සම්බන්ධන්ගේ විපක්‍ෂ නායක විකාරය
ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට හිමි විපක්‍ෂනායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය පසුගියදා ප‍්‍රතික්ෂේප කළේය. ඒකාබද්ධ විපක්‍ෂයේ එම ඉල්ලීම කිසිදා ඉටු නොවනු ඇත. සම්බන්ධන්ට බන්දේසියක තබා 2015 පිරිනැමූ විපක්‍ෂනායක ධුරය ඒකාබද්ධ විපක්‍ෂය ලබාගැනීමෙන් එම කණ්ඩායමට ලැබෙන විශේෂ දේශපාලන වාසියක් නැත. ඇත්ත වශයෙන් මෛත‍්‍රී – වික‍්‍රමසිංහ රජය සටකපට ලෙස ඒකාබද්ධ විපක්‍ෂය විපක්‍ෂ නායක ධුරය වෙනුවෙන් කරනා තේරුමක් නැති අරගලයක පටලවා ඇත.
පොදු විපක්‍ෂය පවසන්නේ තම කණ්ඩායමට මන්ත‍්‍රීවරු 70 ක් පමණ අයත්වීම නිසා විපක්‍ෂ නායක ධුරය තම කණ්ඩායමට ලැබිය යුතු බවය. හිටපු ජනාධිපති සහ වර්තමාන කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂට හිතැති මෙම කණ්ඩායම ද්‍රවිඩ ජාතික සන්ධානයට එම තනතුර අහිමි කිරීම සාධාරණීය කිරීමට ඉදිරිපත් කරනු ලබන ප‍්‍රධාන සාධකය එම කණ්ඩායම සංඛ්‍යාත්මක ලෙස තමන්ට වඩා බොහෝ අඩු බවයි. සම්බන්ධන්ගේ කණ්ඩායම 16 කි. මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම ආසන්න ලෙස 70 කි.
මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය තුළ කටයුතු කරයි. කථානායකවරයා තම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ තම කණ්ඩායම ‘ස්වාධීන’ විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂයේ යම් කොටසක් විශ්වාස කරන බව පැහැදිලිය. ‘ස්වාධීන’ වීම තුළ තම කණ්ඩායමේ සියලූ සාමාජිකයන්ගේ මන්ත‍්‍රී ධුර අහිමිවිය හැකි බව තවත් මන්ත‍්‍රීවරු කොටසක් පවසා ඇත.
ඇත්ත වශයෙන්ම ‘ස්වාධීන’ වීමට කල්පනා කිරීම පවා විහිළුවකි. එලෙසම විකාරයකි. ඒකාබද්ධ විපක්‍ෂය සමඟ කටයුතු කරන මන්ත‍්‍රීවරු ‘ස්වාධීන’ වී බොහෝ කල්ය. එම කණ්ඩායම ‘ස්වාධීන’ නොවුණේ නම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ 2015 පෙබරවාරි 10 රට පුරා පැවැත් වූ පළාත් පාලන ඡුන්දයට අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත. බැසිල් රාජපක්‍ෂගේ මැදිහත්වීමෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අනසකට ගත් පොදු විපක්‍ෂය පළාත් පාලන ඡුන්දයේදී කළ පෙරළිය සුළු පටු නොවේ. නිදහසින් පසු අප රටේ දේශපාලනය උඩුයටිකුරු කරමින් පොදු විපක්‍ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා කළ විපර්යාසය සුළුපටු නොවේ. එජාපය ලජ්ජාසහගත ලෙස පරාජය විය. ශ‍්‍රීලනිපය බිංදුවටම බැස්සේය. අවාසනාවකට ඒකාබද්ධ විපක්‍ෂය තම සුවිශේෂ ජයග‍්‍රහණය අමතක කර දමා ඇත. විපක්‍ෂනායක ධුරය නමැති මිරිඟුව පස්සේ ඒකාබද්ධ විපක්‍ෂය දුවන තත්ත්වයට පත්කර ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ ‘ස්වාධීන’ වීම පිළිබඳව සොයා බැලීමට කොමිටියක් පත්කිරීම විකාරයකි. සම්බන්ධන් විපක්‍ෂනායක ධුරය දැරීම සම්බන්ධයෙන් පොදු විපක්‍ෂය
කනගාටුවිය යුතු නැත. විපක්‍ෂනායක ධුරය සම්බන්ධන්ට දැරීමට හැර ඒකාබද්ධ විපක්‍ෂය තම කාර්ය භාරයට කළ යුතුය. නමුත් සම්බන්ධන්ට විපක්‍ෂනායක ධුරය පමණක් නොව තමන් දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම පවා අභියෝගයට ලක්කළ හැකි කරුණු කාරණා ඇත. නමුත් අද වනතුරු කිසිදු දේශපාලන පක්ෂයක් මැතිවරණ කොමසාරිස්තුමා, ජාතික මැතිවරණ කොමිසම දේශීය ඡුන්ද නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් විමසීමක් කර නැත.
