හර්දීප් සිං , කාලිස්ථානය , එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව , ඊලම, ශ්‍රී ලංකාව කැනඩාව සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට එරෙහි ජන සංහාර උද්ඝෝෂණ…

ඉන්දියාව තුළ කාලිස්ථානය නමින් වෙනම රාජ්යයක් බිහි කිරීමේ ව්‍යාපාරයක් ඇරඹී ඇති අතර අතර එම ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කළේ කැනඩාවේ ජීවත් වූ කැනඩා පුරවැසි භාවයද හිමි හර්දීප් සිං නයිජර් ය…
දැනට වසර එකහමාරකට පෙර ඔහු සහ ඔහුගේ අනුගාමිකයෙක් කැනඩාව තුළදීම ඝාතනය කරනු ලැබීය..
කැනඩාව ඒ පිළිබඳ ඇගිල්ල දිගු කරේ ඉන්දියාවට සහ රෝ ඔත්තු සේවයටයි..
කැනඩාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට කැනඩාවෙන් පිටත් ක්‍රියාමට කැනඩාව නියෝග කිරීමත් සමගම ඉන්දියාව හැරෙන තැපෑලෙන් ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ සිටින කැනඩා නිලධාරීන්ටද එම නියෝගයම එල්ල කළේය..
ඉන්දියාව තම රට සහ තම නිලධාරීන් වෙනුවෙන් සියයට සියයක්ම පෙනී සිටියේය..
කැනඩාව අකුලාගෙන පසුපසට විය..
එමෙන්ම ඉන්දියාව තුළ වෙනම රාජ්යයක් බිහි කිරීමේ කටයුත්තේ යෙදෙන කිසිම පුද්ගලයෙකුට ඉන්දියාව තුළ හෝ ඉන්දියාවෙන් පිටත ඒ සඳහා කිසිදු ඉඩක් නොදෙන බවත් යට එරෙහිව ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඉන්දියාව ප්‍රමාද නොවීම ප්‍රකාශ කළේය..
ඉන්දියාව තුළ දේශප්‍රේමීත්වයට සහ දේශ හිතෛෂීත්වයට ඇත්තේ ඉහළ අගයකි..
ඉන්දියානු සිනමාව මලයාලම් සිනමාව නිරතුරුව ඉන්දියානු හමුදාවේ වීරත්වය හුවා දක්වමින් ගේ සුවිශේෂ හැකියාවන් විදහා දක්වමින් සිනමා පට නිර්මාණය කරති..
රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් නමට කෑදර අපේ සිනමා වීඩියෝ එම සංවිධාන වල සම්මාන බලාපොරොත්තුවෙන් අපේ හමුදාව අප කීර්තියට පත් කරමින් තරඟයට මෙන් සිනමාපට නිපදවති..
මෙරට හමුදාවේ වීරත්වය හුවා දක්වමින්, මානුෂිකත්වය හුවා දක්වමින් නිර්මාණය කර ඇත්තේ චිත්‍රපට එකක් හෝ දෙකක් පමණි..
අපිට අපේ රට ගැන දුක හිතෙන්නේ එවිටය..
ජම්මු කාශ්මීරය යනු ඉන්දියාවේ කොටසකි..
ඉන්දියානු හමුදාව එහි මෙහෙයුම් කරන්නේ ඉන්දියාවෙන් කඩා ගැනීමට ප්‍රයන්ත දරණ ත්‍රස්තවාදීන්ට එරෙහි විය..
ඒ වෙනත් රටකට එරෙහි නොවේ..
තමන්ගේම රටේ සිටින ත්‍රස්ත කණ්ඩායමකට එරෙහිවය..
ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණේද නැගෙනහිර තිබුණේද එවන් තත්ත්වයකි..
ත්‍රස්ත සංවිධාන වල ශක්තිය පැත්තෙන් බැලුවොත් ජම්මු කාශ්මීර් ත්‍රස්තයන්ට වඩා ඉතා බලසම්පන්න ත්‍රස්ත සංවිධානයකි..
ඒ වන විට ලොව යුධ විශේෂඥයන් විසින් ලෝකයේ දරුණුම සහ ප්‍රබලම ත්‍රස්ත සංවිධානය ලෙස නම් කර තිබුණේද පිළිගෙන තිබුණේ ද නා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයයි..
එවන් ත්‍රස්ත සන්ධානයක් විනාශ කළ විරෝධාර හමුදාව , රණවිරුවන් හැර වෙන කවුරුන්ද…?
අද කැනඩාවේ ශ්‍රී ලංකාවට එරෙහිව දස දහස් ගණනින් ඊලාම් හිතවාදීන් එක් කර ගනිමින් දෙමළ ජන සංහාරයකට විරුද්ධව යැයි ගෙනයන ක්‍රියාමාර්ගය ලෙහෙසි පහසු එකක් නොවේ..
කැනඩාවෙන් පටන් ගත් එය දැන් මහා බ්‍රිතාන්‍යයේද එලෙසම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර බවට පත්ව තිබේ…
ජනාසංහරයකට ලක් වූ ජන කොටසකට වෙනම රාජ්‍යයකට ඇති අයිතිය තහවුරු කරගැනීම ඊළඟ පියවර බවට සැක නැත.
මෙවැනි මොහොතක රටක් වශයෙන් අප කෙලින් ප්‍රතිපත්තියක සිටිය යුතුමය..
කැනඩාවේ පමණක් නොව උතුරේද දෙමළ ජන සංහාරයකට එරෙහි සැමරුම් උද්ඝෝෂණ පැවැත්වේ..
