හයිටියෙන් උගත් පාඩම් සහ වත්මන් ශ්‍රි ලංකාවේ අධිරාජ්‍ය විරෝධී අරගලය..!
වටිනා ලෝහමය සංයුතියකින් යුත් පසක් ලෝකයට නිරාවරණය වීම එම පස් අයත් භූමියේ හිමිකරුවන්ට වාසනාවක් හෝ අවාසනාවක් දැයි විමසුවහොත් පිලිතුර වන්නේ එය අතිශය වාසනාවන්ත සොයාගැනීමක් බව පිළිගත යුතු සත්‍යයකි..
නමුත් එවන් ඛනිජ සහිත පසක හිමිකරුවන් වාසනාවන්ත වන්නේ එහි හිමිකරුවන් මොළයක් සහිත බුද්ධිමත් වැසියන් වුවහොත් පමණි.. කොටින්ම කියතොත් එම රටේ වැසියන් මොලේ ඇති පිරිසක් වුවහොත් පමණක් ඔවුන්ට වාසනාව උදාකරගත හැක..
මීට කලකට පෙර ලෝකයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් කැරිබියන් මුහුදේ ඇති රටකට මා යටකී අන්දමේ (අ)වාසනාවන්ත ඛනිජ සහිත පසක් තිබුණි..
උතුරු ඇමරිකාවට හා දකුණු ඇමරිකාවට දකුණින් පිහිටි, කියුබාවට ගිණිකොණ දෙසින් පිහිටි,ඩොමීනියානු ජනරජයට වම් පසින් පිහිටි සශ්‍රීක වූත් ශක්තිමත් සංස්කෘතියක් හිමිව තිබූත්” හයිටි රාජ්‍යය ” පොලොවෙන් මතුවන වාසනාවන්ත ලෝහයක් වන ටයිටේනියම් නම් ලෝහයෙන් පිරී පැවතුණු බිමක් විය..
1804 වර්ශයේ ප්‍රංශයෙන් නිදහස ලැබූ හයිටි රාජ්‍යය ප්‍රථාපවත් සංස්කෘතික ලක්ෂණ වලින් පිරීගත් රාජ්‍යයක් විය..
ගුවන් යානා නිශ්පාදනයේදී ප්‍රමුඛ ලෝහයක් වන ටයිටේනියම්, ඔරලෝසුව සෑදීමේදී එහි කොටස් වලටද තවත් බොහෝ තාක්ෂණික මෙවලම් නිර්මාණයේදීත් විශිෂ්ඨ ලෝහයක් ලෙස මූල්‍යමය වටිනාකමක් ඇති ඛනිජයකි..
නමුත් හයිටි වැසියන්ට මෙහි වටිනාකමක් නොතිබුනා වන්නට හෝ එම ලෝහය නිස්සාරණය කර නිශ්පාදන ක්‍රියාවලියක් කරා යාමට ඔවුන්ට ආර්ථිකමය ශක්තිමත් භාවයක් නොතිබුනා වන්නට ඇත..
හයිටිය ප්‍රයෝජනයක් නොගත් මෙම වටිනා ලෝහයෙහි ඇති වටිනාකම හොඳින් තක්සේරු කල ලෝකයේ දියුණුයැයි කියාගන්නා රටවල් හයිටි රාජ්‍ය වෙතින් මෙම ලෝහය මිලදී ගැනීමට උත්සුක වීම මේ අතර ක්‍රියාත්මක වුනි..
ඇමරිකාවට ආසන්න රටක් වශයෙන් ඇමරිකාව විසින් මෙම ටයිටේනියම් ලෝහය ලබා ගැනීමටත් ඒ සඳහා විවිධ වරප්‍රසාදයන් ලබා දීමටත් එවකට හයිටි රජයට යෝජනා කිරීම සිදුවූ අතර එම යෝජනාවට උසස් සංස්කෘතියක් හිමි, තම රටේ ස්වෛරීත්වය පිළිබඳව උදාර හැඟීමකින් යුක්ත හයිටි වැසියන්, ඛණිජ සම්පත් මංකොල්ලයට එරෙහිව ප්‍රභල ලෙස විරුද්ධව නැගී සිටියේ උද්ඝෝෂණ රැල්ලක් පවා රටපුරා ක්‍රියාත්මක කරමිනි..
