මගේ සත දෙක…!
ජවිපේට මෙරට ආණ්ඩුව ලැබුණහොත් මේ සිදුවන බෞද්ධ විරෝධී දේ රජය නිරාගමිකරණය නමින් ක්‍රියාත්මක කරන බව නලින් ද සිල්වා වියතාණන් අප හා කල් ඇතිවම කිව්වා.
එතුමා නිතර කිව් කතාවක් තමයි
“මොන කරුමයකටදෝ සිංහල ජාතිය පළු යන්නට රැවටිය හැකි ජාතියක්” බව…!
එරැවටිය හැකි බව යන්න අපේ ජාතියේ බරවා කකුලයි…!!
මේ රටේ සිංහල මිනිස්සු දේශපාලනයේ දී රැවටිය හැකි තරමට රැවටිය හැකි ජාතියක් මේ ලෝකේ කවර කලෙකවත් නැහැ…!!!
2015 වන විටත් මුහුණු පොතේ සරමින් නැතිවුණ බල්ලන් පූසන් සොයමින් සිටි අදේශපාලනික හරිනී අමරසූරියට UsAid ආධාර දී ඇය ෆෙඩරල්වාදී ලාල් විජේනායකට පූට්ටු කළේ අමෙරිකාවයි.
කැලේ සිටි ජවිපේ 3% කොටියා ගෙදර පූසා,
එනම් මාලිමාව බවට පත් කළේ ඔවුන්මයි.
මාලිමාව යනු එසේ ගෙදරට එව් පූසායි.
මාලිමා ආණ්ඩුවේ හරිනී අධ්‍යාපන ඇමතිනිය වන්නේ ඇගේ සුදුසුකම් හෝ අනුර ජනාධිපතිගේ කැමැත්ත නිසායැයි සිංහලයන් සිතීම අර බරවා කකුලේ ව්‍යාධි රැවටීම අනුවම තේරුම් ගැනීමක්.
අධ්‍යාපන ඇමතිනිය හරිනීගේ මුල්ම කටයුත්ත වූයේ ප්‍රභල බෞද්ධ ජනානුපාතයක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ දරුවන්ගේ මොල මෙලෝ සුදුසුකමක් නැති සිංදු කියන පාස්ටර්ගේ අදහස්වලින් සේදීමයි.
ඒ ව්‍යාපෘතියට ඩොලර් කුට්ටි පිටින් එවන්නට බෞද්ධ විරෝධී ආයතන සැදී පැහැදී සිටියා.
ආණ්ඩුවේ මේ ක්‍රියාපටිපාටිය සාමාන්‍ය ජනතාවගේ ඉවට තේරෙමින් තියෙනවා.
මාස හයකට පසු පළාත්පාලන ආයතන ඡන්දයේදී මාලිමාවේ සේදී යාම ඡන්ද ලක්ෂ 23ක්…!
එනම් මහාමැතිවරණයේ දී මාලිමාවට ඡන්දය දුන් අය දිනකට 12,750 බැගින් තමා ඡන්දය දුන් ආණ්ඩුව හැරයනවා…!!!
එක්කෝ හැර නොගිය ද යළිත් මාලිමාවට ඡන්දය දීමට ගොස් නැහැ.
මාලිමාව ඒ නොලැබුණ ඡන්ද ලක්ෂ 23 ගැන දෙකොණින් සිනායන හේතු කියමින් තමාට “දී ඇති රූකඩ වැඩපිළිවෙළම” කරගෙන යනවා…!
කිසිවක් අහේතුකව සිදුවන්නේ නැහැ.
සෑමදෙයක්ම සිදුවන්නේ සහේතුකව, එනම් හේතු ඇතිව.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාලන අධිකාරය මේ පියාඹන්නේ මාලිමාණ්ඩුවේ අගමැති සහ අධ්‍යාපන ඇමතිනිය හරිනීගේ පියාපත්වලින්…!
23 Viewers





