මාලිමාවේ අනීතික වැඩවලට සම්බන්ධ වන නිළධාරීන්ට ජාත්‍යන්තර සම්බාධක?
ජනාධිපති අනුර 22වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට රටේ රාළ කිව්වේ අනුර ඉල්ලං කන්න හදන්නේ කියලා.22 වෙනි සංශෝධනය පරාජය කරන්න විපක්ෂ නායක සජිත් ඉදිරිපත් වෙයි කියලා රටේ රාළ කවදාවත් හිතුවේ නෑ සහ හිතන්නෙත් නෑ.අනුර සහ සජිත් දෙන්නම ඉන්නේ 22කට පක්ෂ ස්ථාවරයේ.සජිත් ඒක කරන්නේ හිතට එකඟව නොවෙන්න පුළුවන්.
අනුර පිටින් සහ ඇතුලෙන් දෙකෙන්ම 22කට බැහැලා වැඩ.සජිත් 22කට ඇතුලෙන් සහ පිටන් දෙකෙන්ම විරුද්ධ උනත් අනුර සජිත් black mail කරලා නිසා දී ඇති සීමාව ඇතුලේ කටයුතු කරන්න වෙලා.22ක සම්බන්ධව සජිත් පිටතින් පෙන්වන දියාරුකම හින්දා දේශපාලනය තේරෙන කෙනෙකුට නං සජිත් පත්වෙලා තියන අසරණකම කියවාගන්න පුළුවන්.
සජිත් කියන්නේ අනුරටත් වඩා දේශපාලන තක්කඩියෙක්.සජිත් හිතාමතාම 22 කට එරෙහිව මතුවෙන්න නියමිතව තිබුණ මහජන අරගලය දියාරු කරලා කුඩුපට්ටම් කළා.විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු කරලා සටන අතට ගන්නවා වගේ පෙන්නලා සටන පාවා දුන්නා.අන්තිමට සජිත්ගේ බත්බැලයෝ කියන්න පටන් ගත්තේ විපක්ෂයේ ඉන්න හොරු එක්ක එකම වේදිකාවට නගින්න සජිත්ට බෑ කියලා.
හොරකමේ චෝදනා එල්ලවුන ඕනිම කෙනෙක් අධිකරණයකින් වැරදිකාරයෙක් කරන තුරු ඔහු හෝ ඇය නිර්දෝෂයි.ඒක තමයි ලංකාවේ නීතිමය පිලිගැනීම.හැබැයි දැන් සජිත් චෝදනා තියන සියලු දෙනාම ජෙප්පෝ වගේ හොරු කරලා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න ඕනි පාර වහලා.චෝදනාවක් ඉදිරිපත්වුන පමණින් හොරෙක් නම් සජිතුත් නියම හොරෙක්.සජිත්ගේම අර්ථයෙන් සජිත් හොරෙක්වෙලා ඉවරයි.
ඒක නිසා සජිත්ට තියන චෝදනා ෆයිල් එලියට දාන්න රටේ රාළ ලෑස්තියි.මොකද පාවා දෙන අයට සමාවක් දෙන්න හොඳ නෑ. නන්දා මාලනීගේ සින්දුවක් තියනවා ” පාවා දෙන එවුන් මූණට කෙල ගහනු ” කියලා.නන්දා කියලා තියෙන්නේ පාවා දෙන අයට දෙන්න ඕනි උපරිම දඩුවමක් ගැන.ඒත් අපිට එහෙම කරන්න බෑ.
සජිත්ගේ විපක්ෂය නැති උනත් අනිත් විපක්ෂ කණ්ඩායම් තමන්ට හැකි පමණින් 22කට විරෝධය දැක්වුවා.හැබැයි ඒක මදි.ඊට වැඩිය දෙයක් එයාලට කරන්න තිබ්බා.රනිල්,නාමල්,දිලිත් උනත් 22ක අවශ්‍ය බරෙන් ගත්තේ නෑ.කොහොම උනත් අපේ රටේ ආගමික සංස්ථාව (බෞද්ධ හා කතෝලික), වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති,සමාජ මාධ්‍ය,සිවිල් සමාජ ක්‍රියාකාරීන් 22ක ගැන සැලකිය යුතු විරෝධයක් දැක්වුවා.
ඒ කිසිවක් අනුර ශත පහකට ගනන් ගත්තේ නෑ.ඒකට හේතූව සජිත්ගෙන් හිමිවුන අප්‍රකාශිත සහයෝගය වෙන්නත් පුළුවන්. සජිත් සහ අනුර කියන්නේ බෙදුම්වාදය,වහබ්වාදය සහ බෝන් එගේන්වාදය ඇතුලේ හිරවුන මස්ත බාල්ලු චරිත දෙකක්.
22ක තවම සම්මත කරලා නෑ.හැබැයි අත්තනෝමතික විදිහට 22 සම්මත කරගැනීමේ ඉඩ වැඩියි.දැනට 22 ක නවත්තනවා නම් තියන එකම ක්‍රමය 22කට අවශ්‍ය තුනෙන් දෙක පාර්ලිමේන්තුවෙන් ගන්න නොදීම.ඒකට මාලිමා මන්ත්‍රීලා 12 ක් වත් ඡන්දය දීමෙන් වැලකී ඉන්න ඕනි.නැත්තං එදාට absent වෙන්න ඕනි.
