රැඳවුම් භාරයේ සිිටින කොටි ත‍්‍රස්තයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.

රැඳවුම් භාරයේ සිිටින කොටි ත‍්‍රස්තයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.
1. කන්දවන් ගෝකුලනන්දන් – දැයට කිරුළ ප‍්‍රදර්ශනයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම
2. තම්බිරාසා ප‍්‍රකාශ් – හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම
3. ශන්මුගලිංගම් සූරිය කුමාර් – මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම
4. එන්. කුගදාසන් – කටුබැද්දේ මගීන් 26 ක් මරාදැමීම සහ බිම්බෝම්බයක් ඇටවීම
5. නඳවේච සෂිකලා – කතරගමදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම
6. වේලූ යෝගරාජා – මහනුවරදී දුම්රිය පාලම් පිපිරවීමට උත්සාහ කිරීම
7. සිමියොන් සන්දිරියාම්, සිරිල් රාසමනි, මුත්තු මරික්කාර, සිත්තප්පන් පාක්‍යනාදන්, සන්දන් ස්ටානිෂ් රමේෂ්, රාසවන් යුරේන්, සිවප‍්‍රකාශන් ශිවශිලන් – ගත්කරු නිහාල් සිල්වා ඇතුළු 7 ක් ඝාතනය වූ කැබ්රියට බිම් බෝම්බ ඇටවීම
8. කන්දයි ඉලන්ගෝ, වයිරමුත්තු සරෝජා – ගාලූ නාවික කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීම
9. ඒ. අරුල්ප‍්‍රකාශ් – හමුදා සහ නාවික භටයන් 26 ක් ඝාතනය කිරීම
10. එස්. තිලයිරාජ් – ලයන් එයාර් මගී යානාව මිසයිල ප‍්‍රහාරයකින් වැනසීම, එම්. අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටරයක්ද විනාශ කිරීම
11. අයි ජෙගන්, එන්. සිවලිංගම් – විල්පත්තුව වනයේදී හමුදා භටයන් 37 ක් මරාදැමීම
12. වීරකුමාර රගුලන් – පාදුක්කේදී මගී බස් රියක් පුපුරුවා හැරීමට උත්සාහ කිරීම
13. දේවරාසා සිවපාලන් – පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය
14. රාසයියා දේවරාසා – පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලොරියක් මගින් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම
15. තංගවේලූ සිවකුමාරන්, සිලවන් ආනන්දරාසා – පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් දකුණු ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම
16. ඩාර්වුඩ් මොහොමඩ් – පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ කොටින්ට රැකවරණ ලබාදීම
17. තංගවේලූ නිර්මලන් – පුපුරණ ද්‍රව්‍ය අඩංගු ජැකට් සන්තකයේ තබාගැනීම
18. සූරියමූර්ති ජිවෝෂන්, විශ්වනන්දන් රමේෂ් කුමාර, රාමනන්දන් නවදීවන් – මධ්‍යම කඳුකරයේ දුම්රිය පාලම් පුපුරුවා හැරීමට සැලසුම් කිරීම
19. ජී. දර්ශන් – හමුදා සහ නාවික භටයන් 26 කගේ මරණ සිදුකිරීම
806 Viewers