ඈත රටවල තියෙන විරෝධතා වලට විරෝධය පළ කිරීමට පෙර තමන්ගේ රටේ තිබෙන එවැනි ව්‍යාපාර නැවැත්වීමට කටයුතු කරන්නේ නැති ඇයිදැයි ප්‍රශ්නයකි..
නියපොත්තෙන් කැඩිය හැකි දේ පසුව පොරවෙන් නොව කැටපිලර් යන්ත්‍ර දමා ද පෙරලිය නොහැකි තත්ත්වයට පත්වූහුත් සිදුවන්නේ කුමක්ද….
?
අනෙක මේ සංවිධාන කරන්නේ කෙතරම් අසාධාරණ චෝදනාවක් ද..?
යුද්ධයේ අවසන් කිහිපයේදී ශ්‍රී ලංකා හමුදාවේ විශාල ගණනක ජීවිතය බේරා ගැනීමට තිබූ අවස්ථාව ආබාධිත නොවීමට තිබූ අවස්ථාව
හමුදාව විසින් අත්හැර දැම්මේ අහිංසක ද්‍රවිඩ ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ අවශ්‍යතාවය මතය.
නැතිනම් ඉතා කුඩා බිම් කඩකුට වී සිටි ප්‍රභාකරමින් ඇතුළු කණ්ඩායම බර අවි ප්‍රහාරවලින් ශ්‍රි ලංකා හමුදා සෙබලුන්ට කිසිදු හානියක් නොවන ආකාරයට සම්පූර්ණයෙන් විනාශ කිරීමට සම්පූර්ණ හැකියාව තිබිණි..
එක හමාස් නායකයෙක් විනාශ කිරීමේ ඉලක්කයක් වෙනුවෙන් සාමාන්‍ය වැසියන් සිය ගණනක් විනාශ වන ලෙස ගුවන් ප්‍රහාර එල්ල කරනු අපට පසුගිය දිනවල නොව දැනටත් දැක ගත හැකිය..
ඒත් ශ්‍රී ලංකා හමුදාව කටයුතු කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය
..
එල්ටීටීඊ ප්‍රහාරවලින් බේරී එන අහිංසක වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට සිය දිවි පරදුවට තබමින් ඔවුන් කටයුතු කළ ආකාරය,
වැඩිහිටියන් සිය අත් දෙකින් ,
ලදරුවන් සිය අත් දෙකෙන් ඔසවාගෙන පැමිණි ආකාරය,
තමාගේ කෑම පිඟාන ඖෂධ ටික ඔවුන්ට පරිත්‍යාග කළ ආකාරය,
පලා එන අය අතර සිටි මරාගෙන මැරෙන කොටි බෝම්බ පුපුරවා ගනිමින්,
කෑම බෙදෙමින් සිටි හමුදා සෙබළුන් සෙබලියන් ඝාතනය කරද්දිත්,
තම මානුෂික මෙහෙයුම නතර නොකර දිගටම කටයුතු කළ ආකාරය,
අමතක කර ඇති ආකාරයේ සැබැවින්ම සංවේග ජනකය,,
තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින ආරක්ෂක හමුදා පිළිබඳව ජනතාව සහ රජය කටයුතු කරන ආකාරය පිළිබඳව ඉන්දියාවෙන් අපිට උගත හැකි දේ බොහෝය..
ඒත් කුමක්දෝ අවාසනාවකට අපේ විශාල කොටසක් ,
කවර හෝ ලාභ ප්‍රයෝජන තකා ,
එම උතුම් කාර්යයෙන් බැහැරව සිටිනවා පමණක් නොව එයට එරෙහිවද කටයුතු කරති..
මිනිසුන් සැබෑ තත්ත්වය තේරුම් ගන්නා තාක් කල් මෙලෙස කටයුතු කළ හැකිය..
මිනිසුන්ට සැබෑ තත්ත්වය සැබවින්ම අවබෝධ වූ විට තත්ත්වය වෙනස් විය හැකිය..
හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ වන විට ආපසු හැරවිය නොහැකි මට්ටමට රට උගුලට හසුව තිබේද යන්නයි..
රෝ සංවිධානයට වඩා ඉදිරියෙන් අපේ බුද්ධි අංශ ක්‍රියා කළ ඈත යුගයක් ද තිබිණ..
එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය දෙන බොහෝ පිරිසක් අගනුවර සිටියදී ,
පොට්ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ට, කොළඹ පුරවා ගැනීමෙන් තොරව යුද්ධය අවසන් කිරීමට හැකි වූයේ ඒ බුද්ධි අංශවල විශිෂ්ටතාවය නිසාය..
දැන් ඒවා ඓතිහාසික පුරාවෘත්ත බවට පත්වී හමාරය..
මේ මොහොතේ සිදුවන දේ බලා සිටීම හැර අපට කරන්න දෙයක් ඉතුරු වී ඇත්දැයි යන්න සැකයකි..
අනාගතයේ දිනෙක අප ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමට කැමැත්තැයි මේ රටේ ජනමත විචාරණයක් පැවැත්වුවහොත් මම පුදුම වන්නේ නැත..
ඒ ගැන පවත්වන ජනමත විචාරයෙන් “කැමතියි” යන මතය ජය ගත්තත් මම පුදුම වන්නේ නැත..
එසේ නැතහොත් උතුරු නැගෙනහිර වෙන් කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තැබුවත්
ඒකටත් “අපි කැමතියි” යන මතය දකුණේ ජයග්‍රහණය කරත් මම පුදුම වන්නේ නැත..
Genocide චෝදනා අවසන් වන්නේ බොහෝ දුරට එතැනින් විය හැකිය..
ඒ තරමටම අපේ අයගේ මොළ හේදී ඇත..
14 Viewers





