• Home »
  • News »
  • උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනු

උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනු

මේක අපේ භුමිය – ඒක අපිට දියව්
නිදහස් දා උතුරට ශෝක දිනයක්
78වන නිදහස් දින උතුරු නැගෙනහිර විරෝධතා කරුවන්ගේ හැසිරීම තරයේ හෙලාදකිමි.බෙදුම්වාදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි හිටපු අපේ රට දෙකඩ කරන්න කැසකවපු,… *මන්නාරම රදගුරු රායප්පු ජෝෂප්ට “කොටියා” කියලා කෙලින් කියන්න පුළුවන් වුන කතෝලික සභාවේ එකම පියතුමා….. “ගරු අර්නස්ට් පොරුතොට පියතුමන්ට” පමණයි.

උතුරු නැගෙනහිර දෙමළ පාදිලිවරුන් මේ රට දෙකඩ කිරිමට සෘජුවම කොටි ත්‍රස්තවාදීන්ට උදව් කලා, තිස්වසරක් පුරාවට යුද්ධය ඇදගෙන යාමට බෙදුම්වාදීන්ට ඔවුනුත් ලොකු ශක්තියක් වුණා.

වර්තමානය වනවිට බොහොමයක් දෙමළ ජනතාව බෙදුම්වාදය අතහැර එකීය ශ්‍රී ලංකාවක් තුල සමාන අයිතිවාසිකම් භුක්ති විඳිමින් ජිවත්වෙයි.

නමුත් යුද්ධය අවසන්වි වසර 17ට ආසන්න වුනත් තවමත් උතුරු නැගෙනහිර කිතුනු පාදිලිවරුන් ප්‍රමුඛ සුළු පිරිසක් අපේ රට දෙකඩ කිරීමට අරඅඳිමින් සිටි. ඔහුන්ගේ දුෂ්ට හැසිරීම රටේ ඉදිරි අනාගතයට කෙසේ බලපෑම් කරයිද?

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් නිසා තිස් වසරක් පුරාවට ශ්‍රී ලංකාව ලේ විලක්ව තිබු බව ඔවුනට අමතකවී ඇති නිසාදෝ….නැවතත් රටේ අනාගතයට ගිනි තැබිමට නියැලෙන්නේ.

කතෝලික බැතිමතුන් නියොජනය කරන,රටේ හැමදෙයක් ගැනම අවදියෙන් ඉන්න, රටේ ජනාධිපතිවරයාට පවා කතා කරලා නීතිය නමන්න පුළුවන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා,…. මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් උතුරු නැගෙනහිර බෙදුම්වාදී පාදිලිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කරන්නේ මන්ද?

බෙදුම්වාදී ත්‍රස්තවාදීන්  අතර කතෝලික දෙමළ ජනයා සිටියද, එය ආගමික අරමුණක් සහිත (කතෝලික බෙදුම්වාදී) ව්‍යාපාරයක් නොවිමට ප්‍රධාන වශයෙන් බලපෑවේ සිංහල කතෝලිකයන් නිසා බව සැගවියතු රහසක් නොවේ.

කතෝලික සහොදර ජනතාවගේ සිත් තැවුලක් ඇති වුවානම් නම් මා කණගාටුව ප්‍රකාශ කරනවා. නමුත් උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී කතෝලික සභාව සිමාව ඉක්මවා බොහෝදුර ගොස් ඇත. නැවත අපිට යුද්ධයක් එපා. එහි ඇති වෙදනාව කුරිරු බව අපි දනිමු. උතුරු නැගෙනහිර පාදිලිවරුන් ගේ අශිෂ්ඨ ක්‍රියාවන් ප්‍රශ්න කරන ලෙස “මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ට” ගෞරවයෙන් ඉල්ලා සිටිමි.



9 Viewers