කපන්න බැරි අත ඉඹින සුනිල් සෙනවි.
අද (20)පැවැත්වීමට නියමිත විශේෂ සංඝ සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආගමික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනෙවි, සඟ සමුළුවේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසීමට අවසර ඉල්ලා ඇත.
පුවතක්.
රටේ රාළගේ සටහන.
එක ඇමති කෙනෙක් වනචාරියා කියලා භික්ෂුන් වහන්සේලාට අපහාස කරනවා.
මාලිමා බලවේග දාලා කහකඩයින් කියලා අපහාස කරනවා.
තොපි 30000ක්ගේ සිවුරු අරවනවා කියලා ගෝලයෝ දාලා බනිනවා.
“කස්සප කියන කෙනා” කියලා භික්ෂුන් වහන්සේ නමකට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ප්‍රසිද්ධියේ අපහාස කරනවා.
ත්‍රිකුණාමල සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ බුදු පිලිමයක් තැන්පත් කළ බෞද්ධ හීක්ෂුන් වහන්සේලාට සහ ඊට සම්බන්ධ වූ ගිහි පිරිසට නීතියේ සීමාවන් අවභාවිතා කරමින් විවිධ වධයන්ට ලක් කරනවා.
බුදු පිලිම,බෝ ගස්,වෙහර විහාර දුටු තැන ලාපුතෙල් ගහපු ගැරඩි වගේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇඹරෙනවා.
උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන බෙදුම්වාදයේ උවමනාවට විනාශ කර දමනවා.
රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ඕනි කරන සියලු අසංස්කෘතීන් ආදේශයන් කරනවා.
ඊට එරෙහිව බෞද්ධ බලවේග නැගිටිනකොට
ඒකත් කඩාකප්පල් කරන්න සාම දූත වේශයෙන් සුනිල් සෙනවිලා දුවගෙන එනවා.
කට්ටියක් බනිනවා,තව කට්ටියක් ගහනවා.තව කට්ටියක් තවනවා.
මේ සියල්ල කරමින් එයාලා කරන්න හදන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය වල පල්ලට යැවීමයි.
බෙදුම්වාදයේ න්‍යාය පත්‍රය ඒකයි.
29 Viewers





