• Home »
  • Articles »
  • නිද්‍රාශීලි සිංහල බෞද්ධයෝ

නිද්‍රාශීලි සිංහල බෞද්ධයෝ

මේ තමයි ඒ ඒ ආගම් වල වේවා, ජනවර්ග වල වේවා, තියෙන එකමුතුකම…

පොලිස් අණ නොතතා ධාවනය කියන්නෙ , පොලීසියට වෙඩි තියන්න උනත් අයිතියක් තියෙන වරදක්…
ඒකට මොන තරාතිරමද, හාමුදුරු කෙනෙක්ද, පියතුමෙක්ද කියන එක අදාළ නෑ…

ඒකට කාටවත් කයි කතන්දර කියන්න බෑ…

ඒ නිසා හැමෝටම එකයි කියන එක, හැමෝටමට එකමද කියන එක, ප්‍රශ්ණයක් වෙනවා මේ වගේ සිදුවීම් වලින් ??

මේ සිදුවීම වගේම, මේ අවුරුද්ද පුරාවටම මේ ආණ්ඩුවේ පාලන කාලයේදී සිදුවුන සිදුවීම් වලිනුත් ඇති පදමට හිතාගන්න පුළුවන්, ඒ දේ , හැමෝටම එක වගේ නෑ කියන එක…

ඒ නීති කතාවත් පැත්තකින් තියමු..

මට පාදිලිතුමන්ලා ගැන ප්‍රශ්නයක් නෑ..

හැබැයි ඒ ප්‍රශ්නෙදි පාදලි තුමන්ලා සියල්ලම වගේ එකට එකතුවීම,
සමස්ථ කතෝලික ජනතාව එකට එකතුවීම, කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම අවස්ථාවෙ ඒ පැත්තේ හිට ගැනීම,

තුළින් ඒ තියෙන එකමුතුව,

මහ ජාතිය වුන බෞ ද්ධයො හොඳට හිතට ගන්න ඕනෙ…

මේ වගේම තමයි මු ස්ලිම්, දෙම ළ  ජනවර්ග ගෑවෙන ගැටළු වලදිත් ඔවුන්ගෙ තියෙන එකමුතුව.

තමන්ගෙ වැඩේ කරගෙන ,පිරිකර ටික අතගහගෙන ඉන්න, මේවා දැක්කේ නෑ වගේ ඉන්න බහුතරයක් ස්වාමීන් වහන්සේලා වගේම, ජාතියක් ජන්මයක් ගැන කැක්කුමක් නැති, පන්සල් ටික විතරක් හද හද ඉන්න සමහර ස්වාමීන් වහන්සේලාත්,
තමන්ගේ ජාතියටම ආගමටම බැන බැන ඉන්න කොන්දක් නැති ගිහියොත්, දේශපාලකයොත් ලැජ්ජ වෙන්න ඕනෙ.. උන්ට තමන්ගෙ රට ජාතිය ආගම ගැන හැඟීමක් නැති එක ගැන වගේම එකතු වෙලා ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි එක ගැන.

එකමුතුව නැත්නම් මේ රටට මේ ජාතියට කවදාවත් ගොඩ ඒමක් ඇත්තෙම නෑ..
අපේ ජාතියේ ඇතුළෙ නැත්තෙම ඒ එකමුතුව..

මේ සිඳුවීම් විතරක් නෙමෙයි, ඕනෑම ප්‍රශ්ණයකදි, ජාතිකවාදීන්ට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කරන්නෙ, අන්තවාදීන්ට, කල්ලතෝනීන්ට වඩා, කොඳු සිඳගත්තු
සිං හල බෞ ද්ධයම බව අමතක කරන්නෙපා…



4 Viewers