දෙමළ ත්‍රස්තවාදී ජාතික සාම මණ්ඩලය
ජාතික සාම මණ්ඩලයේ ලොක්කා ජෙහාන් ප්‍රනාන්දු නමැත්තෙක්. ඔහු කියාවි තමා ලොක්කා නො වේ කියා. ඒ කොහොම වුණත් ඔහුගෙ නම තමයි ජාතික සාම මණ්ඩලය ගැන කියන විට නිතර කියැවෙන්නෙ. ඔහු ජාතික ක්‍රිස්තියානි සභාවලත් වැදගතෙක්. ඔහු දෙමළ ජාතිවාදීන්ගේ ඊනියා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙක්. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියන්නෙ නැහැ. ඒත් නොයෙකුත් ජාත්‍යන්තර සංවිධාන සමග ඔහු ඈයි හොඳයිකම් පවත්වනවා. ඔය හැම ජාත්‍යන්තර සංවිධානයක් ම බටහිර ක්‍රිස්තියානු නූතනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙ.
ඔවුන් ලංකාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ විරෝධීන්. මියන්මා සම්බන්ධයෙන් නම් බුරුම බෞද්ධ විරෝධීන්. සු චී ගේ චන්ද්‍රිකාගේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ට ලොකුයි. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගෙන බෞද්ධ සංස්කෘතීන් නැති කරන්න. සු චීගේ හිරදඬුවම ගැන තවමත් ඔවුන් කිසිවක් කියා නැහැ. එය මුළුමනින් ම මියන්මාහි අභ්‍යන්තර වැඩක්. ජාත්‍යන්තරය එයට ඇඟිලි ගහන්න අවශ්‍ය නැහැ. සු චී මියන්මා නීතියට අනුව වැරදි කර තියෙනවා. ඇයට විරුද්ධ ව තවත් නඩු තියෙනවා. මියන්මාහි ලංකාවෙ මෙන් නොව වරදකරුවන්ට දඬුවම් ලැබෙනවා. ලංකාවෙ කිසිවකු වරදකරුවන් වන්නෙ නැහැ. ඔවුන් විත්තිකරුවන් වී නිදහස ලබනවා. ජාත්‍යන්තරයට මියන්මා හමුදා ආණ්ඩුවට බලපෑම් කරන්න බැහැ. මියන්මා සම්බන්ධයෙන් මා කියන්නේ මගේ පෞද්ගලික මතය. කොහොමටත් මා තානාපති නො වෙයි.
ජාතික සාම මණ්ඩලයට යුරෝපා සංගමයෙන් හා ජර්මනියෙන් මුදල් ලැබිලා. ඔවුන් ඒ මුදලින් මෙරට නැගෙහිර යාපන රුහුණ සබරගමුව විශ්වවිද්‍යාලවල සිසුන් එකසිය හැට දෙනකුට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් ඊනියා සංහිඳියා ව්‍යාපෘතියක් සංවිධානය කරලා. එය අවුරුදු දෙකක් තිස්සෙ පවත්වල පසුගිය දා සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා. එහි අවසාන දේශනය පවත්වල තියෙන්නෙ විදේශ ඇමති වූ ද මංගලගේ අවලම් තවලම් සුදු නෙළුම් රැගෙන ගිය ප්‍රධානියකු වූ ද ජී එල් පීරිස්. ඔහුට රනිල්ගේ ආණ්ඩුවක (යමපාලන) විතරයි ඇමතිවරයකු වෙන්න බැරි වුණෙ. මොනව වුණත් රනිල් මිනිසුන් හඳුනනවා. මේ විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධකර ගනිමින් පැවැත් වූ සංදර්ශනය ජාත්‍යන්තරය සඳහා වූ ජාත්‍යන්තරයේ ම තවත් වැඩක්. ජාත්‍යන්තරයට අවශ්‍ය සජිත්ලාගේ පාර්ලිමේන්තු සංදර්ශන ගැන සඳහන් වන විට මට මතක් වෙන්නෙ කරු ජයසූරිය කියන අපක්‍ෂපාත කතානායකවරයා. කරු කාගේ කිහිළිකරු ද කියා මා අහන්නේ නැහැ.
මෙරට සංහිඳියාවක් තියෙනවා. අමුතුවෙන් සංහිඳියාවක් ඇති කරන්න අවශ්‍ය නැහැ. සංහිඳියාව නැති කරන්නෙ සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් සංහිඳියාව නැති කරන්න කටයුතු කරනවා.
මෙරට හමුදා මගින් දෙමළ ජනයා සමූලඝාතනය කෙරුණු බවට ප්‍රචාරය කෙරුණේ සංහිඳියාව නැති කරන්න. නේස්බි සාමිවරයාගේ කතාවලට ප්‍රචාරයක් නොදෙන්නේ සංහිඳියාව නැති කරන්න. ජාතික සාම මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියේ දී සිසුන්ට නේස්බි සාමි ගැන වචනයක් කියා නැහැ. අර ඝාතනය කෙරුණා යැයි කියන හතළිස්දාහේ අග බිංදුව එකතු කරන ලද්දක් බව කියන්න කිසිවකු ඉදිරිපත් වී නැහැ. යුරෝපා සංගමය ජර්මනිය මුදල් වියදම් කරන්නේ ඔවුන්ගේ වැඩට මිස අපේ වැඩට නො වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අර සංගමය ද මේ සංගමය ද මුදල් දෙන්නේ වැඩ කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවලට මිස අපේ අවශ්‍යතාවලට නොවන බව වමාලා සිවල් සාමාජිකයන් මහාචාර්යවරුන් හිටපු බැංකු නිලධාරින් ආදීන් නොකියන්නේ ඔවන්ගේ අවශ්‍යතා ද ජාත්‍යන්තරයේ අවශ්‍යතා විසින් මෙහෙයවෙන නිසා.
DR NALIN DE SILVA
74 Viewers





