• Home »
  • Articles »
  • අනුර බටහිර සහ ඉන්දියානු රූකඩයක්.

අනුර බටහිර සහ ඉන්දියානු රූකඩයක්.

” අනුරගේ රාජ්‍ය තාන්ත්‍රික නිවට බව ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජනාධිපති අනුර දිසානායක සහ විදේශ කටයුතු ඇමති විජිත හේරත් විසින් මේ වනවිට පැහැරහැර ඇති රාජ්‍ය තාන්ත්‍රික වගකීම් සම්බන්ධවයි.ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය රටේ ජනතාවට දැන් බරපතල විදිහට මතුවෙලා තියෙනවා.

බ්‍රිතාන්‍ය රජය විසින් අපේ රටේ ජේෂ්ඨ හමුදා නිලධාරීන් තුන්දෙනෙකුට සහ තවත් ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව සම්බාධක පනවලා තියෙද්දී ආණ්ඩුව මේ වගේ පතෝල ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පුදුම සහගතයි.ඒ සම්බන්ධ විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් මෙලෝ රහක් නැති පතෝල නිවේදනයක් නිකුත් කරලා ආයෙත් විජිත මර නින්දකට වැටිලා.

අඩුම ගානේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැදවලා කරුණු පැහැදිලි කිරීමක් කරන්න කියන්න කොන්දක් අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයට නැද්ද?ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ සහ ජගත් ජයසූරිය යන ජේෂ්ඨ හමුදා නිළධාරීන් සටන් බිමට ගියේ ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන්.ශ්‍රී ලංකාව ඇතුලේ වෙනමම දෙමල ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීමට එරෙහිව.

ඒ වගේම ඉතිහාසය පුරා රටට හතුරු භූමිකාවන් නිර්මාණය වෙද්දී අපේ රටේ සන්නද්ධ හමුදා දේශප්‍රේමී භූමිකාවකට පණ පොවලා තියනවා.රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කරපු කාර්යය සහ දැනටත් කරමින් ඉන්න කාර්යය අතිමහත් එකක්.බ්‍රිතාන්‍ය විසින් ප්‍රකාශට පත් කරලා තියෙන මේ ඒක පාර්ශ්වීය සම්බාධක කියන්නේ අපේ රටට එල්ලවෙන ජාත්‍යන්තර බලපෑම් සම්බන්ධව කරන බරපතල අනතුරු ඇඟවීමක්.

දැනටමත් බ්‍රිතාන්‍ය ස්ථාවරය කැනඩාව නියෝජනය කරනවා.ඒ වගේම මේ තත්වය යුරෝපා සංගමය පුරා පැතිර යන්න පුලුවන්.ඇත්තටම මේ කරන්නේ බෙදුම්වාදීන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක්. තමන්ට එකඟ,යටහත් පහත්,නිවට ආණ්ඩුවක් තියන මේ වෙලාවේ අපේ රටේ රණවිරුවන් ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමේ වාඩුව ගන්නයි මේ හදන්නේ.අනුරගේ මේ තක්කඩි ආණ්ඩුව ඒ වැඩේ කරන්න එයාලට ආශීර්වාදයක් වෙලා.

මේ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ ස්ථාවරය පැහැදිලිව කියලා තියෙනවා. එදා රටේ සේනාධිනායකයා විදිහට යුද්ධ කිරීමට අණ දුන්නේ තමන් බවත් අපේ රටේ සන්නද්ධ හමුදා ක්‍රියාත්මක කළේ ඒ අණට බවත් මහින්ද වගකීම භාරගනිමින් කිව්වා.ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රිතාන්‍ය සම්බාධකවලට එරෙහිව සෘජු ප්‍රකාශයක් කළා. අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කරපු රනිල් අල්ජසීරා head to head සංවාදයේදී රනිල් බෙදුම්වාදයට තදින් පහර දුන්නා.

දේශපාලන මතවාද මොනවා තිබුණත් එයාලා අවශ්‍ය තැනදී අවශ්‍ය මොහොතේදී ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් පෙනී හිටියා.අද විවිධ හේතුන් මත විරුද්ධ දේශපාලන නායකයන් දඩයම් කරන්න හදන අනුර මේ ප්‍රශ්නයේදී පේන්නවත් නැතිව හැංගිලා.ජාත්‍යන්තර වශයෙන් රටට පීඩනයක් එනකොට හැංගෙන ජන්ධිපතිලා,විදේශ ඇමතිලා මොකටද?ජවිපෙ දේශපාලන අධ්‍යාපන ඇතුලේ ලෝකයේ තිබුණ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික පෞරුෂයන් ගැන හදාරනවා.

හැබැයි ඒවායින් කිසිවක් අනුරලා,විජිතලා තමන්ගේ දේශපාලන භූමිකාව පෝෂණය කරන්න එකතුගෙන නෑ.ඉස්සර ගමේ ගොඩේ තිබුණ කතාවක් තමයි ඔය වගේ අය පොල් පිත්තකින් උනත් කපා ගන්න පුළුවන් කියලා.ඇත්තටම අද ඉන්න ජනාධිපති සහ ඇමතිලා පොල්පිතිවලින් කපා ගන්නත් පුළුවන්.ජවිපෙ බලය ජවිපෙ ඉතිහාසයට සම්බන්ධ නැති තක්කඩින් පිරිසක් අතට දැන් ගිහින් තියනවා.

ඒ වගේම අද ආරක්ෂක අංශවල නායකත්වයත් යුද්ධ ජයග්‍රහණයට දායක නොවු යුද්ධයට නොගිය,යුද්ධ බිමෙන් පලා ගිය විශ්‍රාමික හමුදා කල්ලියක් අතට පත්වෙලා.අනුරලා ජවිපෙ ඉතිහාසය සම්බන්ධ නෑ වගේම එයාලත් යුධ ජයග්‍රහණයට සම්බන්ධ නෑ.අනුරලා යුද්ධයේ අවසාන් මොහොතේ පවා තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න බාධා කළා.අනුර ජනාධිපති වීම පිටිපස්සේ අනිවාර්යෙන්ම බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වුනා.ඒවා එකින් එක හෙලි කරන්න රටේ රාළ ලෑස්තියි.

රට ගිලගන්න නැවත වටයකින් බටහිර කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබියදී ජනාධිපති හැංගිලා ඉන්නවා කියන්නේ මොනතරම් නිවටකමක්ද?දැන් රටේ රාළ දිගටම කිව්ව දේ ඔප්පු වෙමින් තියනවා.අනුර කියන්නේ බටහිරට සහ ඉන්දියාවට යටත්වුන දේශපාලන රූකඩයක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.



14 Viewers