• Home »
  • Sinhala News »
  • “නව වසරේදී ඉක්මනින් නැගී සිටින්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන්” – මල්වතු පාර්ශවයේ අනුනායක හිමි

“නව වසරේදී ඉක්මනින් නැගී සිටින්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන්” – මල්වතු පාර්ශවයේ අනුනායක හිමි

කැපවී ක්‍රියාකිරීම මගින් රටේ ප්‍රශ්න විසඳාගෙන ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රබල ලෙස නැගී සිටීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති.

උදාවූ නව වසර නිමිත්තෙන් සුභපැතුම් එක්කරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කරති.

පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් විනාශ වූ ජපානය මෙන් ශ්‍රී ලාංකිකයන්ට ද මෙම කඩිනමින් නැගී සිටීමේ ශක්තිය පවතින බව උන්වහන්සේ කියති.

රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් සියලු ජාතීන් එක්ව ක්‍රියාකිරීම වැදගත් යැයි පෙන්වා දුන් අනුනායක හිමියන් ඒ සඳහා නව අදහස් හා යෝජනා වැදගත් වන බව ද පෙන්වා දුන්නේය.

ඉකුත් දෙවර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේදී අලුත් අවුරුදු සැමරීමට ජනතාව තුල උද්යෝගයක් පවතින බවත් නිකරුණේ මුදල් නාස්ති නොකළ යුතු යැයි ද උන්වහන්සේ කීවේය.

කුඩා දරුවා පවා ණයවී ඇති අවස්ථාවක අවුරුදු සැමරීම සඳහා අනවශ්‍ය මුදල් නාස්ති කිරීම් නොකළ යුතු යැයි පෙන්වා දුන් අනුනායක හිමියන් අවුරුදු සැමරීමේදී මත්පැන් සඳහා මූලිකත්වය නොදිය යුතු යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර



19 Viewers