පුජ්‍ය බලංගොඩ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගවිනිසුරු අමතා මෙසේ ප්‍රකාශ කරන ලදි.
ඔබතුමන්ලා ධර්මය නොදන්න නිසා තමයි,
105(4) යටතේ වෙනම අධිකරණයක් අපිට පිහිටුවන්න කියලා ජනතාව විසින් පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ. මොකද ධර්මය නොදන්න ඔබතුමන්ලාට බුදුදහමේ එන සියුම් කරුණු වටහා ගන්න බැහැ.
එම අධිකරණයේ විනිසුරුවරු පත්කරීමේ බලය තිබෙන්නේ ජනාධිපති හෝ එම නීතියෙන් පනවන වෙනත් අයට. එය සදහන්ව තිබෙන්නේ 105(4) ආ අනුව්‍යවස්ථාවේ.
එම අධිකරණය තමයි දැනට අවුරුදු 2500 ක් පුරාවට පවත්වාගෙ එන පවත්වාගෙන යන පොහොය ගෙය. එහි මාර්ගෝපදේශ අනුව වයස විනිසුරුවරයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව මනින සාධකය නොවේ. ධර්ම විනය ගැන ඇති අවබෝධයත්, සම්‍යක් ප්‍රඥාව හා සම්මා සතිය තමයි විනිසුරුවරයෙකුට තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන්නේ. එය සදහන්ව තියෙන්නේ 09 වන ව්‍යවස්ථාවේ එනම් සතිපට්ඨාන සූත්‍රයේ.
105(4) සදහන් අධිකරණය පිහිටුවා තිබුණා නම් මෙම කාරණය ගැන අපිට මාර්ගෝපදේශ එම අධිකරණයෙන් ගන්න තිබුණා. එසේ නොපිහිටවපු නිසා තමයි අපි මෙම අධිකරණයට වැඩම කලේ.
අධිකරණයේ ස්වාධීනත්වය කතා කල හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය සමඟයි. එවිට බුද්ධශාසනයට අගතිදායක දෙයත් සිදුකරන්න ව්‍යවස්ථාදායකට විධායකයට හා අධිකරණයට හැකියාවක් නෑ.
ඒ බව SC/SD/22/2023 ආර්යුවේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ නඩුවේදී මෙම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දුන් නඩු තීන්දුවේ සදහන්ව තිබෙනවා.
නමුත් 107(5) සංශෝධනය කිරීමේදී 09 වන ව්‍යවස්ථාවට අනුව පැනවූ නීති උල්ලංගනය කරනවා. එය බුද්ධශාසනයට සිදුකරන ඍණාත්මක බලපෑමක්. බුද්ධ ශාසනයට ඍණාත්මක බලපෑමක් සිදුකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්.
එනිසා 107(5) වගන්තිය 22 වන ව්‍යවස්ථාවෙන් සංශෝධනය කිරීමෙන් 09 වන ව්‍යවස්ථාව උග්ගංඝනය වෙනවා.
09 වන ව්‍යවස්ථාව උග්ගංඝණය වන නීති පනවන්න පාර්ලිමේන්තුවට බලයක් නෑ. ඒ බව 83(අ) ව්‍යවස්ථාවේ සදහන්ව තිබෙනවා. එමනිසා මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.
එනිසා මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයකට යා යුතුයි.
තව ද ඔබතුමන්ලා අධිකරණ තීන්දුවත් ලියන විට
*I write this judgement after been mindful of the fact and the law* යනුවෙන් ලියනවා. මෙහි mindful යනු මනා වූ සිහියයි. එය 09 වන ව්‍යවස්ථාවේ සදහන් සතිපට්ඨාන සූත්‍රයයි. එනිසා බෞද්ධ මූලධර්ම නොසලකා තීරණ ගැනීමේ හැකියාවක් මෙම අධිකරණයට නැහැ.
16 වන ව්‍යවස්ථාවට අනුව ලිඛිත හා අලිඛිත නීති ද ක්‍රියාත්මකයි. ඒ අනුව ගත්කල ඉතිහාසයේ රජවරු මෙසිරිලක නොබෝසත් නොරජ් වම්හ යැයි සදහන්ව තිබෙනවා. අතීතයෙ නඩු ඇහුවේ රජු. නමුත් වර්තමානයේ විනිසුරුවරු හරිනම් අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුත් බෝධිසත්වවරු වෙන්න ඕන.
කෙසේ නමුත් මෙවන් අත්තනොමතික තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නේ පදකුසලමාණව ජාතකයේ මෙන් ජනතාව තීන්දු තීරණ ගැනීමයි.