දැනටමත් මාලිමා මන්ත්‍රීලා පිටිපස්සේ ඩයි සීයගේ M&M ඔත්තු සේවය පන්නනවා.යන එන තැන්,හම්බවෙන අය ගැන daily report එකක් දෙන්න ඕනි.මෙතනදී හරිනි එක්ක ඉන්න කණ්‌ඩායමට තමයි ඒක කරනවා නං කරන්න පුළුවන්.22 ක සම්මත උනත් නැතත් දැන් මේ රටට වෙන්න ඕනි ලොකුම හානිය වෙලා ඉවරයි.
අපේ රටේ ජනතාවට අධිකරණ සම්බන්ධව තිබුණ විශ්වාසය 75%කින් විතර අඩුවෙලා.රටේ රාළට නං 95%කින් විතර අඩුවුනා. ඇත්තටම දැන් අධිකරණය ස්වාධීනයි,අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ වෙනවා කියලා පේන්නේ නෑ.22 ක සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම විභාග වීම නීරික්ෂණය කරන්න ආපූ පොදුරාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ සභාපති කියපු කතාවෙන් ඇඟ හිරිවැටෙනවා.
ඒ කතාව අහපු කෙනෙක් නං ආයෙත් අපේ රටේ අධිකරණ ගැන විශ්වාසය තියයි කියලා හිතන්න බෑ.මෙතනදී යුක්ති සහගත තීන්දු දෙන විනිශ්චයකාරවරුන්ටත් අගතියක් වෙනවා.පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ සභාපති කියන විදිහට අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැසිරීම එහෙම නං එතනින් පහල ගැන අපි විශ්වාස කරන්නේ කොහොමද?
නඩුව විභාගය ඉවරවුනාට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ සභාපති කිව්වේ දැනට සුළු වෙලාවකට උඩදී සිද්ධවුනේ ඉතා අවාසනාවන්ත සිද්ධියක් කියලා.එයා පලවෙනියටම පුදුම උනේ ඇයි මේ නඩුවට full bench එකක් දුන්නේ නැත්තේ කියලා.ඊළඟට එයා වීමතිය පලකලේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් ආවේ නැත්තේ මොකද කියන එකට.
ඊළඟට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින්ට පිලිතුරු දෙන්න අවශ්‍ය උන හැම වෙලේම වාචික පිලිතුරු දෙන්න දීලා නෑ.සියල්ලම ලිඛිතව දෙන්න කියලා.එයා කියන විදිහට මේ වගේ නඩුවකදී චාචිකව පිලිතුරු දීම අනිවාර්ය උනත් එකට අවස්ථාව දීලා නෑ. දැන් කොහොමත් එයා මේ කතාව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයට කියනවා.ඒකෙන් දැවැන්ත ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙනවා.
දැනටමත් යුරෝපා සංගමයේ රටවල්වලින් දැඩි විරෝධයක් එල්ල වෙනවා.ඒ වගේම එළැඹෙන සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ වෙන්න නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධ වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කරලා තියනවා.
ඒ වාර්තාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පෙන්වා දෙන්නේ,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා ගොනුකිරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම් සිදුකිරීම හේතුවෙන් ඒ පනත සඳහා අත්හිටුවීමේ කාල සීමාවක් පනවා ඉක්මනින් අහෝසි කරන්න කියලා.
මේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම ගැන අති විශාල පොරොන්දු දුන්න ආණ්ඩුවක්.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු හමුදා සහ සිවිල් බුද්ධි අංශ නිලධාරීන් විසින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය මට්ටමේ ඔත්තු බැලීම්,බිය ගැන්වීම් සහ පළිගැනීම් සිදුකෙරන බවත් වාර්තාවේ සදහන් කරනවා.
මේ පාර මානව හිමිකම් වාර්තාව මගින් මේ ආණ්ඩුවේ කෲරත්වය එලියට දාලා තියනවා.රටේ රාළ ඉල්ලං කනවා කියන්නේ ඕකට. ආණ්ඩුව ළඟදීම ලොකු ජාත්‍යන්තර ඉල්ලං කෑමකට ලෑස්තියි වෙනවා.අපේ රටට ආර්ථික සම්භාධකවලට මෙහා විශාල කොන්දේසි ටිකක් වැටෙන්න පුළුවන්.GSP + වගේ සහන බරපතල අවධානමකට ලක්වෙන්න පුළුවන්.දැවැන් ජාත්‍යන්තර හුදකලා වීමක් අත ළඟ.
මේවාට සම්බන්ධව වන දේශපාලකයින්ට අමතරව විනිසුරුවන්, පොලිස්පති ඇතුළු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිළධාරීන්ට,අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ඉහල නිළධාරීන්ට ජාත්‍යන්තර වශයෙන් සම්බාධක වැටීමේ අවධානමක් තියනවා.එයාලා පිට රටකට වීසා එකක් ගහගන්න බැරි මට්ටමට වැටෙන්න පුළුවන්.
රටක් විදිහට අපි විතරක් නෙවෙයි පුද්ගලයෝ විදිහට අනුර ඇතුළු මාලිමා නායකයන් සහ එයාලගේ පදයට අනීතික වැඩ කරන නිළධාරීනූත් ලොකු ඉල්ලං කෑමක් කනවා.මේකේ තියන ලස්සනම දේ තමයි ඊළඟ ඉල්ලං කෑම එන්නේ රටෙන්.රටේ ජනතාවගෙන්.ජනතාව පාරට ඇවිත් කට්ටිය හොයනකොට, මන්දිර වටකරනකොට,පිටරටකටවත් පැනගන්න බැරි විදිහට black list වෙලා තිබුනොත් දෙයියන්ගේ පිහිටම තමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
2 Viewers





