ඔහුගේ අසහාය වීරත්වය

සිව්වෙනි ඊලාම් යුද්ධය අරඹමින් ත්‍රස්තවාදීන් වසා දැමූ මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සටනේදි පලමු විශේෂ බලකා ඇල්ෆා කන්ඩායම මෙහෙය වූයේ ඔහු විසිනි.

සටන අතරතුර කාලතුවක්කු ප්‍රහාරයකින් තමන්ට තුවාල සිදුවුවත් ඒ බව ඉහල නිලධාරීන්ට නොදන්වා ඔහු ජයග්‍රහණය තෙක් සටන මෙහය විය. විදහා පෑ විශිෂ්ඨත්වය වෙනුවෙන් ඔහු ජීවත්ව සිටියදී ලද හැකි ඉහලම සංග්‍රාමික සම්මානය වන වීර වික්‍රම විභූෂනයෙන් පිදුම් ලැබීය.

හමුදාව සාම්පූර් මුදාගැනීමේ ක්‍රියාන්විතය ඇරඹීමෙන් පසු පලවෙනි විශේෂ බලකා ඇල්ෆා කන්ඩායමට අණදෙමින් අවධානම් විවෘත ජල තීරය තරණය කොට සාම්පූර් වෙත කඩා වදින ලදී. සටනේදී විදහා පෑ වීරත්වය වෙනුවෙන් ඔහු දෙවෙනි වතාවටත් වීර වික්‍රම විභූෂනයෙන් පිදුම් ලැබීය.

හමුදා ක්‍රියාන්විතය පසුව වාකරේ දෙසට හැරවිය.එහිදීත් ඔහු 1වන විශේෂ බලකා ඇල්ෆා කන්ඩායමට අණදුනි. අති දුෂ්කර මදුරන්කේනි කුලම තරණය කර වාකරේ වෙත කඩාවැදී ත්‍රස්තයන් 150කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට ඔහුගේ කණ්ඩායමට හැකිවිය. සටනේදී පෙන්වූ වීරත්වය වෙනුවෙන් ඔහු තෙවෙනි වතාවටත් වීරවික්‍රම විභූෂනයෙන් පිදුම් ලැබීය.

යුද්ධයේ අවසන් අදියරේ අම්පලාවන් පොක්කනෙයි කොටි පස් බැම්ම තරනය කර ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් කොටසක් ඔහුට පැවරී තිබුණි.

අප්‍රේල් 19 වෙනිදා රාතී අඳුරට මුවාවූ විශේෂ බලකා සෙබලු සතුරු බංකර් පෙලට කඩා වදින ලදී. පසුව ඒ හරහා අති වූ කපොල්ලෙන් ලක්ශ සංඛ්‍යාත සිවිල් වැසියො වැල නොකැඩී රජයේ පාලන ප්‍රදේශ වලට පැමිණියේය. හරියට මාවිල් ආරු සොරොව්ව ඇරියම වතුර ගැලුවා සේ විය.

ත්‍රස්තවාදීන් පලා යන සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත් අතර, සිවිල් වැසියන්ගෙ ජීවිත අණතුරට ලක්වත්දි තමන් තවදුරටත් ආරක්ශිතව රැඳී සිටීම පලක් නොවන බව වටහාගත් ඔහු ත්‍රස්තවාදීන් දෙසට තම කණ්ඩයම මෙහෙයවන්නෙ සුදු කොඩි ලෙලවීම හරහා සිවිල් වැසියන්ට පලා යායුතු මාර්ගයද පෙන්වා දෙමිනි.

උදෑසන හිරු එලිය වැටෙත්ම ඔවුන් තව තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට නිරාවරණය වූහ. ලක්ශයකට අධික සිවිල් වැසියන් ත්‍රස්ත ග්‍රහණයෙන් මිදීමේදී ඔහු ත්‍රස්ත ඉලක්ක වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකින් ජීවිතයෙන් සමුගන්නා ලදී.

ඔහු පලවන විශේෂ බලකායේ කපිතාන් අජිත් ගමගේ නම් විය.දිවි පරදුවට තබමින් ප්‍රදර්ශනයකල වීරත්වය වෙනුවෙන් ඔහු පරම වීර විභූෂනයෙන්ද පිදුම් ලැබීය.?☠️???❤️

ඔබගේ ඒ වීරත්වය කිසිදා නොමියෙනු ඇත. ??



16 Viewers