෙයුමක් කර ,
යුද හමුදා කඳවුරේ සිටි සෙබළුන් බේරා ගැනීමට නාවික හමුදාව බලඇණිය මෙහෙයවූයේද,
එවකට කපිතාන්වරයෙකු වූ සරත් වීරසේකරය..

කවුරු අමතක කලත් අපට මේ ඉතිහාසය අමතක කළ නොහැක්කේ,
එදා අප විඳි මරණ බය ,
අපේ සිත් තුළින් තවමත් අපට අමතකව ගොස් නැති නිසාය..

ඒ මිනිසුන් කළ කැප කිරීම් වල  වටිනාකම අප අමතක නොකරන්නේ ඒ නිසාය..

ගොඩබිමක් නොපෙනෙන ඈත මුහුදේ ,
ආලෝකයක් නැති මහා ගණ රාත්‍රියේ,
ධාරානිපාත වර්ෂාවේ,
මරාගෙන මැරෙන කොටින්ගේ යාත්‍රා
මොන මොහොතක , කොතනින් මතුවේදැයි නොදැන,
ඔවුන් කළ මහ මෙහෙය
අද්විතීයය,,
අනභි බවනීයය..
අමරණීයය..

.. ලාල් ද අල්විස්…



19 Viewers