ද්‍රවිඩ ජාතික සන්ධානය පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස කර ඇති බරපතළ නීති විරෝධී ක‍්‍රියා සැලකිල්ලට ගත යුතුය. එම නීති විරෝධී ක‍්‍රියා සමඟ සංසන්දනය කළහොත් 16 ක් සිටින සම්බන්ධන්ගේ කණ්ඩායමට විපක්‍ෂනායක ධුරය පිරිනැමීම වරදක් ලෙස සැලකිය යුතු නැත. ඒකාබද්ධ විපක්‍ෂයට මන්ත‍්‍රීවරු 70 පමණ අයත් වුවත් එම කණ්ඩායම මැතිවරණ දෙපාර්තමේන්තුව, ජාතික මැතිවරණ කොමිසම පිළිගත් පක්ෂයක් නොවේ.
සම්බන්ධන්ගේ ප‍්‍රශ්නය
කථානායකගේ අවධානයට
පසුගිය සිකුරාදා (අගෝ. 17) දහවල් කථානායක පුවත්පත් කර්තෘවරු සහ මාධ්‍යවේදීන් කිහිපදෙනකු පාර්ලිමේන්තුවේ තම කාර්යාලයේදී මුණගැසුණි. කථානායකවරයා එහිදී පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරයට ඇති වී තිබෙන ගැටුම පිළිබඳව පැහැදිලි කිරීමක් කරනා ලදි. එහිදී කථානායකවරයා එම ධුරය පිළිබඳව පළ කළ අදහස අනුව සම්බන්ධන්ට තනතුරු අහිමි වීමේ අවස්ථාවක් නැත. කථානායකවරයාගේ ස්ථාවරය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් සහ නීතිරීති අනුව නිවැරදි බව ලියුම්කරුගේ පිළිගැනීමය. නමුත් සම්බන්ධන් සහ මුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේම ක‍්‍රියා කලාපය බොහෝ කාලයකට පෙර පරීක්‍ෂණයකට ලක්විය යුතු කරුණු කාරණා මෙම ලියුම්කරු කථානායකට පෙන්වා දුන්නේ දිවා ආහාරය ගන්නා අවස්ථාවේදීය. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ ලංකාදීප කර්තෘ සිරි රණසිංහ ද කථානායක දෙපස සිටියේය.
ද්‍රවිඩ ජාතික සන්ධානය 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණය කඩාකප්පල් කළ ආකාරය සහ 2009 මැයි මස යුද්ධය අවසන් වනතුරුම ත‍්‍රස්තවාදී කොටි සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත පෙනී සිටීම පිළිබඳව කිසිදු ආකාරයක පරීක්‍ෂණයක් සිදුවූයේ නැත. පාර්ලිමේන්තුවේ සහ රටේ උද්ගත වී ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව යම් මන්ත‍්‍රීවරුන් කොටසක් ආගමික නායකයන් සහ මාධ්‍ය වගකිවයුතු බව කථානායකවරයා කළ ප‍්‍රකාශයට අදාළව මෙම ලියුම්කරු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව බරපතළ ලෙස තම වගකීම පැහැර හැර ඇති බවය. මෙම අවාසනාවන්ත තත්ත්වයේ ප‍්‍රධාන වගකීම එජාපය සහ ශ‍්‍රීලනිපය භාරගත යුතුය. 2005 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලූම මන්ත‍්‍රීවරුන් වගකීම භාරගත යුතුය.
ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි සංවිධානය සමඟ 2001 සිට කළ ගනුදෙනුව ජුගුප්සාජනකය. පාර්ලිමේන්තුව කිසිවක් නොදත් ආකාරයට කටයුතු කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදීන් සමඟ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කළ ‘වික‍්‍රමය’ විමර්ශනයට ලක්කළ යුත්තේ එම සන්ධානයේ යාපන දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනී විජයකලා මහේෂ්වරන් මෑතකදී යාපනයේ වීරසිංහම් ශාලාවේ කළ ප‍්‍රකාශයක් හේතුවෙන් තම රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි කර ගැනීම මතකයේ තබාගනිමිනි. කොටි ත‍්‍රස්තවාදීන් නැවත උතුරේ ස්ථාපිතවීම ද්‍රවිඩ ජනතාවට සහනයක් බව සහ බලාපොරොත්තුවක් ඇතිකරන බව පැවසීම රටේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මහේෂ්වරන්ගේ සිද්ධිය මුල්කර ගෙන ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේය. ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු මෛත‍්‍රී – වික‍්‍රමසිංහ රජයට එරෙහි කණ්ඩායම් පුවත්පත් සාකච්ඡා පවත්වා මහේෂ්වරන් අත්අඩංගුවට ගත යුතු බව පැවසීය. කථානායකවරයා මහේෂ්වරන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නීතිපති ජයන්ත ජයසූරියගෙන් විමසීය. නීතිපති උපදෙස් අනුව පොලිසිය කටඋත්තර බොහොමයක් ලබාගත්තේය. මහේෂ්වරන්ගේ කටඋත්තරය ද සටහන් කරගත්තේය.
නමුත් සම්බන්ධන් ඇතුළු එම කණ්ඩායමේ ප‍්‍රධානීන් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පරීක්‍ෂණයක් අද දක්වා පවත්වා නැත. 2001 සිට පාර්ලිමේන්තුව ද්‍රවිඩ ජාතික සන්ධානය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව පැහැදිලි කිරීමක් කළ යුතුමය. එලෙසම ජාතික මැතිවරණ කොමිසම, මැතිවරණ දෙපාර්තමේන්තුව, 2001 සිටම ද්‍රවිඩ ජාතික සන්ධානය කළ අකටයුතුකම් නොදැක්කා සේ සිටීම පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුය. උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුළු සියලූම ආයතන තම බලසීමා තුළ සිදු වූ අකටයුතුකම් පිළිබඳව දැන්වත් පසු විපරමක් කළ යුතුය.
ත‍්‍රස්තවාදීන් සමඟ ‘යහන්ගත’ වීම
වර්තමාන කථානායකවරයා 2000-2015 එජාප මන්ත‍්‍රීවරයකු ලෙස මැතිසබේ කළ කතා ‘හෘදය සාක්‍ෂියේ දේශපාලනය’ ලෙස නම්කර පොතක් ලෙසින් මුද්‍රණය කර ඇත. අගෝ. 17 හමුවේදී කථානායකවරයා, හිටපු සම්බන්ධීකරණ ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) රෝහණ ද සිල්වා සම්පාදනය කළ ‘හෘදය සාක්‍ෂියේ දේශපාලනය’ පැමිණ සිටි කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන්හට ලබාදුන්නේය.
හෘදය සාක්‍ෂියේ දේශපාලනය (කථානායකවරයාගේ මැතිසබේ කළ කතාවලට අදාළව නොවේ) සාකච්ඡාවට බඳුන්විය යුතු ප‍්‍රධාන අවස්ථා කිහිපයක් ඇත. පරාජිත මන්ත‍්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු කරගැනීම, විශේෂිත මන්ත‍්‍රී වරප‍්‍රසාදයක් ලෙස ලබාදෙන රුපියල් මිලියන 30 අවම ලෙස වටින තීරු බදු රහිත බලපත‍්‍රය හරහා ආනයනය කරන සැප වාහනය විකුණා දැමීමට දෙන නීතිමය
රැකවරණය, තම අභිමතය පරිදි පක්‍ෂ මාරු කිරීමට ඇති නිදහස එම කරුණු අතර වේ. එලෙසම ඉතාමත් වැදගත් නමුත් කිසිදා පාර්ලිමේන්තුවේ අවධානයට ලක් නොවූ කාරණාවක් වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය ප‍්‍රභාකරන්ගේ මිනීමරු සංවිධානය සමඟ ‘යහන්ගත’ වීමයි.