ඉතිරි කරුණු ලිඛිත දේශණයෙන් දක්වන්නම් විනිසුරුතුමනි, යනුවෙන් පවසා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අදහස් දැක්වීම අවසන් කළහ.
අගවිනිසුරු විසින් මෙම ප්‍රශ්ණය නැගීමට පෙර පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මේසේද ප්‍රකාශ කරනු ලැබුවා.
මම මෙතැනට වැඩම කලේ බුදුරජාණන් වහන්සේගේ නියෝජිත භික්ෂුවක් ලෙස හා 09 ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාපිතව මා වෙත පැවරී ඇති යුතුකම ඉෂ්ඨ කිරීමට
මේ යෝජනාව ගෙන එන්නේ කවුද.?
ජනාධිපතිතුමා හා ව්‍යවස්ථාදායකය
අරමුණ ලෙස ඔවුන් සදහන් කරන්නේ කුමක් ද.?
මෙම සංශෝධනය ගෙන එන ව්‍යවස්ථාදායකය ප්‍රකාශ කරන්නේ විශ්‍රාම යාමේ වයස වැඩිවන වනවිට අත්දැකීම් වැඩි නිසා ඉක්මනින් නඩු කටයුතු නිමා කරන්නට මෙකී සංශෝධනය රැගෙන එන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යනුවෙන් සදහන්ව තිබෙනවා. එහි බුද්ධශාසනය යනු පරියත්ති පටිපත්ති පටිවේද යන ත්‍රිවිධ ශාසනය බව ආර්යුවේද සංශෝධන පනත් කෙටුම්පත තීරණව කිරීමේ නඩුවේදී SC/SD/22/2023 දරන නඩුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
එම නඩු තීන්දුවේදී *භේසජ්ජ* යන වචනය යෙදීම නිසාම එය ත්‍රිවිධ ශාසනයට කරන නිගරුවක් සේ එනම්, බුද්ධ ශාසනයට ඍණාත්මක බලපෑමක් සිදුවන බව සලකා 09 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් පනත් කෙටුම්පත ජනමත විචාරණයට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා.
එයින් ගම්‍යමාන වන්නේ බෞද්ධ මූලධර්ම මත පිහිටා අධිකරණය ද තීරණ ගතයුතු බවයි. එයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ 09 ව්‍යවස්ථාවේද සාරය වන්නේ.
පරියප්ති ශාසනයේ ත්‍රිපිටකයේ මහාසාරෝපම හා චූලසාරෝපම සූත්‍රයන්හි සදහන් වන්නේ ගසක අරටුව හොයන්නා සේ කරුණේ සාරය සෙවිය යුතු බවයි.
නමුත් ඉක්මනින් නඩු කටයුතු නිමා කරන්නට නම් ප්රඥාවයි වැදගත්. එනිසා වයස්ගත වූ පමණින් ප්‍රඥාව ලැබෙන්නේ නෑ. ප්‍රඥාව ලැබෙන්නට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.
මොකද පොහොය ගෙය තුල විනිසුරුවරයෙකු ක්‍රියා කරන්නේ ධර්ම විනය මත පිහිටා මනා වූ සිහිණුවනින් මා සම්‍යක් ප්‍රඥාවෙන්.
සතිපට්ඨාන සූත්‍රයට අනුව අරහත්වය ලබන්න දින හතක අවමයට හා අවුරුදු 07 ක උපරිමයකට යටත්ව පුළුවන්. එනම් වයස්ගත වන තෙක්ම ප්‍රතිපදාවේ නයැලෙන්න අවශ්‍ය නැහැ තීන්දු තීරණ ගැනීමේ හැකියාව දියුණු කරගැනීමට.
එනම් 09 වන ව්‍යවස්ථාවෙන් සදහන් කරන්නේ වයස තීන්දු තීරණ ගැනීමේ හැකියාව මනින සාධකව නොවන බවත් ප්‍රඥාව වර්ධනය වීම එහි ප්‍රධාන සාධකය බවත්ය.
එනිසා 107(5) ව්‍යවස්ථා සංශෝධනය කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වගන්තියේ සාරය 09 ව්‍යවස්ථාව සමග ගැටෙනවා. එව්ට 83(අ) ව්‍යවස්ථාවට අනුව එවැන් සංශෝධන ගෙන ඒමට නම් ජනමතවිචාරණයටකට යා යුතුයි.
එබැවින් 22 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යා යුතු බව අප ප්‍රකාශ කර සිටිනවා.
0 Viewers