හයිටි සිවිල් සමාජය තුල ඇතිවූ මෙම දැඩි විරෝධය හමුවේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තම යෝජනාව අකුලාගෙන පසෙකට විය..
හොඳම හරිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය..
හයිටියේ ඇති ලෝකයේ මිල අධිකම ටයිටේනියම් ලෝහ නිධි ලබාගැනීමට ඇමරිකානුවන් හදිසි වූයේ නැත.අවි බලය යොදවා හයිටි රාජ්‍ය අඩපන කොට එය ලබාගැනීමට හැකියාව තිබුනද ඇමරිකානුවන් එය සදාකාලිකවම තමන් සතු කර ලබාගැනීමට උපක්‍රමික ලෙස සැලසුම් සකස් කලේය..
ජෝන් පර්කින්සන් ලියූ, The Economic Hit Man ( ආර්ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණය ) කෘතිය හයිටියේ පමණක් නොව අප්‍රිකානු කලාපයේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, මැදිහත්වීම් ගැන මනා විවරණයක් ලබා දෙන විශිෂ්ටතම ලියවිල්ලකි..
පලමුවෙන්ම ඇමරිකාව ඇමරිකානු ගැති නොවූ ආණ්ඩුව ඉවත් කොට ඇමරිකාවට තම උපායයන් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දක්වන තමන්ට අවනත ආණ්ඩුවක් පත්කර ගැනීමේ ක්‍රියාවලියට යොමු උනි..
දේශපාලනික අස්ථාවරත්වයක් ඇතිකොට එම උපක්‍රමය ජයගත් ඇමරිකානුවන් ඊලඟට තම අරමුණ සඳහා අවශ්‍ය පිඹුරුපත් සැකසුවේ මේ අයුරිනි..
සියලුම ලමුන් පාසල් යාම අනිවාර්ය කොට තිබූ හයිටි රාජ්‍යයේ පාසල් අධ්‍යාපනය අනිවාර්‍ය නොකරන ගැසට් පත්‍ර නිකුත් විනි.. කැමති අයට පාසල් යාමට හැකි වූ අතර පාසල් නිළ ඇඳුම් අනිවාර්‍ය නොවුනි.. විනය විරෝධී ලෙස හැසිරෙන සිසුන්ට දඩුවම් කිරීමට සීමා මායිම් ඇතිවිය.. ටික කලකින් පාසල් යන්නේ කවුද නොයන්නේ කවුද යන්න සොයාගැනීමට වත් හැකියාවක් නොලැබුණේ පාසල් නිළ ඇදුම් අනිවාර්‍ය නොකළ හේතුවෙනි.. ලෝක බැංකුව, IMF ආයතනය, UNICEF වැනි නව ලිබරල්වාදී මොඩලයන්ගේ උපායමාර්ගයන් හයිටි ජනරජයේද මූලික ප්‍රතිපත්තීන් බවට පත්විය..
හයිටියේ සිසුන් භාගයක් පාසල් නොයෑමට හේතුව නම් පාසල් අධ්‍යාපනය රජය මගින් අනිවාර්ය නොකිරීමයි..
(ආක්‍රමනිකයා ඉලක්ක කරන්නේ වැඩිහිටි පරම්පරාවට වඩා හැදෙන පරපුරය. .ඒ දීර්ඝකාලීන සැලසුම්කරුවා පිඹුරුපත් සකසන ආකාරය වේ.)
එලෙසම මහා සංස්කෘතික ආක්‍රමණයක්ද සමස්ථ සමාජ දේහය පුරාම පැතිරී යන්නට විය..
ප්‍රතිසංස්කරණ නාමයෙන් ලිබරල්වාදීන්ට, අධිරාජ්‍යවාදීන්ට හයිටිය තුල සිදුකිරීමට අවශ්‍ය කරණ යෝජනා එකිනෙක යුහුසුලුව ක්‍රියාත්මක විය..
