කාදිනල් තුමා
“ඊයේ කාදිනල්තුමාත් නැවත කරළියට ආවා. පාස්කු ප්‍රහාරයට හරියට ම දින දාහක් පිරෙන විට බොරැල්ලේ සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තියලා.මා ඒ දේවස්ථානයට ගිහින් තියෙනවා විවාහ මංගල උත්සවයකට. පොලීසිය බෝම්බය සම්බන්ධයෙන් පල්ලියේ වැඩ කරන කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන. කාදිනල්තුමා ඒ ගැන වෙනත් කතාවක් කියනවා. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ පටන් ගත්තා පමණයි. අත්අඩංගුවට පත් අයකු කරන ලදැයි කියන ප්‍රකාශයක් පොලීසිය විසින් ලියවා ගන්නා ලද එකක් බවට කාදිනල්තුමා සැක පහළ කරනවා. කාදිනල්තුමා අදාළ ප්‍රකාශය ගැන එතරම් කලබල වන්නේ ඇයි? කාදිනල්තුමා නැවතත් මහමොළකරු ඉල්ලනවා. රනිල්දාසත් කාදිනල්තුමා සමග පෙළ ගැහිලා.
බෝම්බය ගැන කාදිනල්තුමා කළ යුත්තේ තමා දන්නා තොරතුරු පොලීසියට කීම මිස සිද්ධියෙන් පැය විසිහතරක් යෑමටත් පෙර මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නො වෙයි. කලකට පෙර මෙරට ඇංග්ලිකන් සභාවේ හෙවත් ලංකා සභාවේ මගේ මිතුරකු කීවේ කාදිනල්තුමා දේශපාලනය කරන බවයි. ටික කලකට පෙර කාදිනල්තුමා බෞද්ධ සංස්කෘතිය අගය කළා. ඇතැම් ගිහියන් පමණක් නොව භික්‍ෂූන් වහන්සේ ද ඉන් එතුමා කෙරෙහි ප්‍රසාදයක් ඇති කර ගත්තා. එහෙත් කාදිනල්තුමා ගැන අප විමසිලි වූයේ එතුමා රත්නපුරයේ බිෂොප් පදවියට පත්වීමටත් පෙර.
ඊයේ කාදිනල්තුමා කියා සිටියේ පාස්කු ප්‍රහාරය ඡන්දය ගැනීම සඳහා කළ වැඩක් බවත්. ඡන්දය ලබා ගත්තේ කවුද කාගේ ද? ගෝඨාභය ද සජිත් ද? මුස්ලිම් ජනයාගේ ද කතෝලික ජනයාගේ ද? කාදිනල්තුමා තමා දන්නා දෙයක් පොලීසියට අපරාධ විමර්ෂණ කොට්ඨාසයට කියන්න ඕනෙ. බෞද්ධ සංස්කෘතිය අගය කරන ගමන් කාදිනල්තුමා බෞද්ධ නායකයන් කෙරෙහි කතෝලික ජනයා කලකරවීමට ක්‍රියා කරනවා ද? කාදිනල්තුමාගේ දේශපාලනය කුමක් ද? මේ ජනාධිපති විරෝධී ලංකා වසන්තයේ තවත් පියවරක් ද? කාදිනල්තුමාගේ අභිප්‍රාය කාගේ කෝට් එක ගැලවීම ද? එතුමා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ගැන ආබාධයට ලක් වූ අය ගැන දුක් වෙනවා. අපත් දුක් වෙනවා. ඒ අතර අප නම් කොටි බෝම්බවලින් මියගිය අය ගැනත් ආබාධයට ලක් වූ අය ගැනත් දුක් වෙනවා. ඒ දිනවල ඇතැම් බිෂොප්වරු පූජකවරු කළ දේශපාලනය අපට අමතක වී නැහැ. …”
By Dr Nalin De Silva
49 Viewers





