“දෙමළ” අවුරුද්ද සහ කොන්ද පණ නැති සිංහල
මෙවර අවුරුද්දට පෙර මා “අවුරුදු සමරන දෙමළ පවුලක විඩියෝවක් දමන්න” යයි මාගේ මුහුණු පොතේ පිටුවෙහි පණිවිඩයක් පළ කළෙමි.
මා එසේ කළේ අවුරුද්ද “සිංහල-හින්දු” අලුත් අවුරුද්දක් ලෙස කුඩා කල සිට රටේ ජනමාධ්‍ය විසින් මාගේ ඔළුවට දමා තිබූ දේ කුණු ගොඩක් බව තේරුණු බැවිණි. අවුල අවුලක් ලෙස තේරුම් ගැනීමට නොහැකි කම නිසා අවුලට අභියෝග කිරීමට නිර්භීත කමක් නැති, “status quo” එකටම වන්දනාමාන කරමින් සිටින ගතානුගතික මතවාදීන් කීපදෙනෙක් මා “ජාතිවාදී” යයිද, “මෝඩයෙක්” යයිද පහර දෙමින් ස්වයං වින්දනයේ යෙදිණ.
ලංකාවේ කොළඹ ඇතුලු උතුරට සාපේක්ෂව දකුණේ සිංහලයන් බොහොමයකට දෙමල-හින්දු මිතුරන් නැත. මට නම් සිටී. ඒ මා පිටරට පැමිණීමෙන් පසුවය. අවුරුද්ද “සිංහල – හින්දු” හෝ “සිංහල – දෙමළ” වූයේ කෙසේද ‘යි මා ප්‍රශ්ණ කරන්නට ගත්තේ මාගේ දෙමළ මිතුරන් සමරන අවුරුද්දක් නැති බව තේරුම් ගිය බැවිනි.
නලින් ද සිල්වා මහාචාර්ය තුමා විසින් අදාල මාතෘකාව පිළිබඳව ලියන ලද මෙම ලිපිය මා දුටුවේ අද දිනය. පෙනන විදියට එතුමා වසර ගණනාවකට පෙර අවුරුද්දේ දෙමළ බවට අභියෝග කර ඇත.
කාලාම සූත්‍රයේදි බුදුන් දෙසුවේ “චිරාත් කාලයක් තුල පැවතගෙන එන බැවින්” යමක් හරි ලෙස පිළිනොගන්නා ලෙසය. ලංකාවේ උගතුන්ට නැත්තේද කාලාම සූත්‍රයේ උගන්වන දැක්මය. එවන් විචාරශීලී බුද්ධියක් ඇති ජාතියක් නම් අනුන් විසින් උසි ගන්වන අරගල පස්සේ දුවන්නේ නැත.
අවුරුද්ද සිංහලය. එහි ඇති දෙමළ බවක් නැත. වහාම නිවැරදි කළ යුතුය. අවුරුද්ද “සිංහල – හින්දු” ලෙස හංවඩු ගසන්නන්ට නම් සීනි දමා වෙඩි තැබිය යුතුය. සිංහල සහ දෙමළ ගැලපුනත් සිංහල සහ හින්දු නොගැලපෙන බැවිනි. සිංහල භාෂාවක් සහ ජාතියක් වන අතර හින්දු ආගමකි. අවුරුද්ද වෙසක්ද නොවේ. එබැවින් සිංහල කතෝලිකයන්ටද අවුරුද්ද සැමරිය හැකි විය යුතුය.
බොහෝ සිංහලයනට තමුන් සමරන අවුරුද්දට “සිංහල අලුත් අවුරුද්ද” යයි කීමට කොන්ද පණ නැත.
7 Viewers