LGBTQ විකෘතිය ඔබ්බවමින්, නව ලිංගික දිශානතීන් ගැන වැඩමුළු, තබමින් තම කෲරත්වය හයිටිය පුරා වපුරවමින්, සමාජය පවුල තුලින්ම බිඳවැට්ටවීමේ නව ලිබරල් න්‍යායපත්‍රය අකුරටම ඉටු කරමින්, පීඩනය හයිටියේ ජනතාවට බැර කරමින්, අවසානයේ විශම මනසකින් යුතු ජනතාව, සහකම්පනයක් නැති, මාතෲභූමියක්, දෙමාපියන්, ජාතික සම්පත් සම්බන්දව විජාතිකයන් සිදු කරනා අනර්ථකාරී ක්‍රියාවන් නොඇසුනාසේ ඔවුන් අධිරාජ්‍යවාදීන් තම මොළ වලට කාවැද්දූ සිහින ලොවක අතරමංවී සිටියහ..
ඉන් අනතුරුව හයිටි රජය විසින් ඇමරිකානු රාජ්‍ය අනුග්‍රහයෙන් පාසල් ලමුන්ට නොමිලේ ටැබ් පරිඝණක ලබාදීම සිදු කරන ලදි..
ටැබ් පරිඝණක ලබාදීමෙන් අනතුරුව නොමිලේ අන්තර්ජාල පරිහරණය සඳහා නොමිලේ වයිෆයි(Free Wifi) පහසුකම් ලබාදෙන ලදි..
මේ අතර අන්තර්ජාලයේ නිල් වෙබ් අඩවි (Porn sites ) සඳහා ඇතුළත්වීම (Free access ) සියල්ලන්ටම ලබාදෙන ලදි..
වයස අවුරුදු 13/14/15/16 යන වයස්වල ලිංගිකත්වය පිලිඹද හය හතර නොතේරෙන දරුවන් ඉන් පසුව ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ බලමින් විකෘති ලිංගික ආසාවන් ඇති මනස විකෘති වූවන් බවට හැරෙන්නට මාවත කැපීමේ පිඹුරුපත් අවසන් කල සැලසුම් කරුවන් ඉන්පසුව හැරුණේ වැඩිහිටියන් දෙසටය..
හයිටි රාජ්‍යයේ මත්පැන් හල් පැය 24 පුරාවටම විවෘත කිරීමට නීති සම්පාදනය විය.
සංගීත සැණකෙලි රාත්‍රිය පුරා පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි.
අරක්කු වල (Hard liquor ) මිල පහතටම වැටුන අතර බියර්( Beer) නොමිලේ ලබාදෙන්නට ක්‍රියා කරන ලදි..
හයිටි රාජ්‍යයේ වැසියන් ඉතා විනෝදකාමී ප්‍රීතිමත් ජීවිතයක් සඳහා පෙලැඹවී ඇත..
මේ අතර මස් (Meet) මිල ශීඝ්‍රයෙන් පහල වැටුණි.
පාන් පිටි මිලද ශීඝ්‍රයෙන් පහල වැටුණි.
සීනි මිලද ඊට සමානවම පහලටම වැටුණි..
මේ වනවිට අධිරාජ්‍යවාදීන් ගේම් එක ගසා ඉවරය..
දැන් බලාගෙන සිටීමේ වාරය සැලසුම්කරුවාට එළැඹ ඇත..
නීරෝගී ශක්තිමත් හයිටි වැසියෝ මස්,පාන්,සීනි හා අරක්කු බියර් අධික ලෙස ආහාරයට ගෙන අධික තරබාරු වූවන් බවට පත්විය. ඇතැමුන් රාත්තල් 450 – 500 දක්වා බර ප්‍රමාණයෙන් යුක්ත විය.බෝ නොවන රෝග බෝවන රෝගයන්ටත් වඩා වේගයෙන් පැතිරී ගියේය..
ඉතා ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියූ හයිටි වැසියන්ගේ සංස්කෘතිය දිනෙන් දින දියවෙමින් විනාශය කරා ගමන් කිරීමට පටන් ගත්තේය..
ලැජ්ජා බය නොමැති මනස විකෘති වූ දරුවන් අතින් මහපාරේ දෙනෝදාහක් මැද කාන්තාවන් දූශණය වෙමින් පවතී.
බස් රියේ,මහා මාර්ගයේ, පාසලේ පන්තිකාමරයේ ඕනෑම තැනක මා මේ ලිපිය ලියන් මොහොතේ පවා දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙමින් ඇත..
ඇතැම් ගුරුවරුන් පවා ඊට උල්පන්දම් දෙමින් ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවෙමින් ඇත..
