හමුදා සෙබළුන්ට වව්නියාව සෙට්ටිකුලම දී වෙඩි ප‍්‍රහාරයෙන්
විල්පත්තුව වන රක්‍ෂිතයේ වව්නියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු හමුදා භට පිරිසකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ සන්නද්ධ පුද්ගලයකු හමුදා ප‍්‍රතිප‍්‍රහාරවලින් තුවාල ලබා වවුනියාව රෝහලට රාති‍්‍ර ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 39 ක වයසේ පසුවන සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
හමුදා සෙබළුන් 22 ක කණ්ඩායමක් රක්‍ෂිතය තුළ මුර සංචාරයේ යෙදී සිටියදී වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි තැබීම පුද්ගලයන් තිදෙනකු විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී තිබෙන අතර අනෙක් දෙදෙනා පලා ගොස් ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
හමුදා සෙබළුන් කණ්ඩායමට වෙඩි තැබීම සිදුකර ඇත්තේ සතුන් දඩයමේ ගිය සන්නද්ධ පුද්ගලයන්ද එසේ නොමැති නම් වෙනත් කණ්ඩායමක්ද යන්න සම්බන්ධයෙන් සෙට්ටිකුලම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
25 Viewers





