හැට නම ලක්ෂෙට මොකද වුණේ
හැට නම ලක්ෂය පාවා දුන් රට ආරාජිකත්වය කරා ගෙනගිය අයවලුන් දැන් තවමත් තමන් හැට නම ලක්ෂයක ජනතාව තවමත් නියෝජනය කරනවා යැයි පුරසාරම් දොඩවති
හැට නම ලක්ෂයක ජනතාව පාවා දුන් ඔවුන්ට එම ජනතාවක් ගැන කතා කිරීමට කිසිසේත් අයිතියක් නැත
එසේම හැට නම ලක්ෂයේ බහුතරය එම පක්ෂයේ එනම් පොහොට්ටුවේ වහලුන් නොවේ
එසේම හැට නම ලක්ෂයේ අති බහුතරය තමන්ගේ බඩ ගැන නොසිතන රට ගැන සිතන පිරිසකි
මේ රට ඒකිය රටක් වශයෙන් තිබිය යුතු යැයි සිතන පිරිසකි
ඔවුන්ගේ පක්ෂය රටයි
13 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට විරුද්ධ පිරිසකි
සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන් සියලු ආගම් සමග එකට කටයුතු කළ යුතුයැයි සිතන පිරිසකි
ඔවුන්ගේ පැහැදිලි වෙනස ඔවුන් ජාතිවාදීන් නොවේ
ඔවුන් මේ රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා විය යුතු යැයි සිතන පිරිසකි
එසේම නිදහස් වෛද්‍ය අධ්‍යාපනය තවදුරටත් සුරැකිය යුතු යැයි සිතන පිරිසකි
ඔවුන් මේ රටේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් සුරැකිය යුතු යැයි සිතන පිරිසකි
කුමන රජයක් යටතේ හෝ මේ රටේ ජාතික සම්පත් විකිණීම හෙළා දකින පිරිසකි
ජාත්‍යන්තර ගිවිසුම් මගින් රට පාවාදීමට එරෙහි පිරිසකි
ඔවුන් හොරකමට පැහැදිලිව විරුද්ධ පිරිසකි
අතීතයේ තමන් නියෝජනය කරන ලද කණ්ඩායම් රටට විරුද්ධ කුමන හෝ වරදක් සිදු කළ විට එය පැහැදිලිව විවේචනය කරන පිරිසකි එයට එරෙහි වන පිරිසකි
තමන්ගේ නියෝජනය කරන පක්ෂය රට පාවා දෙන විට එය අනුමත නොකරන පිරිසකි.
ලක්ෂ හතලිහකට ආසන්න දේශ හිතෛෂීන් විශාල පිරිසක් ඊළඟ ජනාධිපතිවරණයේදී තම ඡන්දය පාවිච්චි කළ යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න අධ්‍යයනය කරමින් වත්මන් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් මේ වන විට අධ්‍යයනය කර ඇත.
ඒ සමගම ඔවුන් මීට පෙර සිටි ස්ථාවරයන් වෙනස් වී ඇත.
ඒ බඩ වෙනුවෙන් නොව රට වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කාටදැයි දැන ගැනීම පිණිසය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපට නිදහස ලබා දුන් රණවිරුවන් දංගෙඩියට යවන ඊනියා සංහිදියා කොමිසම් පෙරටු කර ගත් සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කරන බවත් දහතුන හරහා බලය බෙදන බවත් දන්වා ඇත.
එසේම සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරන බවත්ජා තික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය ශක්තිමත් කරන බවත් දන්වා ඇත.
අනුර කුමාර දිසානායකත් 2015.-2019 කාලේ ගෙන ඒමට කටයුතු කළ රට බෙදන ඔරුමිත්ත නාඩු ව්‍යවස්ථාව ගෙන ඒමටත්ර ණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියට ගෙනයන සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කරන බවටත් දන්වා ඇත.
88/89 කාලයේ රට බෙදීමට විරුද්ධව එම පක්ෂයේ උවමනාව මත 60000 දහසකට අධික තරුණ ජීවිත මියගිය බව ඔවුන්ට අමතක වී ඇත.