විනෝදජනක, ප්‍රීතිමත් ,බේබදු ,දුරාචාරී ජීවන රටාවකට හුරු වූ හයිටි වැඩිහිටියෝ සංස්කෘතිය අමතක කර ඉතිහාසය අමතක කර කිසිදු නිශ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ නොවී නොමිලේ මත්පැන් පාණය කරමින් රටේ ආර්ථිකය අන්තයටම පිරිහීමට ක්‍රියා කරන ලදි..
මේ ඉතා ඉහල සංස්කෘතියක් තිබූ රටක් අඩපන කල හැටිය..
ඇමරිකාවට පහසු ජයග්‍රහණයක් අත්විය..
හයිටි රාජ්‍යය වැටුන ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමටත් හයිටි වැසියන්ට තම විනෝදය වෙනුවෙන් මුදල් ලබා ගැනීමටත් ඔවුන් එදා සිට අද දක්වාම ඇමරිකාවට ලෝපස් විකිනීම සිදුකරයි..
ඉතා නීරෝගීමත් ජාතියක් වූ හයිටි රාජ්‍යයේ වර්තමානයේ උපතේදී ආයු අපේක්ශාව – අවුරුදු 45.
සෑම දස දෙනෙකුගෙන්ම නම දෙනෙකු HIV ආසාදිතයෙක් හෝ ඒඩ්ස් රෝගියෙක්..
හයිටි මානව සංවර්ධනතා අංකය රටවල් 189 කින් 169 වෙනියට.
දල දේශීය නිශ්පාදනය ඇ.ඩො 797.
දරිද්‍රතාවයෙන් උපරිමයෙන් බැටකන හයිටියේ ඇතැම් ප්‍රදේශවල ආහාරය සඳහා මැටි වර්ගයක් පෙරහන් කොට සෑදූ රොටී විශේෂයක් අනුභව කරන්න පුරුදු වෙලා..
හයිටියේ කතාව ඉවරයි..!
ශ්‍රී ලාංකිකයනි,
ලංකාවට පෘතුගීසින් ,ලන්දේසින් ,ඉංග්‍රීසීන් ආක්‍රමණය කල ඉතිහාස කතා ඔබ අසා ඉතිහාස පොතේ කියවා ඇති..
වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සිදුවන සිදුවීම් දාමයන් ඉතාමත් සියුම්ව නිරීක්ෂනය කලහොත්, හයිටියේ උගත් පාඩම් වල දෝංකාරයන් උගත් බුද්ධිමත් මෙන්ම මාතෲභූමිය පිළිබඳව හැඟීම් දැනීම් ඇති සියලුදෙනාගේම දැඩිව අවධාරණය කොට වටහා ගත යුතුය..
ආක්‍රමණයක් කරාට පස්සෙ ඒව ඉතිහාස පොත්වලින් බලාගෙන අනාගතයේ උපදින දරුවන් කියෙව්වාට වැඩක් වෙන්නෙ නෑ..
හරියට සුනාමිය ගැන 50000ක් මැරුණට පස්සෙ කතා කරනව වගේම, මෑත කාලීන උදාහරණය වන සුළිකුනාටු, ගංවතුර ගැන, නිවේදන ගාණකට නොගත් පාලකයන්ගේ වර්තමාන පශ්චාත්තාපයන්ද එලෙසම අදාළ වනවා නොඅනුමානය..
රටේ පාලකයා කවරකු උවද ආක්‍රමනිකයා තම උපායන් ක්‍රියාවට නංවන්න පසුබට වෙන්නෙ නෑ..
අවාසනාවන්තම සිදුවීම නම්, අධිරාජ්‍ය විරෝධී අරගලය, ජාතික විමුක්ති අරගලය ගැන, ලෝක බැංකුව, IMF, වැනි සූරාකෑමේ ව්‍යුහයන් පිළිබඳව ඉංදියානු මැදිහත්වීම් සම්බන්දව, අතීතයේ ඉතා නිර්භයව, ප්‍රශස්ත ලෙස ජනතාවට කරුණු කියූ, හයිටිය වැනි රටවල් වලට සිදුවූයේ කුමක්ද ? සහ ජාතියේ භූමිකාව නමින් සම්මන්ත්‍රණද පැවැත්වූ පක්ෂයක් බලයේ සිටියදී අන් කවර කලෙකදිත් නොවූ විරූ ලෙස අධිරාජ්‍යවාදීන්ගේ තිප්පොලක් බවට මව්බිම පත්වෙමින් තිබීමය..
