• Home »
  • Sinhala News »
  • සොයිලියස් මැන්දිස් – 125 ජන්ම සංවත්සරය

සොයිලියස් මැන්දිස් – 125 ජන්ම සංවත්සරය

ජුනි ..17
සොයිලියස් මැන්දිස්
125 ජන්ම සංවත්සරය

හැට ගනන් වල එක් රාත්‍රියකදී කිසියම් පිරිසක් විසින් සීගිරි චිත්‍ර වල තාර ගානු ලැබීය .මුලු රටම මේ ගැන කම්පාවිය.

සීගිරියට පණමෙන් ආදරය කළ පරණවිතාන මහතා අඬාවැලපෙන ජායාරූප පසුදා පුවත්පත් වල පලවී තිබුනි.

සීගිරිය යථා තත්වයට පත් කිරීමට ඉතාලියෙන් විශේෂඥයකු ගෙන්වනු ලැබීය .ඒ ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් මෙන්ම සංරක්ෂණ ශිල්පියෙක් වන ආචාර්ය ලුසියානෝ මරංසි ය.

තම කාර්‍යය ඉහලින්ම ඉටු කළ ඔහු සීගිරි චිත්‍ර වල මුල් තාක්ෂණයම උපයෝගී කරගෙන සීගිරි චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කල පුවරුවක් අදත් සීගිරි කෞතුකාගාරයේ ඇත .

ඊට පසු ඔහු කැලණි විහාරයට කැදවාගෙන එනු ලැබීය .ඒ පැරණි චිත්‍ර අදුරු වර්ණ මකාදැමීමට උපදෙස් ගැනීමට ය.එය අවසන් කල මරංසි මහතා නව කැලණි විහාරයට ඇතුළු විය.

එහි තිබුනු සොයිලියස් මැන්දිස් ගේ චිත්‍ර දැක ඔහු මවිත විය .ඇසිපිය නොහෙළා බොහෝ වේලාවක් බලාසිටි ඔහු..තමන්ට සොයිලියස් මැන්දිස් දැකීමට ආසා බවත් එහි කැටුව යනලෙසත් ඉල්ලා සිටියේය .

ඔහුව දෙගල්දොරුව ට කැදවාගෙන යාමට බලාසිටි නිළධාරීන්ට මේ දැඩි ඉල්ලීම ඉටුකිරිමට සිදුවිය.

හලාවත මහඔය නිහඬව,අප්‍රකටව ජීවත් වූ සොයිලියස් මැන්දිස් ගේ නිවසට යනවිට ඔහු අමුඩයක් ගසාගෙන මිදුල රහිමින් සිටියේය. කිසිවෙක් ඔහු අදුනාගත්තේ නැත .නිලධාරියකු ඔහුට කතා කොට සොයිලියස් මැන්දිස් මහතා හමුවිය හැකිදැයි විමසිය .පුළුවන් ..වාඩිවෙන්න යයි කියූ අප සිත්තරා ගේ පිටුපසින් ඇතුළු වී සරමක් හා බැනියමක් ඇදගෙන සාලයට විත්  “මම තමයි සොයිලියස් මැන්දිස් ” කියනවාත් සමග ලුසියානෝ මරංසි ඉතාලි චිත්‍ර ශිල්පියා වහාම හුනස්නෙන් නැගී ආවේශයෙන් මෙන් ඔහු වෙත දිවගොස් ඔහුගේ දෑත් තරයේ අල්ලා ගත්තේය …”..කැලණි චිත්‍ර ඇන්දෙ මේ අත්දෙකෙන්දැයි” අසමින් සොයිලියස් මැන්දිස් ගේ දෑත් ගෙන සිපගත්තේය.

ජීවිත කාලයම චිත්‍ර කලාව වෙනුවෙන් කැප කල මේ අසහාය මිනිසාගේ අගය බොහෝ දෙනෙකුට දැනුනේ ඉන් පසුවයි .

නමුත් ඒ වනවිට ඔහු චිත්‍ර කලාවට සමුදී තිබුනි .කැලණියෙන් ඔහු පිටවූයේ යලි කිසිදිනක චිත්‍ර නොඅදිමියී දැඩි හැගීමෙනි… මිය යන තුරු ඔහු නිහඬ අප්‍රකට දිවියක් ගතකලේය විවාහ වූයේද නැත .එම ජීවිත අවශ්‍යතාවන් පවා ඔහු චිත්‍ර කලාව වෙනුවෙන් කැප කලේය …..වයස අවුරුදු 30 දී කැලණි විහාරයේ පලංචියට නැගි ඔහු ඉන් බහින විට වයස 48 ක් වී තිබුනි .ඔහු චිත්‍ර කලාවෙන් ඉවත් කරනු ලැබුවේ වටිනාම පරිණත අවදියේදීය…

සමාජයට අමතක වී තිබුනු මේ විශිෂ්ඨ මිනිසා යලි ජීවත් කරවීමේ අරමුණින් 2002 වසරේදී ගිරාගම ගුරු විදුහල කේන්ද්‍ර කරගෙන ” සොයිලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම ” පිහිටුවා ගනුලැබීය .වාර්ෂිකව පවත්වන ලමාචිත්‍ර උලෙළ හා සැමරුම් උලෙළ මගින්  අනාගත පරපුරට මෙම අසහාය ශිල්පියා යලි යලිත් මතක් කරදීම සිදු කෙරේ.



53 Viewers