අද මම දැක්කා tv එකේ සරත් ෆොන්සේකා කියනවා ” ගුටිකලා දුවන හමුදාවක් තමයි මම නැවත පුරුදු පුහුනු කරලා අරන් යුද්දේ ජයගත්තේ අලිමංකඩ 12,000 හමුදාව හිටපු කදවුරක් ත්‍රස්තවාදී 3000 වටකරන් ගහන කොට දාලා දිව්වා….මම කිසිම ආයුධයක් වැඩිපුර ගත්තේ නැහැ තිබුන ආයුධ වලින් තමයි සටන් කරේ පතුරම් තමයි වැඩිපුර ගත්තේ…..
ඒ කතාවේ සමහරක් තැන් ඇත්ත ..

අවසන් සටනේදී කොටි කොන්ක්‍රිට් බංකර් කඩන්න චීනයේ නිෂ්පාදිත red arrow කුඩා ප්‍රමානයේ මිසයිල හමුදාවට ගෙනත් දුන්නා ගෝඨා…

අලිමංකඩට ගහන්න කලින් කොටි ගැහුවේ අයියකච්චි වලට අලිමංකඩ කදවුරට වතුර සපයන ළිං අල්ල ගන්න …ඒ දවස් වල තමයි චන්ද්‍රිකා අලිමංකඩ බේර ගන්න මේජර් ගෙනරාල් සරත් ෆොන්සේකව යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ඒකාබද්ද අණදෙන ආඥාපති ලෙස ජානක පෙරේරව යාපනයට යැව්වේ…12.000 හමුදාව කොටි 3000 භයේ දිව්වයි කියන සරත් ෆොන්සේකා තමයි දුවපු හමුදාවට අණ දුන්නේ ..එයා තමයි අලිමංකඩ අතහැරලා පලෙයි දක්වා පසුබසින සැලසුම හැදුවේ….කොටි නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය බිද වැටෙන කොට 40.000 දාහක හමුදාවට යාපනයෙන් පසු බැසීමේ නියෝගයට අත්සන් යොදලා පසු බසින්න නියෝග කරේ ….

ගුටිකාලා දුවපු හමුදාවක් හිටියේ කොටි තුන් හාරදාහකට භයේ කියලා කියන්න සරත් ෆොන්සේකට සදාචාරාත්මක අයිතියක් නැහැ මොකද කොටි තුන් දහසකට භයේ පසු බසින 40,000 හමුදාවකට අණ දුන්නේ සරත් ෆොන්සේකා සහ ජානක පෙරෙරා ..???

අපේ කතානායකයා එවකට බ්‍රිගේඩියර් 55 සේනාංකාදිපතිගෙ සේනාව කොටි නොනවතින රැල්ල එලුදුමඩ්ඩුවාල් වලින් එන්න දෙන්නෙ නැතිව දරැනු සටනක නිරත වෙලා හිටියා අනිත් සේනාංක තරගෙට පසුබසිද්දිත්…ඒ වෙනකොට සීවලී 53 සේනාකයටත් නායකත්වය දෙමින් සටන් කරමින් හිටියේ…මේජර් ජෙනරාල් ජානක පෙරේර සීවලිට කෝල් කරලා අහනව එලුදුමඩ්ඩුවාල් අල්ලන් ඉන්න පුලුවන්ද කියලා …

” ඔව් සර් පුලුවන් අපි දිගටම අල්ලන් ඉන්නව අත හරින්නේ නැහැ…සීවලී කියනවා..

” සිවලි හමුදාවට withdraw වෙන්න කියලා නියොග කරලා තියෙද්දි අපේ සෙබලු ටෙරාලට අහුවුනොත් ඒකට ඔයා වග කියන්න ඕනේ හරිද…ජානක පෙරෙරා එහෙම තර්ජනය කරනවා සීවලිට…

” සර් මට කලිසමක් ඇදන් නැව් නැගලා කොළඹ යන්න බැහැ..අවශ්‍ය උනොත් මගේ රාජකාරි පිස්තොලේ ඉනේ තියෙනවා ඔලුවට වෙඩිතියා ගන්න ..මම සටන් කරනවා මම නිහඩ උනොත් සර්ට කැමති තීරනයක් ගන්න…සීවලි එහෙම කියලා සංවාදේ නතර කරලා සටනට අණ දෙනවා..

ඊට පස්සෙ අනුරුද්ද රත්වතේ යාපනේ ඇවිත් සරත් ,ජානක එක්ක දුරකතනෙන් පසු බැසීම ගැන සාකච්ඡා කරනවා ..එම සාකච්චාව මැදට කඩා පනින සිවලි ” මේක සාකච්චා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි වහාම සරසාලෙයි defense එක බේරගන්න මොනවා හරි කරන්න කියලා තමන්ගෙ ඉහල නිළධාරින්‍ට බැන වදිනවා….

සරතුයි ජානකයි එකතු වෙලා සරසාලේ සටන් පෙරමුනේ අණ දෙන්නන්ට කෑගහලා කොහොම හරි defense එක කඩන්න නොදී එව්ලේ රැක ගන්නවා ..ඉන් පසුව සරත් ෆොන්සේකා සීවලිගෙන් අහනවා අහවල් මේජර් ජෙනරාල් වරයා අණ දෙන 52 සේනාකයත් සීවලී යටතට අරන් සරසාලේ දිගටම රැකගන්න පුලුවන්ද කියලා සීවලි දෙපාරක් නොහිතම එම සේනාංකයටත් අණ දෙනවා දැරැණු සටනකට…

ඒ සමගම වලිකාමම් වල ඉන්න සේනංකයට දැරැණු ප්‍රහාරයක් එල්ල කරන ත්‍රස්තවාදී එය රැක සිටින සේනාකයට බරපතල හානි කරල ආරක්ෂක වලල්ල බිදින්න ආසන්න වෙනකොට සරත් ෆොන්සේකා සීවලිට කියනවා වලිකාමම් වැටෙන්න ළගයි එහෙම උනොත් උන් පලාලී වෙනකන්ම එන එක නතර කරන්න බැහැ ..වහාම ක්‍රියාත්මක වෙන බ්‍රිගේඩියර් සිවලි වනිගසේකර කර්නල් ජගත් ඩයස් සමග සේනාකයක් සටනට යවලා වලිකාමම් රැකගන්නවා…

මම දන්න විදිහට හමුදා ඉතිහාසයේ බ්‍රිගේඩියර් වරයෙක් සේනාංක තුනකට එකවර අණ දුන්න අවස්තාව හැටියට සහ පසුබසින හමුදාවක එම සේනාංක තුනම ඉතාම බිහිසුනු දරැණු සටනකින් පසු ජයගත් බවයි…

එඩිතරව සටන්කොට මව්බිමට තම යුතුකම අකුරටම ඉටු කොට මේජර් ජෙනරාල් වරයකු ලෙස නිහඩව හමුදාවෙන් විශ්‍රාම ලැබිය ….

අවම ඔහුගෙ චායාරූපයක් අන්තර්ජාලයේ හො කිසිදු තැනක නැත….

අපි වෙනුවෙන් ඔවුන්ගේ දිවියම අනතුරේ හෙලා ගත් වීරෝධාර රණවිරුවන්ට? ජාතියේ උත්තමාචාරය හිමි වේවා මතු නිවනින් සැනසේවා ❤️❤️❤️
#අවිස්සාවේල්ලේචතුවා

උපුටාගත්තකි !



77 Viewers