* ත‍්‍රස්තවාදීන් යුදමය වශයෙන් ඉතාමත් ශක්තිමත් සහ ස්ථාවර බලයක් හිමිකරගෙන සිටි 2001 අවධියේ ප‍්‍රභාකරන් ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ඒකාබද්ධ පෙරමුණක් පිහිටුවීය. එවකට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය සහ 80 දශකයේදී ඉන්දියාව ගොඩනැඟූ TELO, PLOTE සහ EPRLF ත‍්‍රස්තවාදී සංවිධාන (90 දී ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට එකතුවිය) සමඟ එකතු වී සම්බන්ධන්ගේ නායකත්වයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ගොඩනැඟීය. එම සන්ධානය තමන්ගේ දේශපාලන අයිතිය ත‍්‍රස්තවාදීන්හට පවරා දුන්නේය. දෙපාර්ශ්වයේ එකඟතාව මත ඛඔඔෑ සංවිධානය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගැනිණ. මෙම අධම ප‍්‍රකාශය ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස කළේය.
පාර්ලිමේන්තුව මුනිවත රැක්කේය. බටහිර ජාත්‍යන්තර ප‍්‍රජාව කිසිවක් නොදැක්කා සේ සිටියේය. සිවිල් ක‍්‍රියාකාරීන් සහ බොහෝ ජනමාධ්‍ය මුනිවත රැක්කේය. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ද්‍රවිඩ ජාතික සන්ධානයේ ක‍්‍රියා පිළිවෙත පිළිබඳව කිසිදු ප‍්‍රශ්නයක් ඇතිකර ගත්තේ නැත. 2001 ගිවිසුම ප‍්‍රකාරව මහා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට පිළිවෙළින් ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරිපත් කරනු ලබන සහ සහයෝගය පළ කරන ජනාධිපති අපේක්ෂක පිළිබඳව තීරණ ගැනීමේ බලය ත‍්‍රස්තවාදීන්ට භාරකරන ලදි. පිළිගත් දේශපාලන පක්‍ෂ 4 සන්ධානයක් ලෙස ත‍්‍රස්තවාදීන් සමඟ ඇතිකර ගත් එම පිළිකුල්සහගත ගිවිසුම පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළේය.
* 2001 දෙසැම්බර් මස ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මරා දැමීමට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් ඇයගේ ජනාධිපතිවරණ සටනේ අවසන් රැලියේදී එල්ල කළේය. එදිනම ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ජාඇළදී විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ලක්‍ෂ්මන් අල්ගම මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් මරාදැමීය. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ නමුත් තම ජීවිතය ගලවාගත් කුමාරණතුංග තමන් මිනීමරු ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා සමඟ නෝර්වේ සහයෝගයෙන් රහස් සාම කතා පැවැත් වූ බව හෙළි කළේය. නෝන්ජල් දේශපාලන පක්‍ෂ කිසිවක් තමන් සමඟ එකට කටයුතු කරන කොටි සංවිධානයේ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් විමසීමක් කළේ නැත. අදටත් එවැනි විමසීමක් නිසියාකාරයෙන් පාර්ලිමේන්තුව කර නැත. ජනාධිපති මරා දැමීමට කළ උත්සාහයෙන් පසුව ද කොටි සංවිධානය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එකට කණ්ඩායම් ලෙස කටයුතු කළේය. සම්බන්ධන්ගේ පාර්ශ්වයට වෙන විකල්පයක් නොතිබෙන්නට ඇත. ලියුම්කරු එම තත්ත්වය පිළිගැනීමට කිසිවිටකත් පසුබට වන්නේ නැත.
නමුත් ත‍්‍රස්තවාදීන් 2009 මුළුමනින්ම පරාජය වූ පසුවත් ද්‍රවිඩ ජාතික සන්ධානය 2009 මැයි මසට පෙර භූමියේ පැවති තත්ත්වය ප‍්‍රසිද්ධියේ පිළිනොගැනීම අවාසනාවකි.
