එකමුතුව
මට සිංහල බෞද්ධයෙක් ලෙස සහෝදර කතෝලික ජනතාව ගැන පුදුම ආඩම්බරයක් හිතෙන්නේ. කාදිනල් උන්නාන්සේ ප්‍රමුඛ කරගත් කතෝලික ජනතාව තමන්ගේ ආගම දහම වෙනුවෙන් සහ තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් ඇති අනුලන්ගනීය බැඳීම තෙජාන්විතයි, අපූරුයි, අනර්ඝයි. පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියැදුණු අහිංසක කතෝලික, ක්‍රිස්තියානි මිනිස්සු වෙනුවෙන් කොන්දේසි විරහිත පෙනී සිටින කතෝලික පූජකවරුන්ට, පක්ෂ පාට භේදයකින් තොරව කතෝලික මන්ත්‍රීවරුන්ට සහ කතෝලික ජනතාවට අපේ උත්තමාචාරය හිමි වෙන්න ඕන. කතෝලික පූජකතුමෙක්ට පොලිස් නිලධාරීන් පහර දීමට එරෙහිව සමස්ථ ප්‍රජාවම එක්රොක් වී හඬ නැගීම තුල ඇති වූ සමාජ විරෝධය එම පියතුමන්ට සාධාරණයක් කරන්නට හේතු වුනා. අන්න මිනිස්සු! ඒකට අපේ සිංහල බෞද්ධ හැත්ත…
දමිළ නිජභූමිය කියන අමූලික මිත්‍යාව මිත්‍යාවක් නොව සැබෑවක් කරන්නට උතුරේ හින්දු පූජකයින් තමන්ගේ ද්‍රවිඩ ජනතාව සමඟ එක්ව පුරාණ බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යා ස්මාරක සහිත ඉඩම් වල එක රැයෙන් කෝවිල් අටවන අකාරය, පුරාවිධ්‍යා සාධක, දැන්වීම් මුලින් ගලවා කුදලාගෙන යාම සහ සිංහල එකෙක්ට ඉඩමක් කඩමක් හදාගෙන පැත්ත පළාතකට එන්න නොදීමෙන් සමස්ථ ප්‍රජාවක් ලෙස අභිමානයෙන් කැපවීමෙන් තම නිජබිම් සංකල්පය වෙනුවෙන්ම දිවි පරදුවට තබා කැපවීම ගැන සිංහල බෞද්ධ මම බලා ඉන්නේ ඔවුන්ගේ ජාතිමාමකත්වය පිළිබඳව ගෞරවයකින්. ද්‍රවිඩ දේශපාලකයින් ද්‍රාවිඩ සංකල්ප වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල කරන හැම කතාවකම කරුණු සහිතව ඉදිරිපත් කිරීම තුල එක අරමුණක් වෙනුවෙන් සමස්ත ද්‍රවිඩ ජනතාවම පෙළගැස්වීම අපූරුයි. LTTEය අභිමුඛ වූ මෙතරම් දැවැන්ත යුධමය පරාජයකින් පසුවද ඒ මිනිස්සු තම අරමුණ වෙනුවෙන් කැපවීම ඔවුන්ගේ නොපසුබස්නා වීර්යය පෙන්නුම් කරන සාධකයක්. පිටරට පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලංකික දමිළ ජාතිකයින් අදටත් වැඩ කරන්නේ කැපවෙන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන්, නිජභූමි සංකල්පය වෙනුවෙන්. ඒකට අපේ සිංහල බෞද්ධ හැත්ත…
සිංහල බෞද්ධ මම මුස්ලිම් සහෝදරත්වයේ බලය, එකමුතුබව සහ ඒ මිනිස්සු තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරන කැපවීම දිහා බලන් ඉන්නේ පුදුම ගෞරවයකින්. තමන් ඇතිකරන ආයතන වල තමන්ගේ සහෝදර මුස්ලිම් තරුණ තරුණියන්ට මුලින්ම රැකියා අවස්තා ලබාදෙන ඒ මිනිස්සු තමන්ගේ කඩේකට ව්‍යාපාරික ස්ථානයකට එන පාරිභෝගිකයාට සලකන අපූරුව හරි පුදුමයි. මුස්ලිම් තරුණයන්ගේ තමන්ගේ ජාතියට ආගමට ඇති ඇල්ම ආදරය ගෞරවය විශිෂ්ඨයි. අතිමහත් බහුතරයක් මත්පැන් මත්ද්‍රව්‍ය අහලකටවත් ගන්නේ නැහැ. තමන්ගේ වර්ගය වැඩි වැඩියෙන් බෝ කරමින් තමන්ගේ වර්ගයාට උපරිම අවස්තාවන් ලබා දීමට ඔවුන් ඉතසිතින් කැපවෙලා. ඔවුන්ට JEN X ද Y ද Z ද Alpha ද අදාළ නැහැ. වසර සිය ගනනක් තිස්සේ ඔවුන් ඔවුන්ගේ සංස්කෘතිකමය ආගමික ජාතිකමය අනන්‍යතාවය අපූරුවට රැකගෙන තියෙනවා. මුස්ලිම් මනුස්සයා කියන්නේ පුදුම ජාතික හැඟීමක් ඇති තමන්ගේ ආගමික ශාස්තෘවරයා වෙනුවෙන් දිවි දෙන්නට සූදානම් ගෞරවනීය ජාතියක පුරුකක්. ඒකට අපේ සිංහල බෞද්ධ හැත්ත…
ද්‍රවිඩ සහෝදරයා, මුස්ලිම් සහෝදරයා, කතෝලික සහෝදරයා, ක්‍රිස්තියානි සහෝදරයා තමන්ගේ උරුමය වෙනුවෙන්, ප්‍රජාව වෙනුවෙන්, සංස්කෘතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, එකිනෙකා වෙනුවෙන් ඇති ඇල්මට, ගැම්මට, භක්තියට ගෞරවයට මම හිස නමා අචාර කරමි.
ඉරංග මෙන්ඩිස්
5 Viewers