කෝබොල්ට් නිධියේ කතන්දරය ඔබ දන්නේ නම්, ජාතික ඛනිජ සම්පත් වලට අත්වීමට යන ඉරණමද, ශ්‍රි ලංකාවට නුදුරු මුහුදු සීමාවේ සිදුවන අභ්‍යන්තර මෙහෙයුම්ද, සිදුවීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණද, දණ්ඩ නීති සංග්‍රහයේ තාවකාලිකව හකුලා ගත් පනතද, මාධ්‍ය සහ නව මාධ්‍යට මර්ධනය උදෙසා ගෙන එන පනත්ද, රාජ්‍යක් රූපවාහිනී නාලිකා හරහා ගෙන එනු ලබන ටෙලිනාට්‍ය විකෘතීන්ද, ඉතිහාසයක්, සභ්‍යවත්වයක් නොමැති අධිරාජ්‍යවාදීන්ගේ මුඩු බිමක් බවට ශ්‍රි ලංකාව පත් කිරීමේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අපට ඉගැන් වූ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන භූමිකාව අපට පසක් කර දෙන්නේ කුමක්ද යන්නද මනාව උකහා ගත යුතු තීරණාත්මක මොහොතකි වර්තමානයේ උදාවී ඇත්තේ..
සමහර විට බහුජාතික සමාගම් රජරට වකුගඩු රෝග,වගාවට කෘශි රසායන පුරුදු කිරීම,පිලිකා කාරක ආහාර හුරු කිරීම,වගේ දේවල් සැලසුමකට අනුව කරන දේවල් වෙන්නත් පුලුවන්..
ඒකයි අපි ගෙවතු වගා රැලි/ ගහට ගහක් රැලි/ දාස් අටපෙතියා රැලි ( මී මැස්සන්ට) වගේ රට ආරක්ශා කරන්න පුලුවන් කියල හිතෙන රැලි අපේ හැකියාවන් අනුව ගේන්නෙ..
දැනටමත් ” ලිලී පෑඩ් ” පන්නයේ හමුදා කඳවුරක් බවට ශ්‍රි ලංකාව සිතියම් ගතකොට අවසන් බවද කිව යුතුය..
මෙම සියලු කාරණාවන් එක පෙළට පෙල ගැසෙද්දී, ලාංකීය ගුරු භූමිකාවට සුවිශේෂී වගකීමක් තියෙනවා රටේ අනාගත පරපුර ආරක්ශා කරගන්න..
දරුවන් තමයි රටේ හදවත..
සිංහල ,ගණිතය ,විද්‍යාව වගේ විෂයයන් උගන්වනවාට අමතරව දරුවන්ට රටේ අනාගතය ,ඉතිහාසය ,සංස්කෘතිය වගේම ඉදිරියේ පැමිනෙන්න පුලුවන් ආක්‍රමණයන් ගැනත් අප මේ පුංචි රට ගෙනියන්න ඕන තැන ගැන ,අපි හිතන්න ඕන විදිහ පුලුල් අවබෝධයක් ලබාදෙන්න අවශ්‍යයි..
මොකද ලෝකයේ කුමන හෝ රටක ඉලක්කයක් බවට පත් උනොත් එදාට සිංහල ,දෙමළ,මුස්ලිම් කියල වෙනසක් නෑ අධිරාජ්‍යවාදීන් පිඹුරුපත් සකසන්නේ සමස්ථ රටම ඔහුන්ගේ භූ දේශපාලනික කඳවුරක් කර ගැනීම වෙනුවෙන්ම බව සිහියේ තබාගත යුතුයි..
අන්තිමටම කියන්න තියෙන්නෙ අපේ සැබෑ හතුරා,එලියෙ( රටෙන් පිට),
සතුරාගේ මිතුරා( වර්තමාන පාලකයන්ද ) සුබ නැකැත පැමිණීමට මත්තෙන් එක මිටට තබා පරාජය කල යුතු බවය.!
අපි එයාල එවන ඊළඟ ගිනි පිල්ලි වලට අහු නොවී ඉමු…….
2 Viewers





