රණවිරුවන් ෆේල් ද ?

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වන දේශපාලන හා රජයේ තනතුරු දරන රණවිරුවන් පිළිබඳ සටහනක් තැබීමට අදහස් කරමි.
රණවිරුවන් දේශපාලනයට හා රජයේ වෙනත් තනතුරු සඳහා සුදුසු නොවන බවට හා ඒ සඳහා හැකියාවක් නොමැති බවටත් සමාජ මතයක් ගොඩනැගීමට යම් යම් පිරිස් උත්සාහ කරමින් පවතී.
හිටපු ආරක්ෂක ලේකම් හා වර්තමාන ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල, ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ, මේජර් මොන්ටේගු ජයවික්‍රම, මේජර් ජනරාල් ජානක පෙරේරා, අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු නියෝජ්‍ය කතානායක සරත් මුණසිංහ, හිටපු ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න, හිටපු අමාත්‍ය ශ්‍රීපති සූරියාරච්චි, අමාත්‍ය ජනක තෙන්නකෝන්, හිටපු අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන, හිටපු අමාත්‍ය හා මන්ත්‍රීවරුන් වන පාලිත රංගේබණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සුනිල් රංජන් ජයකොඩි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මේජර් සුදර්ශන දෙනිපිටිය, මේජර් ප්‍රදීප් උදුගොඩ ආදීන් ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කැපී පෙනෙන රණවිරු දේශපාලන චරිත වලින් කිහිපයකි.
වර්තමානයේ බොහෝ ලාභ ලබන ප්රමුඛ පෙළේ පෞද්ගලික ආයතන වල ඉහලම විධායක ශ්‍රේණියේ නිලධාරීන් බොහෝ පිරිසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හෝ පොලිස් නිලධාරීන් ය. එමෙන්ම රජයේ ආන්ඩුකාරවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දිසාපතිවරුන් හා වෙනත් රජයේ ඉහළ තනතුරුවල කීර්තිමත් සේවාවක් කළ විශ්‍රාමික රණවිරුවන් විශාල පිරිසක් ඇත.
ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින් වන ඩඩ්ලි සිරිසේන මේජර් නිශ්ශංක සේනාධිපති මාගා ඉදිකිරීම් ආයතන හිමිකරු ආදී බොහෝ පිරිසක් මෙන්ම ලේඛකයින් ක්‍රිඩකයින් දේශකයින් කලාකරුවන් ඇතුළු වෙනත් වෘත්තීය ප්‍රවීනයන් වූ රණවිරුවන් ද බහුලව දැකිය හැක.
වෙනත් රටවල විශ්‍රාමික රණවිරුවන් දේශපාලන, රජයේ හා පෞද්ගලික අංශයේ සේවය සඳහා නිරන්තරයෙන්ම යොමු වේ එමෙන්ම අප කවුරුත් ආදරය කරන හෙන්රි ඕල්කට්තුමා ද ඇමරිකානු හමුදාවේ කර්නල් වරයෙකි.
රණවිරුවන් යනු තුවක්කුවක් ගෙන වෙඩි තැබීමට පමණක් ඉගෙන ගත් අය නොවන අතර විශාල විෂයන් පරාසයක් තුළ දෙස් විදෙස් අධ්‍යාපනය සාර්ථකව හැදෑරූ අයවලුන් වේ.
1948ටේ නිදහසින් පසු අද සිටින තැනට රට ඇද දැමූ දේශපාලනඥයින් හා රජයේ නිලධාරීන් බහුතරයක් රණවිරුවන් නොවන බව මතක් කිරීමට කැමැත්තෙමි.
