අපූරු ආගමික සංහිඳියාව..

වත්තල පැත්තේ රජයේ පාසැලක විදුහල්පති ධුරයට අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගැසට් කරලා සුදුසුකම් තියෙන විදුහල්පතිනියක් පත් කරනවා..
දැනට වසර නවයකට පෙර සිට එම පාසලේ විදුහල්පති ධුරයේ සිටියේ කන්‍යා සොහොයුරියන් බව කියා එම විදුහල්පතිනියට විරෝධතාවයක් පැන නැගෙනවා…..
මෙම පාසල් නඩත්තු වන්නේ රජයේ බදු මුදලින්.
ගුරුවරුන්ට සම්පූර්ණයෙන්ම වැටුප් ගෙවන්නේ රජයෙන්..
එම විදුහල් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ අනුව ක්‍රියාත්මක වෙනවා..
වසර නවයකට කලින් එම විදුහලේ හිටපු විදුහල්පතිනියන් ගැන මෙතන පැවසෙනවා ඇසෙන්නේ නෑ..
එසේ නම් වසර නවයකට පෙර සිටින්නට ඇත්තේ කන්‍යා සොහොයුරියක් නොවිය යුතුයි..
රජය අධ්‍යාපන අමාත්‍යංශය විසින් ,
නීතිමය තත්ත්වයන් යටතේ ගැසට්කර අයදුම්පත් කැඳවා තනතුර ලබාදීමෙන් පසුව,
එම විදුහල්පතිනියට තතුරෙන් ඉවත්ව යන ලෙස කරන මේ උද්ඝෝෂණයට රජයේ විද්‍ය හා තාක්ෂණ කැබිනට් ඇමතිවරයාද සහභාගී වෙනවා..
එය සදාචාරාත්මක දෙයක්ද..?
රටේ පවතින නීතියට එකඟව කරනු ලැබූ ක්‍රියාවකට එරෙහිව රජයේම කැබිනට් ඇමැතිවරයෙක් උද්ඝෝෂණය කිරීම කවර තත්ත්වයක් දැයි තේරුම් ගන්නට බෑ..
මේක හරි පුදුම තත්වයක්..
රජය විසින්ම ගනු ලැබූ තීරණයකට එරෙහිව කැබිනට් ඇමතිවරයෙක් මිනිස්සු සමග උද්ඝෝෂණය කරනවා..
කැබිනට් ඇමතිවරයෙක්ගේ සාමූහික වගකීම යටතේ එසේ කළ හැකිදැයි යන්නත් ප්‍රශ්නයක්..
ආගමික පාසල් රජයට පවරා ගත් පසුවද,
යම් යම් කටයුතු සඳහා රජයට පවරා ගැනීමට පෙර පාසල් සතු වුණු ආගමික සංස්ථාවන්ට බලය තිබෙන බවක් මෙහිදී ඔහු පවසනවා..
අප ඉගෙන ගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් මිෂනාරී අධ්‍යාපනයෙන් මෙරටට දායාද කළ මේ රටේ ඉතිහාසයේ මිෂනාරි අධ්‍යාපනයේ පැරණිම පාසැලක්..
1962 වසරේ එම පියතුමන්ලා අක්කර තිහකට වැඩි ඉඩමක් සහ ගොඩනැගිලි ද සහිතව ඒවා රජයට පවරා දුන්නා..
එහෙත් ඉන්පසුව කිසිදු විදුහලේ පරිපාලන කටයුතු වලට ඔවුන් බලපෑම් කළ බවක් මා අසා නෑ..
1962 වැලිකල සර්ගේ සිට බෞද්ධ විදුහල්පතිවරු දිගටම හිටියා..
ආගමික සංහිඳියාවට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ..
පසුගියදා එම පල්ලිය භූමිය තුළ ඓතිහාසික වටිනාකමින් යුත් දැවැන්ත සංවර්ධන කර්තව්‍යයක් සිදුකරනු ලැබුවේ සීයට අනූවක් වූ බෞද්ධ ශිෂ්‍ය කණ්ඩායමක මැදිහත්වීමෙන් සහ ක්‍රියාකාරීත්වයෙන්…
ඒ නිසා අපට පැහැදිලිවම කිව හැකියි සංස්කෘතිකමය වශයෙන් එම මිෂනාරි පල්ලිය සමග ඇති බැඳීම්වලට හානියක් සිදුවී නැතිබව…
රිච්මන්ඩ් මහින්ද මහා තරඟයට පෙර,
රිච්මන්ඩ් කඳු මුදුනේ ඇති බෝධිය සහ බුදුරුව ඉදිරියේ මෙන්ම,
කඳු පාමුල ඇති පල්ලියට පැමිණ ආශිර්වාද ලබා ගැනීම රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම ශත වර්ෂයකට අධික කාලයක් තිස්සේ දිගටම කරගෙන විත්,
අදටත් එලෙසම ක්‍රියාත්මක වෙනවා.
එලෙස අපි ආගමික සංහිඳියාව අපූරුවට පාසැල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙද්දී මෙවැනි ඉල්ලීම් තුලින් සිදුවන්නේ එම සංහිඳියාවට හානියක් බව පැහැදිලියි..
ධර්මරාජ ආනන්ද මහින්ද වැනි පාසල්ද
පරම විඥානාර්ථ බෞද්ධ අධ්‍යාපනය යටතේ පවත්වාගෙන ගොස් පසුව රජයට පවරාගත් ඇති පාසැල්..
මේ තර්කය අනුව එම පාසල් වලටද විදුහල්පති ධුරවලට භික්ෂූන් වහන්සේලා පත්කළ යුතු යැයි ඉල්ලීම් කරහොත් ඇතිවන තත්ත්වය කුමක්ද..?
මෙය සංහිඳියාවද..? සංහිඳියාවට එරෙහි ක්‍රියාමාර්ගයක්ද..?
මේ උද්ඝෝෂණයට සහභාගි වෙමින් විදුහල්පතිනියට විරෝධය දක්වන්නේ,
විදුහල්පතිනේ ඉවත්කර කන්‍යා සොහොයුරියක් විදුහල්පති දුරයට පත් කරන ලෙස ඉල්ලා සිටින්නේ,
එසේ මෙසේ අමාත්‍යවරයෙක් නෙවෙයි අපේ රටේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා..
5 Viewers





