වසර 5000ක් බුදු දහම පවතීද?

සම්බුදු සසුන අනතුරේ වැටුනු හැම වෙලාවෙම බේර ගන්න කවුරු හරි ආවා..අහම්බයකින් ආවා නෙවෙයි කාගේ හරි ආරාධනාවකින් ඒ උතුමෝ මනු ලොව සම්බුද්ධ ශාසනය අනතුරේ වැටුනම බේර ගත්තා…

අපවත් වෙලා දෙව්ලොව යන්නට හිටපු සිතුල්පවුවෙි ස්වාමීන් වහන්සේ නමකට විහාරමහා දේවිය කියනකොට “ස්වාමීනි මගේ කුසට එන්න” කියලා උන් වහන්සේ “මං මෙි කාම ලොකේට ආයේ එන්නේ නෑ” කියනවා..එතකොට මහා දේවිය කියනවා “ස්වාමීනී බුද්ධ ශාසනය අනතුරේ ශ්රී මහා බෝධින් වහන්සේ කපලා දාන්න හදනවා..අනේ මෙි සම්බුද්ධ ශාසනය බෙිර ගන්න කෙනෙක් නෑ ඔබ වහන්සේ ශාසනය බෙිර ගන්න මගේ කුසට වඩින්න” කියනකොට දෙව්ලොව යන්න හිටපු හිත වෙනස් කලා..සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ආයෙමත් මවු කුසට “ගාමිණි අභය” වෙලා ආවෙි..ආවෙත් ලේසි කෙනෙක් නෙවෙයි අනාගත බුදු රජාණන් වහන්සේ නමකගේ අග්රශ්රාවකයන් වහන්සේ..එහෙම ඇවිත් ආයෙමත් බුද්ධ සාසනය ස්ථාපිත කලා…

දෙවන ධර්ම සංඝායනාව කල රහතන් වහන්සේලා දැක්කා තව අවුරුදු 100න් ශාසනයට අනතුරක් සිදු වෙන බව..පේනතෙක් මානයක බෙිර ගන්න කෙනෙක් නෑ…දෙව්ලොවත් නෑ..බඹ ලොව බැලුවා තිස්ස කියලා බ්රාහ්මණයෙක් ඉන්නවා..එකම සුදුස්සා..රහතන් වහන්සේලා ගිහිං කිවුවා බ්රාහ්මනය මනු ලොව උපදින්න කියලා..”ස්වාමීනී ඔය කාම ලොකේ දිහා මම හැරිලවත් බලන් නෑ කිව්වා”..
“බ්රාහ්මනය තව අවරුදු 100කින් සාසනය අතුරුදහන් වෙනවා..බුද්ධ ශාසනය බෙිර ගන්න ආයෙත් මනු ලොව උපදින්න” කියනකොට සාසනය වෙනුවෙන් මනුලොව උපදින්නට හිත වෙනස් කර ගන්නවා..කාමලෝකෙට එන්න බෑ කියපු කෙනා බුදු සසුන අනතුරේ කිවවම කාම ලොකෙට එනනම් කියනවා…මොග්ගලිපුත්තතිස්ස නමින් උපදිනවා..

උන් වහන්සේ මනු ලොවට ඇවිත් රහතන් වහන්සේනමක් වෙනවා..ධර්මාශෝක රජතුමාට ඔනි වෙනවා 3වන ධර්ම සංඝයනාව කරන්න..ඒකට සුදුස්සා මොග්ගලි පුත්තථතිස්ස මහාරහතන් වහන්සේ…උන් වහන්සේ මහා කැලයක තනිවම වැඩ ඉන්නවා..දෙපාරක් මහා සෙනග යැවුවා උන්වහන්සේව වැඩමවාගෙන එන්න’.. ඒත් ආවෙි නෑ..රහතන්වහන්සේලා කියනවා “රජතුමනි ඔහොම කිවුවට උන් වහන්සේ වඩින්නේ නෑ.. කියන්න ගිහින් “ස්වාමීනි බුද්ධ ශාසනය අනතුරේ වඩිනු මැනවි” කියලා…එහෙම කිවුවා විතරයි උන් වහන්සේ නැගිටලා වඩින්නට පා සිවරු අතට ගන්නවා.තුන්වන ධර්මසංඝායනාව කරලා පිරිණිවන් පානවා..

මිලින්ද රජ්ජුරුවන්ගෙන් බුදු සසුනට අනතුරු වෙනකොට රහතන් වහන්සේලා දෙව්ලොවට ගිහිං දෙවියෙකුට කියනවා..”පිනවත් දිව්ය පුත්රය ආයේ මිනිස් ලොකෙට වඩින්න කියලා”…”අනේ ආයෙනම් මට බෑ ඔය කාම ලොකේ උපදින්න කියනවා”…
“දිව්ය පුත්රය බුදු සසුන අනතුරේ මිත්යා මත මඩින්න දක්ෂ කෙනෙක් නෑ..ආයෙත් මනු ලොවට වැඩම කරලා සම්බුදු සසනු බෙිරන්න” කියනකොටම හිත පිහිටනවා මනුස්ස ලොකේට එන්න…නාගසේන මහරහතන් වහන්සේ විදියට උපදිනවා…මිලින්ද රජුව ධමනය කරනවා…

මේ හැමෝම ආවේ බුදු සසුන අනතුරේ වැටුනම..බුදු සසුනට අනතුරේ කිවුවම දෙවියන් බඹුන් පවා කම්පා වුනා..අදත් දෙව් ලොවට හරි පණිවිඩයක් ගියොත් මිනිස්ලොව බුදු සසුන අනතුරේ කියලා..දෙව් ලොවින් හරි ආයෙත් කෙනෙක් එනවාමයි…

මේ විදිහට වසර 5000 මොන මොන උපද්‍රව පැමිනියත් බුදු සසුන පවතීවි.



145 Viewers