• Home »
  • Sinhala News »
  • 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල ලබා දීමට එරෙහිව මහජන පෙත්සමයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල ලබා දීමට එරෙහිව මහජන පෙත්සමයි.

Petition · 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල ලබා දීමට එරෙහිව මහජන පෙත්සමයි 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන්ගේ දශක ගණනක අඛණ්ඩ විරෝධය මැද බලාත්මක කිරීමට උත්සාහ කළ රටේ ස්වෛරිත්වයට හා භෞමික අඛණ්ඩතාවයට හානි පමුණුවන 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල ලබාදීම.

තිස්දාහකට අධික රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයන්ද දෙකෝටි විසි ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ විරෝධතාවයන් ද නොතකා අනීතික ජාතික ලැයිස්තු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ප්‍රමුඛ කොට ගනිමින් ජනතාව පාර්ලිමේන්තුව කෙරෙහි තබා ඇති විශ්වාසය භංග වී ඇති අවස්ථාවක වර්ෂ 2023 පෙබරවාරි මස 8 වැනි දින සිදු සිදුකිරීමට නියමිත රාජාසන කතාවක අනුසාරයෙන් ඉඩම් හා පොලිස් බලතල ලබාදීම එතැන් සිට භෞමික අඛණ්ඩතාවය අනතුරට පත් කිරීම රටේ ස්වෛරීත්වය අගතියට පත් කිරීම පිළිබඳ ඛේදවාචකය.

(බලාත්මක නොකරනු/ නෛතිකව එරෙහි වනු/ දේශද්‍රෝහයට හසුවන බව අවබෝධයට පමුණුවනු)

> අවධාරණයෙන් පහත අත්සන් තබන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් වන අප අදූරදර්ශී දේශපාලන කාරකාදීන් හට බල කර කියා සිටිනු ලබන්නේ

01. රට ව්‍යාකූල නොකරනු

02. බෙදුම්වාදය පෝෂණය නොකරනු

03. යෝජනාව අත්හිටවනු

04. ජනජීවිත යථා තත්ත්වයට පත් කරනු.



86 Viewers