SPUR called for Parliamentary Election
The Society for Peace, Unity and Human Rights for Sri Lanka Inc. (SPUR), a patriotic forum of expatriate Sri Lankans based in Australia demanded a quick parliamentary election following the defeat of Local Election by the so called pro-Federal Yahapalana government lead by pro-minority Ranil and Sirisena with the Pro-LTTE Tamil terrorists political party TNA.
The full text of the Press Release issued by SPUR is as follws;

මාධ්‍යය නිවේදනය – 2018 පෙබරවාරි 13 දින
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල
2018 පෙබරවාරි 10 වන දින පැවැත්වූ පළාත් පාලන මැතිවරණ යෙන් ශ්‍රී ලoකා පොදුජන පෙරමුණ ලත් විශිෂ්ඨ ජයග්‍රණය, ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා කටයුතු කරන ‘ස්පර්’ නමින් හදුන්වන අප සංවිධානය ඉතා අගේ කොට සලකමු.
මෙම ප්‍රතිඵලය මගින්, ‘යහපාලනය’ පෙරදැරි කරමින් බලයට පැමිණ, අවුරුදු තුනක කෙටි කාලයක් තුලදී රටේ ආර්ථිකය බිඳහෙලමින් සිදුකල සුප්‍රකට බැඳුම්කර මඟඩිය, ජාතික සම්පත් නොරටුන්ට විකිනීම, 30 වසරක ත්‍රස්තවදය නිමකිරිමට දායකවූ රණවිරුවන් ජිනීවා යෝඡනා හරහා පාවාදීමට කටයුතු කිරීම, රටතුල හා ඉන් පිටත විසුරුනු බෙදුම්වාදීන් සැනසීමට සැකසුනු පෙඩරල් ව්‍යවස්ථාව වැනි බෙහෙවින් අහිතකර ක්‍රියාදාමයනට ශ්‍රී ලoකා වාසී ජනතාව ගේ බලවත් විරෝධතාවය මැනවින් පෙන්නුම් කෙරේ.
සමස්තයක් වශයෙන්, මැතිවරණයෙන් වත්මන් පාලනය ලද දරුණු පරාජය හමුවේ රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට ජනතාවගේ අභිමතයට ගරුකොට, වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවා ශක්තිමත් රජයක් බිහි කිරීමට පියවර ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අප සoවිධානය ඉල්ලා සිටී.
එමෙන්ම, ජනමතයට හිසනමා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ විපක්ෂ යේ ප්‍රධාන සoවිධායක තනතුරු පැවරීමේ වත්මන් විකෘති මුහුනත වෙනස්කොට එම තනතුරු ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට කථානායක කරු ජයසූරිය මහතා නොපමාව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
මෙම මැතිවරණය තුලින් ඇඟවෙන ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට අවශ්‍ය සැලසුම් ප්‍රාදේශීය සහ ජාතික මට්ටමෙන් පිළියෙල කොට ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලoකා පොදුජන පෙරමුණෙන් අප සංවිධානය ඉල්ලා සිටී.,
රංජිත් සොයිසා
මාධ්‍යය සම්බන්ධිකාරක
1012 Viewers