එසේම එම අපේක්ෂකයන් තිදෙනාම මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති තමන්ගේ වත්කම් ප්‍රකාශනයේ පැහැදිලි බරපතළ ගැටලු රාශියක් ඇත.
එපමණක් නොව යහපාලන සමයේ සිට මේ දක්වා උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සංස්කෘතික උරුමයන් විනාශ කරද්දි සහ අන්සතු වෙද්දි ඒවා නිකම් කැලෑවල් සේ සලකා කටයුතු කිරීමටත් ඒවා එම ප්‍රදේශවල ගොවීන්ගේ ඉඩම් බවටත් හඳුන්වා දුන් නායකයන් සිටින රටකි.
උතුරු නැගෙනහිර චන්ද කුට්ටියට ලොබින් එම අකටයුතුකම් වලට එරෙහිව වචනයක් හෝ නොදඩන ලද නායකයන්ය.
හැමදාම ජාතිකවාදී මතය නියෝජනය කළ දිලිත් ජයවිර මහතා පමණක් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය නොබෙදෙන බවත් ප්‍රතිසන්ධාන කොමිසම් ක්‍රියාත්මක නොකරන බවත් සත්‍ය සෙවීමේ කොමිසම් ක්‍රියාත්මක නොකරන බවත් මෙරට බේරාදුන් රණවිරුවන් ආරක්ෂා කරන බවත් පවසා ඇත.
ඒ බවට මෙතෙක් මේ රට වෙනුවෙන් අතීතයේ සිට රට වෙනුවෙන් කටයුතු කළ ජාතික සංවිධාන හැටපහක නියෝජිතයින් ඉදිරියේ පොරොන්දු ලබා දී ඇත.
ඒ සර්වජන බලය අපේක්ෂක ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර මහතා පමනි.
අතීතයේ සිට මේ දක්වා ඔහුගේ භාවිතාව තුළ ජාතිකවාදී ස්ථාවරය වෙනස් වී නැති බව ඒ අනුව පැහැදිලිව පෙනී යයි.
එසේම ඔහු විසින් මැතිවරණ කොමිසමට ලබා දුන් වත්කම් ප්‍රකාශනය පැහැදිලිව දක්වා ඇති අතර රජයට නියමිත ආකාරයට බදු ගෙවන සත්‍යවාදී මිනිසෙක් බව එමගින් ඔප්පු වී ඇත.
රටකට අවශ්‍ය වන්නේ ජාතීන් අතර ගැටුම් ඇති කරන එක එක කොටස් පිනවන කොමිසම් දැමීම බලය බෙදීම නොවන අතර සියලු ජාතීන්ට එකසේ ජීවත් විය හැකි දියුණු ආර්ථිකයක් කරා රට ගෙනයා හැකි ව්‍යසායකත්ව දැනුමකින් පිරි රට ගැන දැක්මක් ඇති රටේ දේපොළ කොමිස් වෙනුවෙන් විකුණන්නේ නැති නායකයෙකි.
එබැවින් හැට නම ලක්ෂයේ බහුතරයකගේ කැමැත්ත විය යුත්තේ.
මේ රට ආරක්ෂා කරන ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන හැකියාවක් ඇති ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියට ගෙනයා හැකි නායකයෙක් වශයෙන් දිලිත් ජයවිර මහතාගේ ජයග්‍රහණය තහවුරු කර මේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමයි.
බෙදුම්වාදී ජාතිවාදී ඡන්ද ලබාගැනීම වෙනුවෙන් තම උපන් මාතෘ භූමිය උකසට තබන සියලු ජනාධිපති අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරමු.
තමන්ගේ වත්කම් ප්‍රකාශනයන්හි පවා අසත්‍යය ප්‍රකාශ කරන නායකයන් රටේ ආර්ථික සැදීම කෙසේ වෙතත් ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය නම් සදනු ඇත.
එබැවින් පවුල්වාදය සහ ඥාති සංග්‍රහය හරහා රටේ අනාගතය උගස් කරන නායකයින් නොව ඔබගේ අනාගත දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔබ තීරණ ගත යුතු කාලය එළැඹ ඇත.
52 Viewers