යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කිසිදු සාධාරණ පදනමක් නොමැතිව කිලිනොච්චිය වෙත ගෙන යෑමේ කුමන්ත්‍රණය

ගෞරවණීය ස්වාමීන් වහන්ස
ගෞරවණීය පූජකතුමනි
ශ්‍රී ලංකාවාසි දේශප්‍රේමි පුරවැසියනි,
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කිසිදු සාධාරණ පදනමක් නොමැතිව කිලිනොච්චිය වෙත ගෙන යෑමේ කුමන්ත්‍රණයක් පවතින බවට පැතිරයන රාවය සම්බන්ධව ඔබ වහන්සේලාගේ/ඔබතුමන්ලාගේ අවධානය යොමු කරනු කැමැත්තේමි.
නැවතත් රට තුල බෙදුම්වාදී මතවාදය ශක්තිමත් වෙමින් පවතින මෙවන් අවස්ථාවක අපගේ මාතෘ භූමියට හතුරු බෙදුම්වාදී බලවේගවල උවමනාව මත රහස් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට බරපතල සැකයක් මා තුල පවතී.
එහි එක් පියවරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චිය දක්වා රැගෙන යන බවට සමාජ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආරක්ෂක හමුදා මූලස්ථානය (යාපනය) වෙනත් ස්ථානයකට ගෙන යාමේ ඕනෑම යෝජනාවක් සළකා බැලීය යුත්තේ,ජාතික ආරක්ෂාව,සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය සහ භෞමික අඛණ්ඩතාව ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පැහැදිලිව පෙන්නුම් කරන විනිවිද පෙනෙන,මූලධාර්මික පදනමක් මතවූ ආරක්ෂක තක්සේරුවක් හරහා පමණි.
එවැනි යුක්ති සහගත ක්‍රියාමාර්ගක් නොමැතිව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය වෙනත් තැනක ස්ථානගත කිරීමට ගන්නාවූ ඕනෑම උත්සාහයක් ” ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික ස්ථාවරත්වයේ ” ප්‍රමුඛ අවශ්‍යතාවය මත දැඩිව පරාජය කළ යුතුයි.
එමනිසා මේ සම්බන්ධව පාලකයන්ගෙන් ප්‍රශ්නකර එවන් උත්සාහයක් ඇත්නම් එම නිවට උත්සාහය පරාජය කිරීමට මැදිහත්වන ලෙස ඔබ වහන්සේලාගෙන්/ඔබතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ප්‍රියන්ජිත් විතාරණ
(රටේ රාළ)
6 Viewers