රට හෝ රටේ දියුණුව ගැන නොසිතා තමන්ගේ ඡන්ද ගොඩ හා ආත්මාර්ථකාමී පටු දේශපාලන වාසි හා කෙසේ හෝ බලය ලබා ගැනීමට බලාපොරොත්තු
වන සමහර දේශපාලනඥයින්ට හා ඔවුන්ගේ වන්දිභට්ටයින් ට මෙන්ම නිසි ක්‍රමවේදයෙන් බැහැරව පසුපස දොරින් උසස්වීම් ලබා ගන්නා හා තම සුඛ විහරණය ගැන පමණක් සිතන සමහරක් රාජ්‍ය නිලධාරීන්ට අනුව නම් රණවිරුවන් ෆේල්ය මක්නිසාද යත් විනයගරුකව නීතිගරුකව හා යුක්ති ගරුකව කටයුතු කරන රණවිරුවන් නිසා ඔවුන්ට රිසි සේ තම ක්‍රියාවන් සිදු කළ නොහැකි බැවිනි.
මම සියලු රණවිරු දේශපාලනඥයින් හා නිලධාරීන් එකසේ දක්ෂයින් යැයි නොකියමි. නමුත් අප රට වසර 73ක් ෆේල්කර රණවිරුවන් ෆේල්යැයි මතයක් ගොඩ නගන අමනෝඥයින්ට වඩා රණවිරුවන් සිය දහස් ගුණයක් පාස්ය, ඉදිරියෙන් ය.
පරාජය කළ නොහැකි යැයි කිවූ ලොව බලගතුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කර රණවිරුවන් ෆේල් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කළේය. ඔවුන් දේශපාලනයේදී සහ රාජ්‍ය පරිපාලනයේ දී ෆේල් නොවන වග රටේ ජනතාව අවබෝධ කොට ගත හොත් දූෂිත, වංචාකාර, හොරු රැලකට නැවත ජනතා මුදල් මංකොල්ල කෑමට ඉඩ නොලැබෙන නිසා රණවිරුවන් ෆේල් කිරීමට ඔවුන් උපරිම උත්සාහය දරනු ඇත.
රටේ ඕනෑම ප්‍රශ්නයකදී, ගැටලුවකදී, ව්‍යසනයකදී හෝ ආපදාවක දී අවසානයට කැඳවන්නේ රණවිරුවන් ය ඒ ඔවුන් ෆේල් නොවන නිසාය. නොඑසේනම් රණවිරුවන් ෆේල් කරන්නට උත්සාහ දරන උදවියට එම අවස්ථාවන් සඳහා තම තමන්ගේ පක්ෂවල ශාඛා සමිති හෝ වෙනත් සංවිධාන කැඳවා ගත හැක නමුත් ඔවුන් ෆේල් වෙන බව දන්නා නිසා එසේ නොකර කබරගොයා තලගොයා නියාය අනුගමනය කරති. තවද දේශහිතෛෂී දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සිටිති. නමුත් මාතෘ භූමියේ අභිවෘද්ධිය සඳහා ජාතික න්‍යාය පත්රයකට කටයුතු කරන්නට එම දේශ හිතෛෂීන්ට අවකාශයක් නොමැත ඒ සඳහා උත්සාහ කිරීම ද ඔවුන්ගේ සියතින් ගෙල සිඳ ගැනීමකට සමානය මක්නිසාදයත් රණවිරුවන් කෙසේ වෙතත් රටම ෆේල් කරන්නට උත්සාහ ගන්නා අයවලුන් ඊට ඉඩ නොතබන බැවිනි.
සියලුම දේශපාලනඥයින් හා ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් රණවිරුවන් විය යුතු යැයි මම නොකියමි නමුත් දක්ෂ රණවිරුවන් හට නිසි තැන ලබාදීම සියල්ලන් ගේ වගකීමකි. එසේ වුවහොත් වඩාත් දියුණු, සුරක්ෂිත, විනයගරුක, දේශීයත්වයට මුල්තැන දෙන රටක් බිහි වනු ඇත.
මේ සටහන තබන්නේ කෙනෙකු අමන්දානන්දයට පත් කිරීමට හෝ පහර ගැසීමට නොව බුද්ධියේ විමසුමට පමණි.
මම…
කර්නල් රත්නප්‍රිය බන්දු
88 Viewers





