• Home »
  • Sinhala News »
  • “සැනසීමක් ගෙනදෙන නව වසරක්” – අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි

“සැනසීමක් ගෙනදෙන නව වසරක්” – අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි

විවිධ බාධක පැවතුණත් සියලු භේද පසෙකලා නව වසරේ ජනතා සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීම වැදගත් යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති.

ඉකුත් වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂය ආර්ථික හා රෝග පීඩා අවමවූ මහජනයාට යම් සැනසීමක් ගෙන දෙන වසරක් වී ඇතැයි මහා නායක හිමියන් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් සිය සුබ පැතුම් එක් කරමින් මේ බව සඳහන් කර සිටී.

කොවීඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අලුත් අවුරුදු සැමරීමට ඉකුත් දෙවර්ෂය තුළදී ලාංකිකකයන්ට අවස්ථාවක් නොලැබුණු බව සිහිපත් කළ මහා නායක හිමියන් එම තත්ත්වය මෙම වර්ෂයේදී බොහෝ දුරට පහව ගොස් ඇතැයි සඳහන් කළේය.

දියුණුව සහ සතුට පදනම් වන්නේ සාමකාමීත්වය මත බව කී මහා නායක හිමියන් උදාවූ මෙම අලුත් අවුරුද්ද ඉතා සාමකාමීව සැමරීමට සියලු ජනතාව අධිෂ්ඨාන කර ගත යුතු යැයි ද තව දුරටත් පෙන්වා දුන්නේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර



24 Viewers