• Home »
  • Sinhala »
  • යාපනේදී සිංහල බස දෙකට වැටෙයි… ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

යාපනේදී සිංහල බස දෙකට වැටෙයි… ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

airportයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිංහල භාෂාවට දෙවැනි තැන හිමි වී තිබේ.

යාපනය ගුවන් තොටුපළේ පුවරුවල මුලින්ම දෙමළ භාෂාවෙන් දක්වා ඇති අතර දෙවැනියට සිංහලෙන් හා තෙවැනියට ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත.

මේ ගැන බොහෝ දෙනාගේ විමතිය පළ වී තිබේ.

කෙසේ නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දිනයේ විවෘත වීමට නියමිතය.

ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පලාලි ගුවන් තොටුපළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කෙරිණි.

මේ අතර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද (17දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේද ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැගත් හෙලිකොප්ටර් යානය ගුවන් හමුදා කඳවුරට ගොඩ බෑමෙන් අනතුරුව ජනපතිවරයා සෘජුවම පැමිණ ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතව තිබේ.



215 Viewers