• Home »
  • News »
  • නවක්කුලිය පන්සලේ හාමුදුරුවන්…

නවක්කුලිය පන්සලේ හාමුදුරුවන්…

මීට සති කිහිපයකට පෙර අපිට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුනේ නවක්කුලිය පන්සලේ හාමුදුරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි..!

කණගාටුදායක කරුණ වන්නේ ඒ පණිවිඩය ලැබෙන විටත් නවත්කුලිය පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් බන්ධනාගාර ගත කර දින කිහිපයක් ඉක්මවා ගොස් තිබීමය.

ප්‍රමාද වී හෝ මේ පණිවිඩය ලැබුණත් එක්කම ඔලුව ගිනි ගත්ත අපි දස අතේ තොරතුරු සොයන්නට විය.

කාන්තාවක සම්බන්ධ සිදුවීමකට ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගෙන ඇති බව උතුරු නැගෙනහිර ද්‍රවිඩ මාධ්‍ය ඉතා කුමන්ත්‍රණකාරීව මෙම තොරතුර වාර්තාකර ඇත. එය හුදෙක් අන්තවාදී උවමනාවන් සන්තර්පණය කිරීමක් ලෙස අපට සඳහන් කළ හැක.

අනතුරුව අපි මෙම සිදුවීම පිළිබඳව නාවක්කුලිය විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් කරුණු විමසූ විට උන්වහන්සේ අපට පැවසුවේ

දින කිහිපයකට කලින් නාවත්කුලිය ගම්මානයට අලුතින් දමිළ පවුලක් කුලියට පැමිණි බවත්
එම දමිළ පවුලේ දියණිය ඉතා අශෝභන ලෙස විහාරස්ථානයට පැමිණ සිටි අවස්ථාවක
විහාරස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේ නමක් අශෝභන ලෙස විහාරයට නොපැමිණෙන ලෙස සිදුකළ අවවාදයක් මෙම පවුල විසින් කුමන්ත්‍රණකාරීව පොලිස් පොතේ පැමිණිල්ලක් බවට පරිවර්තනය කර ඇති බවයි.

මෙම සිදුවීම මෙපමණ දුරදිග යාවී යැයි උන්වහන්සේ සිහිනෙකින් හෝ නොසිතූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් අපට සඳහන් කළේය.

කෙසේ වෙතත් අන්තවාදින්ගේ මැදිහත්වීම මත මෙම අසත්‍ය සිදුවීම තුළ උතුරු නැගෙනහිර භික්‍ෂූන් වහන්සේලා කුමන්ත්‍රණකාරීව පලවා හැරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දක්වා වර්ධනය කිරීමේ ප්‍රවණතාවයක් අපට දර්ශනය විය.

මෙම කරුණු දැනගැනීමෙන් පසු සිංහල බෞද්ධයන් උතුරු නැගෙනහිර මුහුණ දෙන කටුක යථාර්ථය පිළිබඳව අප සිත් වල හටගත්තේ දැඩි කනගාටුවකි.

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම උදෙසා තමන්ගේ ජීවිතය කැප කරමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපි සිංහල සංවිධාන එකමුතුව ලෙස මැදිහත්වීම සිදු කළ යුතු බව අප සංවිධානය තීරණය කළ අතර ඒ මොහොතේ සිට විවිධ පාර්ශ්වයන්හට දුරකථනය ඔස්සේ සම්බන්ධීකරණය සිදුකරමින් මෙම සිදුවීමට මුහුණ දුන් ස්වාමීන් වහන්සේ නිදහස් කර ගැනීමේ මෙහෙයුම අප විසින් ආරම්භ කරන ලදී.

මේ සඳහා දුලාර ගුණතිලක සහෝදරයා පුද්ගලිකවම මැදිහත් වෙමින් විවිධ පාර්ශවයන් වෙත දුරකථනය ඔස්සේ ආමන්ත්‍රණය කරමින් සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර විහාරාධිපති ස්වාමීන් වහන්සේ නිරතුරුවම අප හා සම්බන්ධ වෙමින් සිරගතව සිටි ස්වාමීන් වහන්සේට නිදහස ලබා ගැනීමේ සටනට සුවිශාල දායකත්වයක් ලබා දුන් බවද කෘතඥපූර්වකව  සඳහන් කරනු කැමැත්තෙමි.

අප ලෙසම තවත් ජාතික කඳවුරේ සංවිධාන රැසක් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම කටයුත්තට දායකත්වය ලබා දුන් බව නොපැකිළිව අප නැවත නැවතත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

සත්‍ය වශයෙන්ම මෙම සිදුවීමට මුහුණ පෑ ස්වාමීන් වහන්සේ පිළිබඳව අපට 1000%ක විශ්වාසයෙන් යුතුව කරුණු කාරණා සඳහන් කළ හැක.
උන්වහන්සේ කිසි ලෙසකින්වත් මෙවැනි කටයුත්තක් නොකරන බවට අපට ලක්ෂවාරයක් විශ්වාසයි. මීට පෙර අවස්ථා කිහිපයකදී උන්වහන්සේ සමග අප කටයුතු කර ඇති නිසාවෙන් මෙම කරුණ අපට අප්‍රමාණ විශ්වාසයකින් යුතුව සඳහන් කළ හැක.

කරුණු සොයාගෙන යාමේදී මෙම සමස්ත සිදුවීම පිටුපස මේ ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බෞද්ධ විරෝධී අන්තවාදී ඩයස්පෝරා හස්තයන් ක්‍රියාත්මක බවත් ඉහත කී පවුල කොළඹ සිට මෙම ප්‍රදේශයට කුලියට පැමිණ ඇත්තේ ඉහත කොන්ත්‍රාත්තුව සඳහාම බවටත් අප හට කරුණු අනාවරණය විය.

