• Home »
  • Articles »
  • ආණ්ඩුව ්නිද්‍රාශීලීව සිටින කොටි ත්‍රස්තවාදී සැමරුම්

ආණ්ඩුව ්නිද්‍රාශීලීව සිටින කොටි ත්‍රස්තවාදී සැමරුම්

අපට නිකන් පේන්නෙ මේක මිය ගිය ඥාතීන් සිහිපත් කිරීමක් වගේ.

අපිත් අපේ ඥාතීන් මිය ගියාම සිහි කරනව නේ.

ඇයි දෙමළ කථා කරන මිනිස්සුන්ට බැරි එයාලගෙ මිය ගිය අය සිහි කරන්න.

ඒක ඇත්ත.

හරි

දැන නැගිටින්න

මේකයි ඇත්ත

1961 එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව: *යම් භූමියක් ජනාවාස කොට ශිෂ්ටාචාරගත කළ ජනතාවට එම භූමියේ නිළ අයිතිය හිමි වනවා සේම UN එක විසින් එමජනවර්ගය ජාතියක් ලෙසත්, ස්වාධිපත්‍යය හිමි ජාතියක් ලෙසත් පිලිගන්නව.

හැබැයි යම් ජනවර්ගයක් සමූළඝාතනය වුණා කියල ඔප්පු කළොත් ඒ ජනතාවට වෙනම භීමියක් ප්‍රකාශ කරන්න පුලුවන් වගේ ම; UN එක විසින් එම භූමිය රටක් වශයෙන් පිලිගන්නව.

මේ වෙනුවෙන් LTTE ඩයස්පෝරා එක කරන වැඩ රැසක් තියනව.

1. පුදුකුඩුඉරිප්පු වලදි ලක්ෂ ගණනක් දෙමළ වැසියන් මැරුව කියල අසත්‍ය ප්‍රචාර අරන් යාම.

2. මිය ගිය/අතුරුදන් දෙමළ වැසියන් සොයන්න කොමිසමක් ස්ථාපිත කිරීම. (මේක තනිකරම අර වෙනම රට ප්‍රකාශයට පත් කරන එකේ ම කොටසක් මිසක් මිනිස්සු හොයන්න කරන වැඩක් නෙවෙයි.)

3. දෙමළ වැසියන්ගේ විමුක්ති හමුදාව සිංහළ හමුදාව අතින් ඝාතනය වුණා යැයි ලෝකයට ප්‍රකාශ කිරීම. ( මේ හරහා අර UN සම්මුතිය ආවරණය කරන්න එයාල බලාපොරොත්තු වෙනව. නමුත් අපට පේන්නෙ මිය ගිය අය සිහි කරනව වගේ.)

4. මිය ගිය අය සිහි කරන මුවාවෙන් මහජනතාව, තරුණ තරුණියන් දහස් ගණනින් රැස් කරවා සංවේදී සංගීත ඛණිඩ අසන්නට සලස්වා හැගීම් උපදවමින් නැවත වරක් බෙදුම්වාදයක් හිස තුළ ඇති කරවීම.

5. අලුත් පරපුර යුද්ධය දැක නැති නිසා අනාගත ඊළම් සිහිනය බිඳ වැටෙනව. ඒ නිසා ඒ අයට යුද්ධයේ පණිවුඩය ඔළුවට දැම්ම දෙන්න ඕන. එතනදි රටෙන් නැගෙන චෝදනා හරහා දෙමළ තරුණ තරුණියන් තුළ සිංහළ සමාජය ගැන වෛරයක් නිර්මාණය කිරීම.

6. මීළඟ අරගලයට පිරිස් එක් රැස් කිරීම.

7. ගෙන ඒමට නියමිත ව්‍යවස්ථාවෙන් වෙනම පාලන කළාපයක් ආණ්ඩුව ලවා වෙන් කරවා ගන්නට අවශ්‍ය මහජන මතයක් උතුරෙහි නිර්මාණය කර ගැනීම.

මේ සියල්ල පසුපස සිටින්නේ වතිකානුව ප්‍රමුඛ ඒකදේවවාදී කඳවුර යි. රායප්පු ජෝසප්ගේ සිට මැල්කම් රංජිත් තෙක් සියල්ලන් දර දිය ඇද්දෙ ඊළම වෙනුවෙන්.

අවසනට යමක් කියමි.

ක්‍රි.ව. 14 සියවසින් පසු දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන්, සිංහළ රජුගේ අඩු අවදානය නිසා වෙනම අනවසර පාලනයක් යාපනයේ සාදා ගත්තා මිස මෙරට දෙමළ නිජබිමක් නැත.

UN, සම්මුතිය1961 අනුව රටක අයිතිය එය ශිෂ්ටාචාරගත කළ අයට ම පමණක් හිමි වෙි

මේ රට සිංහළ රට යි.

සීහළදීපයයි.

එය SRI LANKA කළේ 1972/05/22 යි.

දැනට මෙරට සිටින දෙමළ කථා කරන ජනතාව වෙනුවෙන් සිදු කළ හැකි, ජාත්‍යන්තර හා නිත්‍යානුකූල ක්‍රමවේදය නම් :

සිංහළ භාෂාව පිළිබඳ මනා පුහුණුවක් ලබා දී,
මෙරට ඉතිහාසය මැනවින් උගන්වා, සියලු සෙසු නීති ඉවත් කොට එක නීතියක් යටතට

සියලු ජනතාව යටත් කිරීමයි.
එකී එක රටක් එක නීතියක් ප්‍රතිපත්තියේ සිට මිස අන් ක්‍රමයකින් මේ ගැටලු කිසිදා විසඳිය නොහැකි ය.

අධ්‍යාපනය
කථා කිරීම තමන් කැමති භාෂාවකින් කර ගත හැකි වුවද

මෙරට ඓතිහාසික ජාතික බස අනිවාර්ය විය යුතු ම ය.

රාජ්‍ය කටයුතු වලදී ඉන් පසු තවත් වසර 20කින් සිංහළ පමණක් භාවිත කරමු.

දෙමළ භාෂාව වෙනුවෙන් තව දුරටත් සටන් වදින යමෙක් වෙ නම් ඔවුන් ට සුදුසු ම බිම ඉන්දියාව මිස ලංකාව නො වේ.



65 Viewers