• Home »
  • Sinhala »
  • පොලිස්පතිට අප්‍රසාදය පළ කරමින් ලිපියක් එවයි

පොලිස්පතිට අප්‍රසාදය පළ කරමින් ලිපියක් එවයි

පූජිත ජයසුන්දර මහතා ,
පොලිස්පති ,
පොලිස් මුලස්ථානය ,
කොළබ.
2018.09.18

හිතවත් පොලිස්පති තුමනි !

පොලිස්පති ධූරයට නොගැලපෙන ලෙස හැසිරීම සම්බන්ධයෙනි !

පොලිස්පති ධුරයට පත් වූ දා සිට ඔබ ක්‍රියා කළ ආකාරය හා හැසිරුනු ආකාරය දෙස මා බලා සිටියේ තරමක අවධානයකින් යුතුවය .මා ද හිටපු පොලිස් නිලධාරියෙකු සේම ඔබ මෙන් මහනුවර ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි .ඒ නිසා ඔබ පොලිස් පති වීම ගැන මා සිත තුළ මුලදී හටගත්තේ තරමක සොම්නස් සහගත සිතුවිල්ලකි .එහෙත් ඒ සොම්නස් සහගත සිතුවිල්ල මේ වන විට බොද වී ගොස් ඇති බව කණගාටුවෙන් වුව ද කිව යුතුව ඇත .

ඔබට පොලිස්පති ධුරය ලැබුණු ආකාරය ගැන අපි දනිමු .එහෙත් මේ විදියට ම නීතිය නවාවී යැයි කිසි සේත් සිතුවේ නැත .පොලිස්පති ධූරය යනු වග කිව යුතු හා ජනතාවගේ විශ්වාසය දිනා ගෙන හැසිරිය යුතු තනතුරකි .ඒ විශ්වාසය අද බරපතල ලෙස බිද වැටී ඇත .රටේ නිතිය හා සාමය ආරක්ෂා කරනවාට වඩා මේ දෙබිඩි යහපාලන ආණ්ඩුවේ එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔබ කටයුතු කරන බව පෙනේ .ඒ නිසා රටේ ආරක්ෂාවද බිද වැටි තිබෙන බව පැහැදිලිය .

මෙවැනි පරිසරයක් තුළ ඔබගේ ක්‍රියාකාරිත්වය විකාර රූපී ස්වරුපයක් ගනී .ඔබ විසින් ම ඔබ විහිලුකාරයෙක් බවට පත් කර ගෙන සිටී .
පසුගිය දිනෙක දෙනියාය කොටපොළ ජාතික පාසලේදී ද ඔබ හැසිරුනු ආකාරය කිසි සේත් ම පොලිස්පති වරයෙකුට සුදුසු වන්නා වූ හැසිරීමක් නම් නොවේ . එහිදී භික්ෂුන් වහන්සේලාට හා ගුරු භවතුන්ට ඔබ ආමන්ත්‍රණය කළේ බොහෝ දෙනෙක් තුළ අප්‍රසාදයක් හා පිළිකුලක් ඇති වන ලෙසය .ගුරු භවතුන් හා භික්ෂුන් වහන්සේලා යනු අප සමාජයේ ගෞරවනීය දෙපිරසකි .ඔබ වැනි අයෙකු එලෙස හැසිරීමෙන් දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද ? යහ පාලනයේ අවුල් සහගත බව පොලිසියට ද බල පා ඇත .

උද්ගතව ඇති තත්වය සලකා බලා සමස්ත පොලිසියේත් පොලිස්පති ධුරයේත් එමෙන් ම ඔබගේත් ගෞරවය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීමටඅප්‍රමාදව කටයුතු කරන ලෙස මහනුවර ධර්මරාජ විදුහල් මෑණියන්ගේ නාමයෙන් ඉල්ලා සිටිමි .

මෙයට ,
හිතවත් ,
ජනක බණ්ඩාර තෙන්නකෝන්
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී



697 Viewers