* 2002 පෙබරවාරි මස එවකට එජාප රජය ත‍්‍රස්තවාදීන් සමඟ නෝර්වේ මැදිහත්කම මත
ගිවිසුම්ගත විය. ද්‍රවිඩ ජාතික සන්ධානය එම ගිවිසුමට සහයෝගය පළ කළේය. නමුත් 2003 අපේ‍්‍රල් මස ත‍්‍රස්තවාදීන් එම ගිවිසුමෙන් ඉවත්වීම පිළිබඳව සම්බන්ධන්ගේ පාර්ශ්වය විරුද්ධ නොවීය. හතරවැනි ඊළම් යුද්ධයට අවශ්‍ය මුල් පියවර ත‍්‍රස්තවාදීන් 2003 අපේ‍්‍රල් මස සාම සාකච්ඡාවලින් ඉවත් වීමයි. ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදීන්ට උඩගෙඩි දීම පාර්ලිමේන්තුවේ අවධානයට කිසි විටකත් යොමු නොවීය. ඒකාබද්ධ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ‘ස්වාධීන’ වුවොත් තම මන්ත‍්‍රී ධුර අහිමි විය හැකි බව පවසන කිසිවකු ත‍්‍රස්තවාදීන් සමඟ එළිපිට ගනුදෙනු කරනු ලබන දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් දඬුවම් ලැබිය යුතු බව තේරුම් ගත්තේ නැත. අදටත් එම තත්ත්වය වටහා ගැනීමට බොහෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්හට නොහැකිය.
* ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ත‍්‍රස්තවාදීන් අතර පවතින සම්බන්ධය මුල්වරට බටහිර ප‍්‍රජාව 2004 මහ මැතිවරණයෙන් පසුව නිකුත් කළ වාර්තාවක සඳහන් කළේය. 2004 අපේ‍්‍රල් මහ මැතිවරණය නිරීක්‍ෂණය කළ ජෝන් කුෂ්නහන් ප‍්‍රමුඛ යුරෝපීය සංගමය නියෝජනය කළ මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම පෙන්වා දුන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදීන්ගේ පිහිටෙන් උතුරු – නැගෙනහිර මැතිවරණ බල ප‍්‍රදේශවල මන්ත‍්‍රී ධුර වැඩි ප‍්‍රමාණයක් ලබාගත් බවය. පාර්ලිමේන්තුව මෙම වාර්තාව පිළිගත්තේ නැත. මැතිවරණ දෙපාර්තමේන්තුව නිහඬ විය. මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් යුරෝපීය
සංගමයේ වාර්තාව ප‍්‍රශ්නයක් කර ගත්තේ නැත.
ඒකාබද්ධ විපක්‍ෂය, සම්බන්ධන් දැනට දරන විපක්‍ෂනායක ධුරයට සටන් කරන විට පසුගිය සමයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ක‍්‍රියාකලාපය මතක් කරදිය යුතුව තිබිණි. යුරෝපීය සංගමයේ වාර්තාව මුළු පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය
අභියෝගයට ලක් කළේය. 2004 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් ආසන 22 ලබාගත් ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදීන්ගේ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ක‍්‍රියාත්මක වන ප‍්‍රබල අවියක් බවට පත්විය. මහත් උජාරුවෙන් කටයුතු කළ සමහර ද්‍රවිඩ ජාතික සන්ධානයේ මහජන නියෝජිතයන්, ත‍්‍රස්තවාදීන් පාසල් සිසුන් බලහත්කාරයෙන් ත‍්‍රස්ත කි‍්‍රයාවලට සහභාගි කරවීම අනුමත කළේය. එම නිහීන ක‍්‍රියාව ද පාර්ලිමේන්තුවට ප‍්‍රශ්නයක් නොවීය. පාසල් සිසුන් සහභාගි වන ‘ත‍්‍රස්තවාදීන් නික්ම යෑමේ’ උත්සවවලට පවා මහජන නියෝජිතයන්ට ආරාධනා ලැබිණි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ යුද සමයේ ක‍්‍රියාකලාපය ඊට පාර්ලිමේන්තුවේ ප‍්‍රතිචාරය නිසියාකාරයෙන් විමර්ශනය කළහොත් 2010 පාර්ලිමේන්තුවට පත් වූ මහේෂ්වරන්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින කිසිදු පක්‍ෂයක් කලබල විය යුතු නැත. මහේෂ්වරන්ට පරාජය කළ ත‍්‍රස්තවාදය නැවත නැගී සිටුවීමට කිසිසේත් නොහැකිය. පාර්ලිමේන්තු ක‍්‍රමය, වරප‍්‍රසාද ත‍්‍රස්තවාදීන්ගේ අභිමතය පරිදි සම්බන්ධන්ගේ පාර්ශ්වය යොදාගත් බව පැහැදිලිය. අනෙකුත් දේශපාලන පක්‍ෂ කිසිවිටකත් සම්බන්ධන්ගේ ක‍්‍රියා පටිපාටිය තමන්ගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩවීමක් ලෙස දැක්කේ නැත. විපක්‍ෂ නායකකම කෙසේ වෙතත් පාර්ලිමේන්තුව යුද සමයේ නිසියාකාර ක‍්‍රියාමාර්ග ගත්තේ නම් ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට තිබිණි.
