සිංහලයාගේ අවසානය?
මාලිමා වෛරී රා කළ හතම පානය කර උමතු වී දඟලන නූගත් සිංහල නාලාගිරියන්ට කිසිසේත් මේ පින්තූරවල යටිපෙළ කියවාගත හැකි වෙතැයි මම නොසිතමි. එහෙත් එය ලියා අහවර කර මම මාගේ හෘද සාක්ෂියෙන් නිදහස් විය යුතු හෙයින් මෙය ලියා තබමි.
ඊයේ ජනාධිපතිවරයා කතෝලික, ඉස්ලාම් සහ හින්දු ආගමික නායකයන් කැඳවා මේ රටේ නැවත ජාතිවාදයට ඉඩක් නොමැති බවට සපථ කර ඇත. ඔහු මීට පෙර උතුරට ගොසින් කීවේද නැවත ජාතිවාදීයට ඉඩ නැති බවයි. උතුරට සිල් ගන්න බෞද්ධයන් එන්නේ වෛරයෙන් බවද ඔහු එහිදී කීවේය.
පසුගියදා බේරුවලට ගිය පැලවත්තේ කොමියුනිස්ට් මුල්ලාවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ අලුත්ගමට අවුරුද්දකට වරක් පහර නොදුනහොත් නින්ද නොයන පිරිසක් සිටියද දැන් ඊට ඉඩ නැති බවයි. මේ සියලු ප්‍රකාශ සිංහලයා ඉලක්ක කළ සිංහලයා ජාතිවාදී ම්ලේච්ඡයෙකු යැයි ප්රසිද්ධ්යේ නින්දා කිරීමකි.
මේ රටට පැමිණි කතෝලිකයන් මුස්ලිම්වරුන්ට පහර දෙමින් සංහාරය කරද්දි උන්ට ගම්බිම් දී රැකගත්තේ සිංහලයාය. කතෝලිකයන්ට ලන්දේසින් පහර දෙන විට උන් රැක්කේද සිංහලයාය. ප්රභාකරන් උතුරේ සිංහලයන් පලයා හැර මහා විනාශයක් කරද්දි වැලවත්තේ දෙමළ ජනතාව නිදහස ජීවන් වන්නේ සිංහලයන් මැදය.
එහෙත් සිංහලයා අද ජාතිවාදී ම්ලේච්ඡයකු කර පාගා දමමින් බිත්තියට හේත්තු කර ඇත. අයිසිස් ත්‍රස්තවාදය එල්ල කළ පාස්කු ප්‍රහාරයට පවා වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ සිංහල බෞද්ධ නායකයන්ටය.
ජනාධිපතිවරයා ජාතිවාදයට ඉඩ නැතැයි පවසන අතර මුස්ලිම් අන්තවාදයට එරෙහි වූ ඥානසාර හිමිට නැවත ජම්පරය අන්දන්නට සූදානම් වෙයි. උතුරේ සිංහලයන්ට එකම සරණ බවට පත්න ඇති අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවේය.
පාර්ලිමේන්තුවේ කොටි සමරමින් ඇත. සිංහල අලුත් අවුරුද්ද වර්ජනය කර කතෝලික, ඉස්ලාමි හින්දු උත්සව රාජ්‍ය අනුග්‍රහයෙන් මහ ඉහළින් සමරමින් ඇත. ඔවුන්ගේ ඇතැම් සුළු උත්සව රාජ්‍ය අනුගුහයෙන් පළාත් මට්ටමින් සමරනු දැකගත හැකි විය.
කොටි පරාජය කළ දේශපාලන සහ හමුදා නායකත්වයට දිය හැකි සියලු දසවධ දෙමින් ඇත. සිංහලයන් වෙනුවෙන් සටන් කළ සුරේෂ් සලේ ජීව්තයෙන් ඊට වන්දි ගෙවමින් ඇත. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය වේගයෙන් විනාශ කරමින් ඇත. එම උරුමය රැකගන්න පෙරට එන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් මාරු ලැබෙයි.
මෙලෙස රට දැය සමය විනාශ කරන අතර වෛරී සිංහල කාලකන්නි සතුටු කිරීමට පාරට බැස පෙරහැර බැලීම, හිටපු පාලකයන් අල්ලස් කොමිසට සහ උසාවිවලට කැඳවීම, බොරු නඩු දැමීම ආදී ඇස් බැන්දුම් කරමින් දිගින් දිගටම ජාතියට වළ කපමින් ඇත.
මම නැවතත් කියන්නේ, මේ සිංහලයා සිය ඉතිහාසයේ මුහුණ දෙන භයානකම ආක්රමණිකයා බවයි. එය එතරම් සියුම් සූක්ෂ්ම ආක්රමණයකි. මෙය කෙතරම් භයානක ආක්‍රමණයක් දැයි කිවහොත් එය එළාර ආක්රමණයටත් වඩා සූක්ෂ්මය. සියුම්ය.
එහි හතරමායිම් තරමක් හෝ වටහා ගන්නට ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු නවකතාව සියුම් ලෙස කියවිය යුතුය. තේරුම් ගත නොහැකි නම් වරක් නොව කිහිප වරක් කියවිය යුතුය.
වර්තමාන ආක්‍රමණය එළාර ආක්රමණමයටත් වඩා භයානකය. ඉසියුම්ය. ආක්රමණිකයා වර්තමානයට සහ අනාගතයට පමණක් නොව අතීතයටද බලපාන ආකාරයට ජාතියෙන් පළිගනිමින් ඇත. ඔහු සිය දරුණු ආක්‍රමණය දියත්කර ඇත්තේ කළගුණ නොදත් ජඩ සිංහල මනස වෛරයෙන් උමතු කොට භයානක නින්දක තබමිණි.
ඉතින් උඹලා ඇහැරෙන විට උඹලාගේ දරුවන්ට මේ රටේ වහලුන් ලෙස ජීවත් වන්නට අවශ්‍ය පදනම දමා අවසන්ය. එවිට තොපගේ සොහොන්වලට උන් හෙණ ඉල්ලනු ඇත. 2015 ඇරඹෙන සිංහලයාගේ මළගමට එදාද 2024ද මම වචනයකින් හෝ දායක නොවීමි. එහෙයින් දවසක නිදහසේ මිය යා හැකිය.
4 Viewers