පොලිසිය විසින් උත්තරීතර අධිකරණයට සිදු කරන අසත්‍ය කරුණු දැක්වීම හමුවේ ස්වාමීන් වහන්සේට මඩ අපවාද මැද දින කිහිපයක් බන්ධනාගාර ගතවීමට සිදුවිය.

මෙම අන්තවාදීන්ගේ මූලික අරමුණ බවට පත්ව ඇත්තේ අන් කිසිවක් නොව මෙම සිංහල ගම්මානය සහ විහාරස්ථානය මෙතනින් ඉවත් කිරීමට පොටක් පාදා ගැනීමය. මෙම සිදුවීම සිදු වූ දින විහාරස්ථානයට කඩා පැන විහාරස්ථානයට අලාභ හානි කිරීමටද අන්තවාදීන් සැලසුම් කර තිබූ බව අපට වාර්තා විය. කෙසේ වෙතත් ගම්මානයේ සිටින සිංහල ප්‍රජාවගේ මැදිහත්වීමෙන් එම කුමන්ත්‍රණය අකුලා ගැනීමට අන්තවාදීන්ට සිදු වී ඇත.

විහාරස්ථානයට දැඩි ශක්තියක් වෙමින් කාර්යශූරව වැඩ කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් මෙලෙස අසත්‍ය චෝදනා මත සිරගත කිරීම දැඩි අවාසනාවන්ත සිදුවීමකි.
එලෙසම සිරගත කෙරුණු පසු බන්ධනාගාරය තුළදී උන්වහන්සේට දැඩි පීඩා එල්ල කරන බවටද අපට තොරතුරු වාර්තා විය.

මේ සියලු කරුණු ස්වාමීන් වහන්සේ විසින් අප වෙත දැනුම් දීමෙන් පසු සිංහල සංවිධාන එකමුතුව මෙන්ම තවත් ජාතික සංවිධාන රැසක් ඇතුළු පාර්ශ්ව ගණනාවක් මෙම ස්වාමීන් වහන්සේට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලදී.

මේ අතරම තවත් කුමන්ත්‍රණකාරීන් කණ්ඩායමක් අසත්‍ය පතුරවමින් ස්වාමීන් වහන්සේව තවදුරටත් බන්ධනාගාරය තුළ රඳවා තැබීමට කටයුතු කළ අතර අප සියලු දෙනාගේ මැදිහත්වීම සහ ප්‍රතිපිළිතුරු ලබාදීම තුළ එම කුමන්ත්‍රණ සියල්ල පරාජය කර කුමන්ත්‍රණකරුවන්ගේ නිරුවත සමාජගත කිරීමට අප සමත් විය.

සිංහල සංවිධාන එකමුතුව ඇතුළු පාර්ශ්ව ගණනාවක් නීතීඥවරුන් සම්බන්ධ කර ගනිමින් මෙන්ම ඒ අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිදු කරන ලද මැදිහත්වීම තුළ සිරගතව සිටි ස්වාමීන් වහන්සේට නිදහස ලබා ගැනීමට හැකිවිය.

එහිදී ප්‍රතිවාදී පාර්ශ්වයන් විසින් ස්වාමීන් වහන්සේ වහාම විහාරස්ථානයෙන් පිටතට වැඩමවිය යුතු බවට වන ඇප කොන්දේසියක් පැනවූ නිසාවෙන් මේ මොහොත වන විට ස්වාමීන් වහන්සේ විහාරස්ථානයෙන් එපිට වැඩ සිටින නමුදු උත්තරීතර අධිකරණයේ විභාග වන නඩු කටයුත්ත අවසානයේ උන්වහන්සේගේ නිර්දෝෂී භාවය උත්තරීතර නීතිය ඉදිරියේ ඔප්පු කර සියලු ගෞරව මැද නැවත පෙරහරකින් උන්වහන්සේව විහාරස්ථානයට වැඩමවීමට අප බලාපොරොත්තු වන බවද සඳහන් කිරීමට කැමැත්තෙමු.

මෙහිදී සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහෝදරයා , පූජ්‍ය බළන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු පාර්ශව ගණනාවක් ඒ මොහොතේ නඩුකරය කැඳවන අධිකරණයට පැමිණ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මැදිහත් වීම සිදු කළ අතර නීතිඥවරුන් රැසක්ද ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වීම සිදුකළ බව සඳහන් කළ යුතුය.

මේ සඳහා නීතිඥවරුන් සම්බන්ධ කිරීමේදී බෞද්ධ මහා සම්මේලනය විසින්ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බව විශේෂයෙන් මතක් කළ යුතු අතර නීතිඥවරුන් සම්බන්ධීකරණය කිරීමේදී දායකත්වය ලබා දුන් සියලුම ජාතික කඳවුරේ සංවිධාන හා පාර්ශ්වවලට අප අපේ ස්තූතිය පුදකරන්නෙමු.

එදත් අදත් කවදත් උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා සිංහල සංවිධාන එකමුතුව කැපවීමෙන් කටයුතු කරන අතර ඉදිරියටත් එම කර්තව්‍යය අනිකුත් ජාතික කඳවුරේ සංවිධාන හා ඒකාබද්ධව සිදුකිරීමට අපි සූදානම් බවත් මුහුණ දීමට ඇති ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙමින් කුමන්ත්‍රණ පරාජය කිරීමට අපි සූදානම් බවත් අවසානයට සඳහන් කරනු කැමැත්තෙමු.



7 Viewers