* 2005 නොවැම්බර් මස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරණයේදී පරාජය විය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැදිහත්වීමෙන් උතුරේ ජනතාවගේ ඡුන්දය වික‍්‍රමසිංහට අහිමි කිරීමේ ප‍්‍රකාශය එම සන්ධානයේ නායකයන් මැතිවරණයට සති දෙකකට පමණ පෙර කිළිනොච්චියේදී කළේය. පාර්ලිමේන්තුව නිහඬව සිටියේය. එජාපය ද්‍රවිඩ ජාතික සන්ධානයේ අසික්ෂිත ක‍්‍රියා කලාපය පිළිබඳව ප‍්‍රසිද්ධියේ කතා කිරීමට මැලි වූ බව රහසක් නොවේ. වික‍්‍රමසිංහගේ පරාජයෙන් පසුව එවකට එජාප සභාපති මලික් සමරවික‍්‍රම මෙම ලියුම්කරු සමඟ පැවසුවේ උතුරේ ජනතාවට නිදහසේ ඡුන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් අනිවාර්යයෙන්ම වික‍්‍රමසිංහ ජනපති වන බවයි.
කුමාරතුංග රජයේ අගමැති ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්‍ෂ ත‍්‍රස්තවාදීන්ට මුදල් ලබාදී වික‍්‍රමසිංහට උතුරේ ඡුන්දය අහිමි කළ බව පසුකාලයකදී චෝදනා එල්ල විය. ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් උතුරේ ඡුන්ද අයිතිය අහිමි කළ නියෝගය නිකුත් කළ ද්‍රවිඩ ජාතික සන්ධානය අදවන තුරු පාර්ලිමේන්තුවේ තම ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර නැත.
යුද සමයේ පාර්ලිමේන්තු ක‍්‍රියාකලාපය පිළිබඳව පූර්ණ විමසීමක් ත‍්‍රස්තවාදය විනාශ කර වසර 10 කට පසුව හෝ සෙවිය යුතුය. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කළ යුතුය.
නැසීගිය හිටපු නීතිපති සී. ආර්. ද සිල්වාගේ නායකත්වයෙන් 2010 ක‍්‍රියාත්මක වූ උගත් පාඩම් සහ ජාතික සංහිඳියා කොමිසම පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය ත‍්‍රස්තවාදය සමඟ සම්බන්ධවීම පිළිබඳව කිසිදු විමසීමක් කළේ නැත. ත‍්‍රස්තවාදය පරාජය කළ රාජපක්‍ෂ රජය ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ වඩාත් කිට්ටුවෙන් කටයුතු කිරීමට උත්සාහ කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානය එම අවස්ථාව තම වාසියට යොදාගත් බව රහසක් නොවේ.
* 2010 ජනවාරි ජනාධිපතිවරණයේදී සම්බන්ධන් තමන් යුද අපරාධ චෝදනා නැගූ හමුදාවට නායකත්වය දුන් (2006 – 2009) ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡුන්දය දීමට උතුරේ ජනතාව පෙළඹවීය. සම්බන්ධන් දුන් උපදෙස් උතුරේ ජනතාව ඉහළින්ම පිළිගත් බව පැහැදිලිය. උතුරු නැගෙනහිර සියලූ දිස්ත‍්‍රික්ක ෆොන්සේකා ඉහළින්ම දිනවිය.
