රණවිරුවන්ට අභූත චෝදනා කරන අයට නීතිය කි‍්‍රයාත්මක කරන්න -එක්සත් රණවිරු ප‍්‍රජාව සංවිධාන / ජාතික සංවිධාන එකමුතුව
ශී‍්‍ර ලංකාවට සහ රණවිරුවන්ට එරෙහිව අභූත චෝදනා කරමින් මවුබිම අපකීර්තියට ලක් කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටින මුස්ලිම් කොංග‍්‍රස් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන්ත පුෂ්පකුමාර, මාධ්‍යවේදී සුනන්ද දේශපි‍්‍රය සහ එංගලන්තයේ සිටින සඳරුවන් සේනාධීර යන අය කටයුතු කරන බවත් එබැවින් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එක්සත් රණවිරු ප‍්‍රජාව සංවිධානය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිති.
මොවුන් විවිධ වෙබ් අඩවි සහ ෆේස්බුක් ජාලා උපයෝගි කර ගනිමින් නිරන්තරයෙන් සිංහල සංවිධාන ස්වාමීන් වහන්සේ සහ රජය විවේචනය වන අන්දමින් විවිධ ප‍්‍රචාරයන් සිදුකරන බව එක්සත් රණවිරු ප‍්‍රජාව සංවිධානය පවසයි.
එමෙන්ම මොවුන් ශී‍්‍ර ලංකාවේ විවිධ ජාතිවාදී මුස්ලිම් සංවිධාන සමග සමීප සබඳතා පවත්වමින් රටට ජාතියට එරෙහිව ජාත්‍යන්තරය වෙත නොමඟ යවන සුළු තොරතුරු බෙදා හැරීම සම්බන්ධයෙන් සමන්ත පුෂ්පකුමාර සුනන්ද දේශපි‍්‍රය සහ සඳරුවන් සේනාධීර යන අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද මෙම සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ජිනීවාහිදී රණවිරුවන්ට එරෙහිව ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳව විරෝධය පළ කරමින් ජාතික සංවිධාන එකමුතුව ද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ඊයේ (05* උදෑසන ලිපියක් භාර දුන්හ.
සිවිල් සංවිධාන 31ක එකමුතුවක් ලෙසින් මෙම ලිපිය මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවලට ද යොමුකර ඇත.
මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංගමයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා එජා කාර්යාලයේ නියෝජිතයාට මේ සම්බන්ධව කරුණු දැක්වූහ.
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර හා එහි නියෝජිත වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කීප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසීය.
මෙම යෝජනාවට පක්‍ෂ බටහිර රටවලට එරෙහිව රුසියාව, චීනය, කියුබාව පාකිස්තානය, නේපාලය, බංගලදේශය යන රටවල් පමණක් ඡුන්දය භාවිත කරන බව ආරංචි මාර්ග කියයි.
ජිනීවා ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ කොටි හිතවාදීන් 25 කගේ පිරිසක් ජිනීවා පැමිණ විදේශ තානාපතිවරු සම`ග සාකච්ඡුා පවත්වන බවයි.
මේ කොටි හිතවාදීන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවී ශ‍්‍රී ලංකාවට එරෙහිව බලපෑම් කරනවා යැයි ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.
මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව මාර්තු 17 වැනිදා සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
23 Viewers





