මල්වාන නාටකය ගැන කරුණු දෙකක්.

1) විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කිව්වම ලෝකයේ මැවෙන ආකෘතියක් තියෙනවා.
ඇවරේජ් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා එයාපොඩ්ස් කනේ ගහන්, මැක් බුක් එක දිගා කරන්, ස්නීකර්ස් දාලා, කොෆි ශොප් වලයි, ලයිබ්‍රි එකෙයි ඉන්න ශිෂ්‍යයො.
ඔවුන් ප්‍රියමනාපයි. ඔවුන්ගේ විෂයේ උගත්.
ඊලගට කොලේජ් වල ඉන්නවා පාර්ටි ඇනිමල්ස් ලා, නර්ඩ්ස් ලා, ස්පොර්ට්ස් කරන කට්ටිය සහ ඔය ගොත් කල්චර් එකේ වගේ සුලුතරයක් ඉන්නවා.
ඒ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍යයා.
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයො කියලා කිව්වම ඔබට කවුද මැවෙන්නේ ?
බොහෝ වෙලාවට සහ ඔවුන් පෙන්වන ප්‍රතිරූපය අනුව පිරිමි ළමයෙක් වුනත් ගැහැණු ළමයෙක් වුනත් ඔවුන් අපිලිවෙලයි.
ඇඳුම් පොඩි වෙලා. කොන්ඩේ වැවිලා. රැවුල් කපලා නැහැ.
කාගේහරි අණක් පිළි අරන් ගිනි අව්වේ බෝර්ඩ් උස්සන් ඉන්නවා. කඳුලු ගෑස් කනවා. වතුර කනවා.
නාට්‍ය රඟපානවා.
ලාංකේය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මෙච්චර ගැමි, ගොඩේ ගංකඹර වුණේ කොහොමද කියන එක අපිට පැහැදිලියි.
හැබැයි ඒක මහා ඛේදවාඡකයක්.
ලෝකයේ මේ වයසේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක බලද්දි මොවුන් ඉන්නේ ගල් යුගයේ.
මොවුන්ට ඉංග්‍රීසි බැහැ. අප්ඩේට් නැහැ.
සිරිත් විරිත් දන්නෙ නැහැ, ආචාරශීලි නැහැ. කතා කරන්න, කන්න බොන්න දන්නෙ නැහැ.
මොවුන් පුද්ගලික අංශයට ගන්නේ නැහැ. පුද්ගලික අංශයේ ඉහළම තනතුරු වලට එන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ම නෙවෙයි.
අර ඉහත කී සුදුසුකම් සපුරාගත් උදවිය. (ඒ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය අය ඉන්න පුලුවන්)
මොවුන්ගේ ප්‍රධාන රැකියා ප්‍රභවය රාජ්‍ය අංශය.
පස්සෙ පරිපාලන සේවයේ, සැලසුම් සේවයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයට යන්නේ මේ කට්ටිය.
ඉතින් රටට මේ කල යන එක ගැන ඔබට තවත් සැකයක් තියෙනවද ?
මල්වානේ නාටකය දකිද්දි, මේ පිරිමි ළමයි ගෑණු ළමයි ටෙන්ට් වල ඉදිද්දී, තෙමෙද්දී, පොල් සම්බෝල එක්ක පාන් කද්දී අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ගැන කණගාටුයි.
2) ජනාධිපති අනුර පහුගිය දවසක කිව්වා ‘නීතිය කාටත් සමානයි’ කියලා.
නැහැ. ජවිපෙ කාඩරයන් ඉදිරියේ නීතිය සමාන නැහැ.
දැන් මේ රජයේ ඉඩමක්. රජයේ ගොඩනැගිල්ලක්.
නමුත් මේ ආණ්ඩුවේ පිරිසක් මේ ගොඩනැගිල්ලට අයුතු ඇතුල්වීමක් කරලා ඉන්නවා.
කෝ නීතිය ? නීතියක් නැහැ.
මේ තනිකර මිනිස්සුන්ට රටේ ප්‍රශ්න සහ රණවිරු සැමරුම අමතක කරන්න කරපු පුස් ජෝගියක් විතරයි.
එච්චරයි.!
3 Viewers