* 2015 ජනවාරි මස ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් තම උපරිම ශක්තිය යෙදවීය. 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී පිළිවෙළින් ෆොන්සේකා සහ සිරිසේන තරගයට ඉදිරිපත් වූයේ ‘හංසයා’ ලකුණ දරන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ හරහාය. මෑත කාලයේදී එම පක්‍ෂයේ සභාපති ශලිල මුණසිංහ තායිවානයේ සිදුවූ මහා බැංකු කොල්ලයකට සැකකරුවකු විය. එංගලන්ත ජාතික මුණසිංහ ශ‍්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්‍ෂයක සභාපති වූයේ කෙසේදැයි පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම ප‍්‍රශ්නයක් විය යුතුය. මෑතකදී 19 වැනි සංශෝධනය අනුව ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහට තම අසුන අහිමි විය. ඉහළ උසාවිය තීරණය කළේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් කුමාරසිංහ 2015
අගෝස්තුවේදී තේරී පත් වූ වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජිකාවක වීමට නුසුදුසු බවය.
පාර්ලිමේන්තුවේ අසමත්භාවය මුළු රටටම බලපා ඇති බව රහසක් නොවේ. 2015 සිදු වූ මහ බැංකුව – පර්පෙචුවල් ටේරෂරීස් ආයතනය සම්බන්ධ මහා වංචාව පිළිබඳව පාර්ලිමේන්තුව ක‍්‍රියා කළ ආකාරය කනගාටුදායකය. සිදුකළ 2015 වංචාව වසාගැනීමට2015 ජුනි මස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව අප කාටත් මතකය.
පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්‍ෂය වන ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප‍්‍රශ්නයක් කරගත්තේ නැත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් දෙවැනි මහා බැංකු – පර්පෙචුවල් ටේරෂරීස් සොරකම 2015 අගෝස්තු මස මහා ඡුන්දයට මාස 8 පසුව සිදුකළේය. ජනාධිපති සිරිසේන 2017 ජනවාරි ජනාධිපති කොමිසමක් පත්කරන තුරු පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියාකලාපය පිළිබඳව පූර්ණ විමසීමක් කළ යුතුය. අදටත් ජනාධිපති කොමිසම මහා බැංකු වංචා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා නිසියාකරව ක‍්‍රියාත්මක කරනවා දැයි සොයා බැලීමටවත් නිසියාකාර පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් නොමැත. පර්පෙචුවල් ටේරෂරීස් ආයතනයෙන් මුදල් ලබාගත් මන්ත‍්‍රීවරු සම්බන්ධයෙන් අදටත් නිසි ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. නම් හෙළි වූ මන්ත‍්‍රීවරුන් දයාසිරි ජයසේකර සහ සුජීව සේනසිංහට අමතරව පර්පෙචුවල් ටේරෂරීස් ආයතනයෙන් මුදල් ලබාගත් ජනතා නියෝජිතයන් සිටිය හැක. නම් හෙළි වූ මන්ත‍්‍රීවරුන් දෙදෙනා අදටත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපරික කමිටුවේ සාමාජිකත්වය දරයි. දෙදෙනාම නීතිඥවරු වෙති. පෙර්පෙචුවල් ටේරෂරීස් ආයතනයෙන් ලැබෙන මුදල් චෙක්පත් මාරු කිරීමට තම පොලිස් ආරක්‍ෂක රැකවලූන් යොදවා ගැනීම පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය හෙළිකරයි. එවැනි ‘අතයට ගනුදෙනු’ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රශ්නයක් නොවන බව පෙන්නුම් කරයි.
පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට එම උත්තරීතර ආයතනය මේ තාක්කල් නියෝජනය කළ සියලූ දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. පාර්ලිමේන්තු ක‍්‍රමයේ අවංකභාවය පිළිබඳව සැබැවින්ම විශාල ප‍්‍රශ්්නයක් ඇත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
751 Viewers





