සිංහල ජන සංහාර දිනය

යුද්ධය ගැන කථා කරන ජාත්‍යන්තරය ඇයි දෙමළු ගැන පමණක් කථා කරන්නේ? එයට හේතුව තමයි දෙමළ කොටි ත්‍රස්තයන් විසින් ඝාතනය කළ සිංහලයන් වෙනුවෙන් අපි කථා නොකිරීම. අර ඊශ්‍රායලයට පැනලා ගෙවල් ඇතුළේ හිටිය අහිංසක යුදෙව්වන් වෙඩි තියලා මැරුවා වගේ අවුරුදු තිහක් තිස්සේ මේ රටේ සිංහලයන්ගේ ගම්ගෙවල්වලට පැනලා වෙඩි තියලා, කඩුවෙන් කපලා, දූෂණය කරලා මරලා දැමූ සිංහල මිනිස්සු ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ.

බස්වල කෝච්චිවල බෝම්බ පුපුරවලා ඇඟේ කෑල්ලක් හොයා ගන්න බැරි වෙන්න මරලා දාපු අහිංසක සිංහල දරුවන් ගැන කවුරුවත් චිත්‍රපටි හැදුවේ නැහැ. මරාගෙන මැරෙන කොටි ධේනුවන් බෝම්බ පුපුරවලා මරපු සිංහල අම්මලා තාත්තලා ගැන පොත් ලියවුණේ නැහැ. ශ්‍රී මහා බෝධීන්වහන්සේ යට වෙඩි තියලා මරපු අහිංසක බැතිමතුන්ට දැන් කවුරුවත් දානේ දෙන්නේ නැහැ. සිංහලයාට තමන්ගේ මිනිස්සු මරා දැමූ හැටි මතක නැහැ. නමුත් දෙමළ මිනිහා ඔවුන්ගේ මළවුන් අමතක වෙන්න දෙන්නේ නැහැ. හැම අවුරුද්දෙම ලෝකෙටම මතක් කරනවා.

සිංහල ජාතිය තරම් මේ විදිහට අසාධාරණයට ලක් වුණු තවත් ජාතියක් නැති තරම්. අපිව මරපු උන් ලෝකයා ඉදිරියේ වින්දිතයා වෙලා අපි වැරදිකරුවන් වෙනවා. ඌව-වෙල්ලස්සේ සිංහලයන් සමුලඝාතනය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයන් අද අපිට විරුද්ධව සම්බාධක දානවා. නමුත් එදා වෙල්ලස්සේ මැරුණ දස දහස් ගණනක් සිංහල මිනිස්සු වෙනුවෙන් ජාත්‍යන්තරයට කියන්න අපිට බැරි වෙලා තිබෙනවා. 88-89 ජවිපෙ-එජාප ඝාතකයන් විසින් මරා දැමුණේත් අහිංසක සිංහල මිනිස්සු  තමයි. නමුත් ඔවුන් වෙනුවෙන් යුක්තිය පසිඳලන්න ජනාධිපති කොමිසම් දාන්නේ නැහැ. මේ තත්ත්වය දැන්වත් අපි වෙනස් කළ යුතුයි. පළමු පියවර හැටියට යුද්ධයෙන් මරණයට පත් වූ සියලු සිංහලයන් වෙනුවෙන් “සිංහල ජන සංහාර දිනයක්” ප්‍රකාශයට පත් කළ යුතුයි.

හැම වසරකම එදාට ඉතිහාසයේ මරා දැමුණු සිංහල මිනිසුන් නම්ගම් ඇතුළුව කළු කොඩි ඔසවලා සිහි කළ යුතුයි. සියලුම විහාරස්ථානවල එදාට දානමය පිංකම් කරලා ඒ මළවුන්ට පින් පැමිණවිය යුතුයි. ඒ වගේම යුද්ධයෙන් මියගිය සිංහල මිනිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවිය යුතුයි. ඔවුන්ගේ පවුල්වල අයට වන්දි ලබා දිය යුතුයි. එම වන්දි ගත යුත්තේ ඊළම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ඩයස්පෝරාවෙන්. එම ජාත්‍යන්තර දෙමළ සංවිධානවල ප්‍රධානීන් සහ සාමාජිකයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහි ව වන්දි ඉල්ලා මෙරට නඩු පැවරිය යුතුයි.

විශේෂයෙන් ම සිංහල ජන සංහාරය පිළිබඳව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුවට බල කළ යුතුයි. මරා දැමුණු අයගේ පවුල්වල සාමාජිකයන් සඳහා රජයේ අනුග්‍රහය ලබා දිය යුතුයි. නිවාස, ඉඩම් සහ රැකියා ලබා දිය යුතුයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ලංකාවේ රජය අසාර්ථක වුණා. එහෙම කළේ නැත්නම් මේ ප්‍රශ්නය අරගෙන අපි ජාත්‍යන්තරය ඉදිරියට යා යුතුයි. හැම අවුරුද්දකම ජිනීවා ගිහිල්ලා මැරිච්ච දෙමළු ගැන වාද කරන්නේ මොකටද? අපි කළ යුත්තේ මරා දැමුණු සිංහල මිනිසුන් ගැන ජිනීවාවල යෝජනා ගෙන ඒමයි.

සිංහල මිනිහට මේ කරන අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න අපිට යුතුකමක් තිබෙනවා.



22 Viewers