• Home »
  • Sinhala News »
  • උතුරේ ජනයා දැන් ප්රතික්ෂේප කරන විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා

උතුරේ ජනයා දැන් ප්රතික්ෂේප කරන විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවත් ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය දා කතාවෙන් පෙන්නුම් කරන්නේ එවැන්නක් බවත් ඒ නිසා ‘මංගල උත්සවයක බීමතින් හැසිරෙන පුද්ගලයෙකුට පහරදී එම උත්සවය ගැටුම්කාරී ස්ථානයක් බවට පත් නොකර ගන්නවා‘ සේම එදින ඊට තමන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ප්‍රතිචාර නොදැක්වූ බවත්  විමල් වීරවංශ  මහතා පැවසීය.

හෝමාගම උඩුවන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“අගෝස්තු 20 වැනිදා 09 වැනි පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කෙරුණු දවස. මඟුල් ගෙදරකදී බීපු නෑදෑයෙක් වංසය කබල් ගාන්න පටන් ගත්තොත් අනෙක් නොබීපු අය කලබල වෙනවාද? නෑදෑයො කලබල වුණොත් මඟුල් ගෙදරට මොකද වෙන්නේ? එදා 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය දා විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය මම නම් දකින්නේ ඉහත කී, ‘මඟුල් ගෙදර බීමත් නෑදෑයාගේ ක්‍රියා කලාපයට’ සමාන වූවක් ලෙසයි.

‘සම්බන්ධන්ට වඩා ලොකු වීරයෙකු වීම ’

විග්නේෂ්වරන්ට උවමනා ‘මම සම්බන්ධන්ට වඩා දෙමළ ජනතාවට කිට්ටුයි’ කියා පෙන්වීමටයි. කොළඹ හතේ ජීවත් වුණු, රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු, තමන්ගේ දරුවන් දෙදෙනාම සිංහල අයට විවාහ කර දුන් අයෙකු නිසා, විග්නේෂ්වරන්ට දෙමළ ජනතාවට ළං වීමට මඟක් උවමනායි. ඇඟේ නැති ජාති ආලයක් පෙන්වන්නයි මෙයා පාර්ලිමේන්තු ඇවිත් කියන්නේ ‘ලෝකයේ පැරණිම භාෂාව දමිළ භාෂාව’ කියා. එහෙම කියපු ගමන් ‘අවුස්සා ගන්න’ පුඵවන්. එවිට ඒක දෙමළ පත්තරේ ‘හෙඞ් ලයින්’ දාන්න පුඵවන්. ඊට පස්සේ තමයි විග්නේෂ්වරන්ට, සම්බන්ධන්ට වඩා ලොකු වීරයෙකු වීමට පුඵවන් වෙන්නේ. ඒකට තමයි විග්නේෂ්වරන් 09 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සුබ පැතුමට ලැබුණු අවස්ථාවේ ‘ඇම දාලා’ බැලුවේ.

‘අද උතුරේ දමිළ ජන සමාජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා’

මේ විදියට අද විග්නේෂ්වරන්ලාට හැසිරෙන්නට සිදුවී ඇත්තේ ඇයි, කියා අපි විමසා බැලිය යුතුයි. අද උතුරේ දෙමළ ජන සමාජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. මන්ත්‍රී ධුර 16ක් තිබුණු දෙමළ ජාතික සන්ධානය අද මන්ත්‍රී ධුර 10කට පල්ලම් බැහැලා තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හකීම්ලාගේ බලාධිකාරිය මැද්දේ ඒ. එච්. එම්. අතාවුල්ලා මහතාට නැගෙනහිරින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබෙනවා. එමඟින් පෙනී යන්නේ ක්‍රමානුකූලව දමිළ – මුස්ලිම් ජන සමාජ අන්තවාදය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා එකම රටක ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් විය හැකි අනාගතයක් හැදීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් තිබෙන බවයි. ඒ ප්‍රවණතාවට අපි ජීවය දිය යුතුයි.

මධ්‍යස්ථ ජන නායකයන් ශක්තිමත් කළ යුතුයි

‘යාපනයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමාට සහ හකීම්ලාගේ ප්‍රහාර මැද්දේ නැගෙනහිරින් මැති සබය ජයගත් අතාවුල්ලාටත් අමාත්‍ය ධුර ලබා දිය යුතුයි’ කියා මා දකිනවා. අපි ඒ මධ්‍යස්ථ ජන නායකයන් ශක්තිමත් කළ යුතුයි. එවිට තමයි ඒ ජන නායකයන් ඒ ජන සමාජ තුළ වඩ වඩාත් ශක්තිමත් වන්නේ. එවිට තමයි හකීම්ලාගේ – රිෂාඞ්ලාගේ සහරාන්ලා සමඟ ‘උකු`ඵ මුකු`ඵ’ කළ අන්තවාදී දේශපාලනය, අතුගා දැමීමට හැකිවන්නේ. එවිට තමයි විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනයට තවදුරටත් පැවැත්මක් නැතිවන්නේ. එහෙම කළොත් තමයි ඉහත කී ජාතිවාදී කල්ලිවලට මේ රටේ ඉරණම තීරණය කිරීමට නොහැකි වන්නේ.



111 Viewers