ද්‍රෝහීන්
විමල් වීරවංශ වැනි අමන ද්‍රෝහීන් වගේම පොහොට්ටුවේ ඇතැම් අයත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිට එරෙහිව කියන කතාවක් තමයි ඔහු ඊනියා අරගලකරුවන්ට පහර දුන්නේ නැත්තේ එහෙම කළොත් ඔහුට ඇමරිකාවට යන්න බැරි වෙයි කියා හිතූ නිසාය කියන කතාව.
නමුත් ඔවුන්ට අමතක වෙනවා එදා මේ රටේ ජනාධිපති වෙන්න කියා ගෝඨාභයගෙන් ඔවුන් ඉල්ලූ අවස්ථාවේ ඒ සඳහා ඔහු ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවය ඉල්ලා ඉවත් කරගත් බව. තමන්ගේ රටට වඩා ඇමරිකාව ලොකු වුණා නම් ඔහුට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැනෙ. ඒ නිසා ඒ කතාව එතැනින්ම බිඳ වැටෙනවා.
විමල් කියන්නේ කිසිදු සදාචාරයක් නැති වාචාලකමට කටට එන ඕන දෙයක් කියවන පරණ ජේවීපී ත්‍රස්තයෙක්. ඔහුට තියෙන්නේ බැසිල් රාජපක්ෂ සමග පුද්ගලික වෛරයක්. එයාගේ ඒ වෛරය උඩින් එයා පොහොට්ටුවේ ආණ්ඩුව අස්ථාවර කරලා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට ද්‍රෝහී වුණා. විමල් වැනි අඳබාලයෙක් ඔවැනි අතාර්කික කතාවක් කීම පුදුමයක් නොවෙයි. නමුත් පොහොට්ටුවේ සමහරුත් විමල්ගේ බොරුවම පුනරුච්චාරණය කිරීම සහගහන මුග්ධකමක්.
එදා ගෝඨාභය ජනාධිපති වීම වළක්වන්න උත්සාහ කළ බලවේග ඔය පුරවැසිකම ඉවත් කරගත්තේ නැහැ කියා නඩු දැම්මා. නඩුවෙන් ඔවුන් පැරදුනාට පස්සෙත් ඔවුන් කිව්වා ඇත්තටම පුරවැසිකම ඉවත් කරගෙන නැතය කියා. නමුත් අද ගෝඨාභය මහතාට ඇමරිකාවට යන්න බැහැ. මොකද ඔහු සැබැවින්ම ඒ පුරවැසිකම ඉවත් කරගත් නිසා. එදා ඒ ගැන ප්‍රශ්න කළ අය අද මීක් නැහැ.
කෙනෙකු අහන්න පුළුවන් ඉතින් මොකටද ඔය පිටරටක පුරවැසිකම මුලින්ම ගත්තේ කියා. මේ රටේ පුරවැසියෙක් හැටියට මටත් ඒ ප්රශ්නය තිබුණා. නමුත් අතීතය දිහා බැලුවම මට තේරුණා එහෙම කළ නිසා තමයි ඔහුගේ ජීවිතය බේරුණේ කියා. ඔහු රටින් පිට නොවී දිගටම හමුදාවේ සිටියා නම් ඩෙන්සිල් කොබ්බෑකඩුවලාත් සමගම ඔහු ඒ කාලයේම මිය යනවා නියතයි.
එහෙම වුණා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට නැවත ඇවිල්ලා ආරක්ෂක ලේකම් වෙන්න සහෝදරයෙක් නැති වෙනවා. එහෙම වුණා නම් අද මේ රටෙන් බාගයක් කොටි ත්රස්තයන් අල්ලගෙන. අදටත් එහෙනම් මේ රටේ උතුර සහ දකුණ අතර යුද්ධයක්. ආර්ය සිංහල ඉතිහාසයේ වුණා වගේ ගෝඨාභය පිටරටක පුරවැසිකම අරගෙන කාලයක් හිටිය නිසා ඔහුට නැවත ඇවිල්ලා තමන්ගේ සහෝදරයන් සමග එකාවන්ව සමගි වෙලා මේ රට බේරගන්න පුළුවන් වුණා. ඒ වෛරය තමයි ගිය අවුරුද්දේ උන් පිරිමහගත්තේ.
ඇමරිකන් පුරවැසියන්ව ඒ රටේ ආණ්ඩුව පණ වගේ රකිනවා. ඒ ආරක්ෂාවත් හේතුවක් වුණා ගෝඨාභයට යුද්ධය අවසන් කරන්න නායකත්වය දෙන්න. නමුත් ඔහු ඒ ආරක්ෂාව අත්හැරලා එනවා අපේ ඉල්ලීමට. යුද්ධය අවසන් කළා වගේ මේ රටේ ඉතුරු ප්‍රශ්න ටිකත් අවසන් කරන්න ඔහු ඒ කැප කිරීම කරනවා. ඔහු මේ රටේ මිනිස්සුන්ව විශ්වාස කරනවා. නමුත් මේ රටේ මිනිස්සු මොකද කළේ?
එහෙම ආව මිනිහට උඹලා මහා නරක විදිහට ද්‍රෝහී වුණා. තමන්ව ගලවාගත් මිනිහගේ පිටට පිහියෙන් ඇන්නා. ගෝල්ෆේස් එකට ගිහිල්ලා ඒ මනුස්සයට නොසෑහෙන්න අපහාස කළා. මරණ දැන්වීම් ගැහුවා. එහෙම ගහපු එක අරගලකාරිනියක් සති ගාණක් යන්න කලින් මළා. අද අරගලකරුවන් ඔක්කොම මැරිලා. උන් ජීවත් වුණත් මළවුන් වගේ. උන්ගේ හිත දන්නවා උන් කළ පාපකර්මය.
ඒ සියල්ල දරාගෙන ගෝඨාභය තාම ඉන්නවා නිහඬව. ඔහු තනිවම උපේක්ෂාවෙන් බලා ඉන්නවා. ඔහුට නැවත කවදාවත් ඔහුගේ පුතාව බලන්න යන්න වෙන්නේ නැහැ. එහෙව් අසාධාරණයට ලක් වූ මිනිහෙකුට තවදුරටත් අනිවාරතේ දොස් කියලා තමන්ගේ පටු දේශපාලනය කිරීම අපරාධයක්. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2023 අප්‍රේල් 17
101 Viewers





